දිනිල් ප්‍රේමරත්න සහ රංජනී දේවසුරේන්ද්‍ර පවුලේ අනුස්මරණ භාර අරමුදල නමින් නව භාර අරමුදලක් පිහිටුවීම.

තම දෙමව්පියන්ට හා තම ආදරණීය භාර්යාවගේ දෙමව්පියන්ට පිං පිණිස ධර්මවිජය පදනමේ භාරකාර සභිකයෙක් වූ දිනිල් ප්‍රේමරත්න සහ රංජනී දේවසුරේන්ද්‍ර පවුලේ අනුස්මරණ භාර අරමුදල නමින් දුෂ්කර පළාත්වල දරුවන්ගේ අධ්‍යාපනයට ආධාර ලබාදීම සහ ස්වභාවික ආපදා සහන කටයුතු සඳහා භාර අරමුදලක් පිහිටුවීමට අදාලව දිනිල් ප්‍රේමරත්න මහතා විසින් ධර්ම විජය පදනමට රුපියල් 200,000/- ක් පරිත්‍යාග කරන ලදී. උක්ත භාර අරමුදලේ ඔප්පුව අත්සන් කිරීම 2024.07.25 දින දිනිල් ප්‍රේමරත්න මහතා සහ රංජනී දේවසුරේන්ද්‍ර මහත්මිය, අනුශාසක ස්වාමීන් වහන්සේ සහ භාරකාර සභික සමාජික සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන්  සිදු කරන ලදී. ගරු අනුශාසක ස්වාමීන් වහන්සේ විසින් සහභාගි වූ පිරිස සඳහා අනුශාසනාවක් සිදුකර පින්දීම ද සිදු කරන ලද අතර එම අවස්ථාවේ ඡායාරූප කීපයක් පහතින් දැක්වෙයි.