සේද්‍රිස් භාර අරමුදල නමින් නව භාර අරමුදලක් පිහිටුවීම.

සිය පවුලට සම්බන්ධ අභාවප්‍රාප්ත සියලුම පින්වතුන්ට පින් පිණිස සහ ඒ පින්වතුන් අනුස්මරණය පිණිස සේද්‍රිස් භාර අරමුදල නමින් අධ්‍යාපන, සදාචාර, සෞඛ්‍ය සහ ආර්ථික යන අංශ හතර ක්‍රියාවට නැංවීම සඳහා භාර අරමුදලක් පිහිටුවීමට අදාලව ඇමරිකා එක්සත් ජනපදයේ පදින්චි නෙළුන් සේද්‍රිස් මැතිනිය විසින් ධර්ම විජය පදනමට රුපියල් මිලියන 9 ක් පරිත්‍යාග කරන ලදී. උක්ත භාර අරමුදලේ ගිවිසුම අත්සන් කිරීම 2024.04.25 දින අදාළ දානපති  පාර්ශවය වෙනුවෙන් ඇටර්නි බලයලත් චන්ද්‍රානි අංජලී සේද්‍රිස් මහත්මිය සහ එතුමියගේ ස්වාමිපුරුෂයා, අනුශාසක ස්වාමීන් වහන්සේ සහ භාරකාර සභික සමාජික සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන්  සිදු කරන ලදී. ගරු අනුශාසක ස්වාමීන් වහන්සේ විසින් සහභාගි වූ පිරිස සඳහා අනුශාසනාවක් සිදුකර පින්දීම ද සිදු කරන ලද අතර එම අවස්ථාවේ ඡායාරූප කීපයක් පහතින් දැක්වෙයි.