ගාල්ල, බද්දේගම ප්‍රදේශයේ ගංවතුරෙන් ආපදාවට පත්වූවන් සඳහා ආධාර ලබාදීම.

ගංගා ඇළ දොළ අවට පදිංචි ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආපදාවට පත්කරමින් 2024 ජූනි මස ආරම්භයේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවෙන් දකුණු පලාතේ විශාල පිරිසක් අසරණ භාවයට පත්වුහ, එහිදී ගාල්ල දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් ආපදාවට පත්වූවන් සඳහා වියලි ආහාර පාර්සල් බෙදා දීම සදහා වැඩසටහනක් බද්දේගම පොලිස් ස්ථානයේදී 2024-06-09 වන පැවැත්වුනි. එම වැඩසටහන සඳහා ධර්මවිජය පදනම ලබාදුන් රුපියල් 100,000/- පරිත්‍යාගය සහ දානපති පරිත්‍යාගශිලින් ලබාදුන් මුදල් සමගින් රුපියල් 317,580/- මුදලක් වැයකර ගංවතුරෙන් විපතට පත් පවුල් 43ක් සඳහා වියලි ආහාර පාර්සල් පරිත්‍යාග කිරීම සිදුකල අවස්ථාවේ ඡායාරූප පහත දැක්වේ.