වස විසෙන් තොර 100 වන ඔසුමුසු කොළ කැඳ උගුරක රස බැලූ දා…

2023 ජනවාරි 31 වන කුජදින හෙවත් අඟහරුවාදා  අලුයම 7.30 කණිසමට සුපුරුදු ලෙස පන්සාලිස් වසරක ප්‍රශස්ත පුරාණයක් සමග අත්වැල් බැඳගත්  කොළොම්තොට සරණ පාරේ ධර්මවිජය පදනමට 2024 සැප්තැම්බර 19 දින සුවිශේෂී දිනයකි. මෑතක්වන තුරුම අපේ පාතරාසය සැරසුනේ ගෙවත්තෙන් නෙළාගත් පලාකොළ මිටකින්  සාදාගත් කැඳ කොප්පයකිනි. නිරෝගී අභිමානවත් ජාතියක් ලෙස එදා අපි ලොව දිනාගත්තේ  පරිසරය හා  යා කොටගත්  ස්වාභාවික සෞඛ්‍ය පුරුදු නිසයි.

ධර්ම විජය පදනමේ ගරු අනුශාසක ස්වාමින් වහන්සේලාගේ මග පෙන්වීම යට‍තේ භාරකාර සභික ලක්ෂ්මන් මහානාම සහ කරු හීනටිගල යන දෙපලගේ මුලිකත්වයෙන්,  වස විසෙන් තොර ඒ සෞඛ්‍ය පුරුදු යළි සක්‍රිය කිරීමට පෙරමුණ ගත්හ.  ධර්ම විජය පදනමේ ධර්මවිජය සරණ සේවා  අංශය  යටතේ  ක්‍රියාත්මක එම කොළ කැඳ දන්සල ව්‍යාපෘතිය , 2024 සැප්තැමබර් 19 වන දින විට සැමට වැඩදායි  සාර්ථක ගමනක 100 වැනි මංසල පසුකිරීමේ අමොද ප්‍රීතිය සමරනු ලැබුයේ අතිමහත් පාරිභෝගික ජනතාවකගේ සහභාගිත්වයෙනි.

මෙම සද්කාර්යයේ  සියළු පිං පෙත් බුදු බව පතා පෙරුම් පුරන ධර්මවිජය පදනමේ නිමාර්තෘ අපවත් වි වදාළ පරම පුජනීය මඩිහේ පඥාසිහ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ඒකායන පැතුම සපලවිමට හේතු වාසනා වේවා යන්න ධර්මවිජය පදනමේ සියළුම භාරකාර මණ්ඩල සාමාජිකයන්ගේ පරම පැතුමයි.

ඒ නිමිත්තෙන් පැවති සැමරුම් උත්සවයට  ආශිර්වාද කිරීමට ධර්මවිජය පදනමේ ගරු අනුශාසක ශාස්ත‍්‍රපති පූජ්‍ය සිරි වජිරාරාමයේ ඤාණසීහ ස්වාමීන් වහන්සේ, මහරගම ධර්මායතනවාසී ජර්මනියේ හැම්බර්ග් විහාරස්ථානයේ අධිපති තල්පාවිල කුසලඥාන ස්වාමින් වහ්න්සේ, නාරද බෞද්ධ මධ්‍යස්ථානයේ  බෙරලපනාතර සුචිත්ත ස්වාමින් වහන්සේ, ජාතික ක්‍රිස්තියානි සභාවේ ගරු ලේකම් පූජක  සුජිත සිවනායගම් පියතුමාත් ඇතුළු ගිහි පින්වතුන් විශාල පිරිසක් මෙම සුවිශේෂී අවස්ථාවට සුපුරුදු පරිදි සහභාගී වූහ. මෙම සමාජ සත්කාරය ධර්මවිජය පදනමේ සරණ සේවා වැඩපිලිවෙල යටතේ භාරකාර මණ්ඩලයේ සහ කාර්ය මණ්ඩලයේ  සහයෝගය ඇතිව ඉදිරියට ද සිදුකරගෙන යාමට බලාපොරොත්තුවේ.