ශාස්ත්රිපත්රි සිරි වජිරාරාමයේ ඤාණසීහ ස්වාමීන් වහන්සේ
ධර්මවිජය පදනමේ ආරම්භක සභාපති මෙන් ම වසර 31 ක් එහි සභාපති ධූරය දැරූ දේශබන්ධු ඕල්කට් ගුණසේකර මහත්මා වර්ෂ 2015 මාර්තු 05 වන දා බම්බලපිටියේ සිරි වජිරාරාමයේ දී ඤාණසීහ නමින් උතුම් පැවිදි දිවියට ප්‍රවිෂ්ට වූහ. එම වසරේ දී ම අප්ර්රල් 01 වන දින මහරගම සිරි වජිඤාණ ධර්මායනස්ථ බද්ධ සීමා මාලකයෙහි උත්තරීතර මහානායක පදවිය හොබවන අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද මහානායක ස්වාමීන් වහන්සේ විහාරාධිපතිත්වය දරන බම්බලපිටිය සිරි වජිරාරාමයේ වැඩ වාසය කරති. 2016 වර්ෂයේ පැවැති ධර්මවිජය පදනමේ පැවැති මහා සභා රැස්වීමේ දී මහානායක ස්වාමීන් වහන්සේ කළ යෝජනාවකට අනුව උන්වහන්සේ ධර්මවිජය පදනමේ ගරු අනුශාසක ධූරයක් හොබවමින් සෑම බ්‍රහස්පතින්දා සවසකම ධර්මවිජය පදනමට වැඩම කරති.
උන්වහන්සේ සතු පළපුරුද්ද හා පුඵල් දැනුම ලබා ගැනීමේ අටියෙන් බුද්ධ ශාසන කාර්යය සාධක මණ්ඩලය විසින් කරන ලද විශේෂ ආරාධනාවකට අනුව එහි සම්මානනීය සාමාජිකත්වය දරමින් රට දැය සමය වෙනුවෙන් ගනු ලබන තීරණ හා කටයුතු වල දී තම දැනුම ලබා දෙනු ලැබේ.
සිංහල බසින් පමණක් නොව ඉංග්‍රීසි බසින් ද ධර්මය දේශනා කිරීමෙහි ලා දස්කම් ඇති හිමි නමක් වන උන්වහන්සේ විසින් සිංහල බසින් හා ඉංග්‍රීසි බසින් දහම් පොත් කිහිපයක් ද රචනා කර ඇත්තේ හුදෙක් දෙස් විදෙස් හි බුදු දහම අගයන ජනයා වෙනුවෙනි
ගිහි අවධියේ දී අමරපුර මහානිකායයේ උත්තරීතර මහානායක අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන් වහන්සේගේ සම්භක්ත දායකයකු ලෙස උන්වහන්සේ ඇරඹූ විවිධ ශාසනික හා සමාජ කටයුතු විෂයෙහි උර දී ළබැඳිව ක්‍රියා කළ එතුමන් බුදුපියාණන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගයට අනුගතව ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය හා සදාචාර යන චතුර්විධ සංවර්ධන ක්‍රියාවලියක් ඇති ධර්මවිජය වැඩපිළිවෙල සමාජගත කිරීමේලාත්, යහ පාලනයකට යා වන රාජ්‍ය පරිපාලනයක් ඇති කිරීමේලාත් දැරූ මාහැඟි ප්රයත්නය මෙයිනිදු බෙහෙවින් විත් වන බව සඳහන් කළ යුතු ය.
2550-2007 වසරෙහි අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත මහානිකායට වසර 200 ක් පිරීම නිමිත්තෙන් පැවැත්වුණු වෙසෙසි සමරු ඕල්කට් ගුණසේකර මහතාණන්ගේ ශාසනික හා සමාජ මෙහෙවර සළකා ධම්මවිජිතාවේ ශාසන රංජන යන ගෞරව නාමය එතුමාට පිරනමන ලදි.ඕල්කට් ගුණසේකර ළදරුවා පියතුමාගේ රාජ්‍ය සේවා ස්ථාන මාරු අනුව ගාල්ල, හැටන්, මහනුවර හා කොළඹ යන පාසල් කිහිපයකින් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ, කොළඹ රාජකීය විදුහලෙන් ද්වීතීක අධ්‍යාපනය ලැබූ ඕල්කට් ගුණසේකර තරුණයා 1953 දී පේරාදේණිය ලංකා විශ්ව විද්‍යාලයට පිවිස එහි දී පෙරදිග ඉතිහාසය පිළිබඳ පළමුවන පන්තියේ සාමාර්ථයක් සහිතව ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය ද 1957 දී ඉන්දියානු ඉතිහාසය පිළිබඳව ඉන්දියා රජයෙන් පිරිනමන ලද ”අශෝක්” ත්‍යාගය ද හිමි කර ගැනීමට සමත් විය. ඉන් පසු කැළණි සරසවියේ පාලි හා බෞද්ධ අධ්‍යනය පශ්චාත් උපාධි ආයතනයෙන් උසස් සාමාර්ථය සහිතව ශාස්ත්‍රපති උපාධිය ලද ඕල්කට් මහතා 1975 දී ඇමරිකාවේ ස්ටෑන්ඩර්ඞ් විශ්ව විද්‍යාලයෙහි කළමණාකරණය පිළිබඳ පුහුණුවක් ද ලැබුවේ ය.
1958 දී ඕල්කට් ගුණසේකර මහතා ලංකා සිවිල් සේවාවට ඇතුළත් වූයේ ය. එමඟින් අධ්‍යාපන අමාත්‍යංශයේ සහකාර ලේකම්, රාජ්‍ය භාෂා නියෝජ්‍ය කොමසාරිස්, පසුව වැඩ බලන කොමසාරිස්, මහා භාණ්ඩාගාරයේ අතිරේඛ ආයතන අධ්යක්ෂ, සමූපකාර මහ කොමසාරිස් යන තනතුරු හා සමූපකාර කළමණාකරණ සේවා මධ්‍යස්ථානයේ සභාපති තනතුර ද දරමින් එතුමා සිය රාජ්‍ය පාලන සේවා දක්ෂතා මැනවින් දැක්වීය.
1981-1991 කාලය තුළ එතුමා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සමූපකාර ග්‍රාමීය ආයනයේ අලෙවි හා ණය පිළිබඳ කලාපීය උපදේශකවරයා වශයෙන් ද වරින් වර සේවය කළේ ය.එතුමා ආගමික හා සමාජ සේවාවන් හි යෙදෙමින් සිදු කළ ස්වේච්ඡුා මෙහෙවර විශිෂ්ඨතරය. ධර්මවිජය පදනමේ සභාපති තනතුරට අමතරව ශ්‍රී ලංකා අමද්‍යප මහා සභාවේ නියෝජ්‍ය සභාපති තනතුර ද, ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සංගමයේ උපසභාපති තනතුර ද හෙබවීය. ඒ හැරෙන්නට බුද්ධ ශාසන කාර්යය සාධක මණ්ඩලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු හා මධ්‍යසාර පිළිබඳ ජාතික සංවිධානයේ හා දුම්කොළ පාලනය සඳහා වූ නීතිමය පිළිබඳ රාමුව පිළ`බඳව ජාත්‍යන්තර සංවිධානයේ විධායක සභිකයෙක් ලෙසද කටයුතු කළේ ය. වර්ෂ 2001 දී පිහිටු වන ලද බුද්ධ ශාසන ජනාධිපති කොමිසමේ සාමාජිකයෙකු ලෙස ද, ඉන් අනතුරුව සම්මත කර ගන්නා ලද මද්‍යසාර හා දුම්කොළ පිළිබඳ ජාතික අධිකාරී පනත උදෙසා පසුබිම සැකසූ මද්‍යසාර හා දුම්කොළ පිළිබඳ ජනාධිපති කමිටුවේ සාමාජිකයෙකු වශයෙන් ද එතුමාගෙන් සිදු වූ විශිෂ්ට මෙහෙය විද්වතුන්ගේ ප්‍රශංසාවට බඳුන් විය.
2015 වර්ෂයේ දී රජයේ සහයෝගයෙන් ලංකවේ පැවැත්වුණු අන්තර්ජාතික බෞද්ධ සම්මන්ත්රණ කිහිපයක් ම සංවිධානය කිරීමෙහි පුරෝගාමී දායකත්වයක් ලබා දුන් ගුණසේකර මහතා 2550 බුද්ධ ජයන්ති උපදේශක කමිටුව හා අනුකමිටු වල ද ක්‍රියා කරමින් වෙසෙස් සහයෝගයක් ලබා දුන්නේ ය. බුදු දහම ශාසන ඉතිහාසය දුම්කොළ හා මද්‍යසාර සමාජ සේවා වැනි විෂය සම්බන්ධයෙන් සියයකට වැඩි ගනනක් ලිපි සම්පාදනය කර ඇති මෙතුමා විසින් කරන ලද ජාතික සේවාව ඇගයීම් වශයෙන් 2005 දී ශ්‍රී ලංකා රජය විසින් දේශබන්ධු යන ගෞරව නාමයෙන් ද එතුමා පුදනු ලැබුවේ ය.
ඕල්කට් ගුණසේකර මහතාගේ ශාසන හා සමාජ සේවාව වඩාත් පුඵල් අතට විහිදුනේ පරම පූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක මාහිමිපාණන්ගේ සමීපාශ්‍රය තුරුණු වියේ සිට ලැබීම නිසා යැයි කිවහොත් ඉතා නිවැරදි ය. වෙසෙසින්ම 1964 දී මහා නාහිමිපාණන් සමඟ කළ ලෝක අධ්‍යාපන චාරිකාව එතුමාගේ ජීවිතයේ වැදගත් අත්දැකීමකි. මහානාහිමිගේ ශාසනික ආකල්ප, සිතුම් පැතුම් හා සැළසුම් ගැඹුරින් තේරුම් ගත් ගුණසේකර මහතා ඒවා මහරගම සිරි වජිරඤාණ ධර්මායතනස්ථ ශාසන සේවක සමිතියේ හා ධර්මවිජය පදනමේ දායකත්වයෙන් ක්‍රියාත්මක කිරීමෙහි දී ලබා දුන් බුද්ධිමය සහාය වෙසෙසින් සඳහන් කළ යුතුය.
අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ ආරම්භ කළ තුරුණු සවිය වැඩපිළිවෙල බෞද්ධ තොරතරුැ මධ්‍යස්ථානය, සම්මා ආජීව සමාජය, ධර්මවිජය පදනම, වොෂින්ටන් බෞද්ධ විහාරය වැනි ව්‍යාපෘතීන් වෙනුවෙන් ඕල්කට් ගුණසේකර මහතා ලබා දුන් පුරෝගාමී සේවා දායකත්වය ඓතිහාසික සටහන් සේ පවතී.