කලුතර දිස්ත්‍රිකයේ අගුරුවාතොට, මීගහතැන්න සහ පැලවත්ත යන ප්‍රදේශ වල ගංවතුරෙන් ආපදාවට පත්වූවන් සඳහා ආධාර ලබාදීම.

2024 ජූනි මස ආරම්භයේ සිට දිවයින තුලට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවෙන් ඇතිවු ගංවතුර හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් අසරණ භාවයට පත්වුහ. එම ආපදාවට පත්වූවන් වෙනුවෙන් වියලි ආහාර පාර්සල් බෙදා දීම සදහා වැඩසටහන් තුනක් කළුතර දිස්ත්‍රික් ධර්මවිජය සමාජ කේන්ද්‍රිය මධ්‍යස්ථානය වන ශ්‍රි සීලානන්ද ධර්ම විජය සමාජයේ මුලිකත්වයේන් පැවැත්වුනි. එහිදී කලුතර, අගුරුවාතොට, ශ්‍රී සුමංගලාරාමයේ, සිරි සීලවිමල ධර්මවිජය සමාජයේ, කලුතර, මීගහතැන්න, විද්‍යාරාම පිරිවෙනේ, විද්‍යාරාම ධර්මවිජය සමාජයේ සහ කලුතර, පැලවත්ත, සම්බෝධි විහාරයේ, ශ්‍රී සම්බෝධි ධර්මවිජය සමාජයේ ගංවතුරෙන් විපතට පත් පිරිස සඳහා ආධාර ලබාදීමට කටයුතු කෙරිණි. ඊට ධර්මවිජය පදනම ලබාදුන් රුපියල් 300,000/- පරිත්‍යාගය වැයකර වියලි ආහාර පාර්සල් බෙදා දීම සිදුකල අවස්ථා වල ඡායාරූප පහත දැක්වේ.

  • කලුතර, අගුරුවාතොට, ශ්‍රී සුමංගලාරාමයේ, සිරි සීලවිමල ධර්මවිජය සමාජයේ ගංවතුරෙන් විපතට පත් පිරිස සඳහා වියලි ආහාර පාර්සල් පරිත්‍යාග කිරීම සිදුකල අවස්ථාව.
  • කලුතර, මීගහතැන්න, විද්‍යාරාම පිරිවෙනේ, විද්‍යාරාම ධර්මවිජය සමාජයේ ගංවතුරෙන් විපතට පත් පිරිස සඳහා වියලි ආහාර පාර්සල් පරිත්‍යාග කිරීම සිදුකල අවස්ථාව.
  • පැලවත්ත, සම්බෝධි විහාරයේ, ශ්‍රී සම්බෝධි ධර්මවිජය සමාජයේ ගංවතුරෙන් විපතට පත් පිරිස සඳහා වියලි ආහාර පාර්සල් පරිත්‍යාග කිරීම සිදුකල අවස්ථාව.