ධර්මවිජය පදනමේ ඔසු මුසු කොළ කැඳ නොමිලේ ලබාදීමේ දන්සල.

පෝෂ්‍යදායී කොල කැඳ භාවිතයට සමාජය හුරු කරවීමේ අරමුණින් 2023-01-31 දින ආරම්භකල මෙම වැඩ වැඩපිළිවෙළ යටතේ සෑම අඟහරුවාදා දිනකම උදෑසන 7.45 සිට ධර්මවිජය පදනමේ කාර්යාලය ඉදිරිපිටින් ගමන් කරන ජනතාව සඳහා නොමිලේ කොල කැඳ ලබා දීමට කටයුතු කරන අතර එම කටයුත්ත තවත් පුළුල් කරමින් 2024 මැයි මාසයේ සිට කොළඹ 07, නාරද බෞද්ධ ධර්මායතනයේ අනුග්‍රහය ඇතිව බ්‍රහස්පතින්දා දින වල ද කොල කැඳ ලබා දීමට කටයුතු කරමින් 2024-07-09 දින වන විට අවස්ථා අසුවකදී නොමිලේ කොල කැඳ ලබාදීමට කටයුතු කර ඇත. එමෙන්ම බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානය ඉදිරිපිටදී ද මසකට එක්වරක් කොළකැඳ නොමිලේ ලබාදීම සිදුකරනු ලබන අතර එහිදී විහාරස්ථානය ඉදිරිපිටින් ගමන් කරන ජනතාව සඳහා සහ කොළඹ විශාඛා විද්‍යාලයේ සිසු දැරියන් සඳහා කොළකැද ලබාදීමට කටයුතු කරනු ලබයි. මීට අමතරව නාරාහේන්පිට පරාක්‍රමබාහු විද්‍යාලයේ සහ නාරාහේන්පිට සුජාතා විද්‍යාලයේ සිසු දරු දැරියන් සදහා ද පාසල වෙත ගොස් කොළකැද ලබාදීමට කටයුතු කරනු ලබයි. මෙම සමාජ සත්කාරයන් ධර්මවිජය පදනමේ සරණ සේවා වැඩපිලිවෙල යටතේ භාරකාර මණ්ඩලයේ සහ කාර්ය මණ්ඩලයේ  සහයෝගය ඇතිව ඉදිරියට ද සිදුකරගෙන යාමට බලාපොරොත්තුවේ.