ධර්මවිජය පදනමේ අධ්‍යාපනික සේවාව තුලින් සාධනීය පිවරක් පෙරට.

කොළඹ විශාඛා විද්‍යාලයෙන් වෛද්‍ය අධ්‍යාපනය සඳහා විශ්ව විද්‍යාල වරම් හිමි කර ගත් දරුවන් තිදෙනෙකු  සඳහා ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යාමේ ව්‍යායාමයට ධර්ම විජය පදනමේ පහත සඳහන් භාරකාර අරමුදල්  මගින්  මුල්‍යමය ආධාර  ලබාදීම පදනම් පරිශ්‍රයේදී  සිදු කෙරුණි.

  1. සුගතදාස සමරසිංහ හා නෙරිස්සා සුභද්‍රා සමරසිංහ භාර අරමුදලින් 2024/08/29 වන දින, ඒ. වි. එන්. ටී. අරංගල ශිෂ්‍යාව සඳහා රුපියල් 30,000/= ක මුල්‍යමය ආධාරයක් පිරිනැමීම . ශිෂ්‍යාවගේ මෑණියන් ද පසෙකින් සිටී.
  1. ඩී.ඒ කරුණාසේන සහ යු. කේ. ඩි. සිල්වා භාර අරමුදලින් 2024/09/12 වන දින, ඩබ්ලිව් . යසෝදරා කුමුදු කෞෂානි ශිෂ්‍යාවට රු: 31,000/= ක් පිරිනැමීම.
  1. ඩී.ඒ කරුණාසේන සහ යු.කේ.ඩි. සිල්වා භාර අරමුදලින් බී. වී. උමානි දේවින්දි ශිෂ්‍යාව සඳහා ද   එදිනම රුපියල් 31,000/= ක මුදලක්  පිරිනැමීම.

මෙම ශිෂ්‍යාවන් දෙදෙනාගේම දෙමාපියන්ද මෙම කටයුත්ත සඳහා ධර්මවිජය පරිශ්‍රයට පැමිණ සිටියහ.

ධර්මවිජය පදනමේ ගරු අනුශාසක ත‍්‍රිපිටකාචාර්ය ශාස්ත‍්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය හක්මන සුමනසිරි ස්වාමීන් වහන්සේගේ විසින් මුදල් ආධාර්  පිරිනැමූහ.  ධර්මවිජය පදනමේ  ගරු සභාපතිතුමා, , ගරු ලේකම්තුමා, ගරු භාණ්ඩාගාරිකතුමා ඇතුළු භාරකාර මණ්ඩල සාමාජිකයන් ද  එම මහඟු කර්තව්‍යට සහභාගී  වූ අතර 2024/08/29 වන දින සූම් තාක්ෂණය ඔස්සේ කැනඩාවේ පදිංචිව සිටින ධර්මවිජය පදනමේ යාවජීව සාමාජික සේනක සමරසිංහ මහතා ද එම අවස්ථාවට එක් වූයේ ඉමහත් බැති සිතිනි.