ධර්මවිජය පදනමෙන් තවත් සුවිශේෂී සමාජ සත්කාරයක්.

තිරිකුණාමල  ප්‍රදේශයේ සේරුනුවර නම් දුෂ්කර ගම්පියසෙන් ක්‍රීඩාවට අත්පොත තැබූ අරුණ දර්ශන නම් තරුණ ක්‍රීඩකයා 2024 මව්බිමෙන් බැහැර  ඈත දනව්වක පැවති  “පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළලේ” දී ජාත්‍යන්තර  මට්ටමේ  ප්‍රබල ක්‍රීඩකයන් රැසක් අභිබවා යමින්  මීටර් 400 පිරිමි ධාවන  ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබුවේ ශ්‍රී ලංකාවේ කීර්ති නාමය ජාත්‍යන්තරය තුල තවදුරටත් ඉහළට  ඔසවා තබමිනි.

එම අභිමානවත් උත්සාහයට සුවිශේෂී ඇගයීමක් එකතු කරමින්  ධර්මවිජය පදනමේ යාවජීව සාමාජික, ඕස්ට්‍රේලියාවේ පදිංචි  රංජිත්  සොයිසා මහතා විසින් රු:50.000/= මූල්‍යමය   පරිත්‍යාගයක් අරුණ දර්ශන නම් තරුණ ක්‍රීඩකයාට ධර්මවිජය පදනම වෙනුවෙන් ලබා දෙනු ලැබුයේ ජාත්‍යනතර ඔලිම්පික් ඉසව්ව දක්වා ඔසවා තැබීමේ පරම චේතනාවෙනි. එම මුදල ධර්මවිජය පදනම වෙනුවෙන් ඔහුට ලබාදෙනු ලැබුයේ මහින්දපුර සමගි මනුසත් ධර්ම විජය සමාජයේ ගරු සභාපති ගෞරවණිය  පූජ්‍ය නීලපොල ධම්මසේන ස්වාමින් වහන්සේ විසිනි.

අරුණ දර්ශන තරුණ ක්‍රීඩකයාට ධර්ම විජය පදනමේ උණුසුම් සුභ පැතුම්.