“ස්වර්ණ ජයන්තිය”
ධර්මවිජය පදනම
2029

අතිපූජ්‍ය මඩිහේ පඥාසිහ මහානායක ස්වාමින් වහන්සේගේ “මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු” යන උදාර පරමාර්ථය ඉටුකර ගැනීමට ආරම්භ කළ “ධර්මවිජය වැඩසටහනට” 2029 වසරේ දී අවුරුදු 50 ක් සපිරේ. එම පරමාර්ථය ඉටුවන ධර්මවිජය සමාජ පද්ධතියක් ඇතිකර “ස්වර්ණ ජයන්තිය” සැමරීම සඳහා ධර්මවිජය සමාජ නගාසිටුවීම පිණිස පස් අවුරුදු සැලසුම්සහගත ප්‍රායෝගික වැඩ පිළිවෙලක් දියත් කිරීමට ධර්මවිජය පදනමේ භාරකාර මණ්ඩලය තීරණය කොට ඇත.

යෝජිත වැඩසටහනට සමගාමිව 2024 ඔක්තෝබර් මස 05 දින මොනරාගල දිස්ත්‍රික්  කේන්ද්‍රීය මධ්‍යස්ථානය පිහිටි බිබිල ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ දී මොනරාගල දිස්ත්‍රික්කය තුල  පවත්වාගෙන යනු ලබන ධර්ම විජය සමාජ 13කට අයත් සාමාජික සාමාජිකාවන් පිරිසක් සමග එම ධර්මවිජය සමාජයන්හි ගෞරවනීය සභාපති ස්වාමින්  වහන්සේලා මොනරාගල ධර්මවිජය කේන්ද්‍රීය මධ්‍යස්ථානයට එක්රැස් වූ වගයි.

ධර්ම විජය පදනමේ පදනමේ ගරු සභාපති, ගරු ලේකම් ඇතුළු භාරකාර මණ්ඩලයේ විධායක සභික මහත්ම මහත්මීන් ද  සහභාගී වූ  අතර එම සම්මන්ත්‍රණයේ විශේෂ  අවස්ථාවන් දැක්වෙන   සේයා  රූ සටහන් කිහිපයක් පහතින් දැක්වේ.