දහම් පාසල් සදහා ජල පහසුව ලබාදීමේ වැඩසටහන.

විශේෂයෙන් ග‍්‍රාමීය ප‍්‍රදේශවල විහාරස්ථානවල පොදු ජල ප‍්‍රවාහන පහසුකම් නොමැත. ළිං ජලය පාවිච්චි කරන විහාරස්ථාන සමහර විට දක්නට ලැබේ. එහෙත් ඉරිදා දහම් පාසලට පැමිණෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා බීමට ජලය මෙන්ම ජල මුද්‍රිත වැසිකිලි පහසුකම් ලබාදීමට විධිමත් ජල සැපයුමක් අවශ්‍ය වේ.

දහම් පාසල්වල පහසුකම් වර්ධනය කිරීමේ වැඩසටහන යටතේ දහම් පාසලට අවශ්‍ය ජලය ලබාගැනීම සදහා නල ලිඳක් ඉදිකිරීම,  වතුර ටැංකියක් ඉදිකිරීම හා ජල නල පද්ධතියක් ඉදිකිරීම මේ කාර්යයේදී අත්‍යවශ්‍ය වේ.

එක් එක් ප‍්‍රදේශය අනුව නල ළිඳක් ඉදිකිරීම සදහා වැය වන මුදලේ කිසියම් වෙනසක් තිබුණත් සාමාන්‍ය ප‍්‍රමාණයේ නල ළිඳක් සවි කිරීමට රු.150,000/-ක් වැය වේ.  ගැලූම් 5000 ජල ටැංකියක් ස්ථාපනය කරදීම සඳහා රුපියල් ලක්ෂ දෙකක් වැය වේ.  ජල නල පද්ධතිය ද ස්ථානයෙන් ස්ථානයට වෙනස් වුවත් දළ ගණන් බැලීම් අනුව සාමාන්‍යයෙන් රු.250,000/- ක් වැය වේ.

පානීය ජලය ලබාදීම සංසාරික වශයෙන් මහත්ඵල මහා ආනිසංස ලබාදෙන පුණ්‍යකර්මයකි.  මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා මූල්‍යමය දායකත්වය ලබාදෙන මෙන් සැදැහැවත් දානපතීන්ට කෙරෙන  කාරුණික ආරාධනාවයි මේ.

සංසාරයේ කවදාක හෝ බීමට පිරිසිදු ජල පොදක් නොමැති තැනක උප්පත්තියක් ලැබුවොත් එදාට අපට කුමක් සිතේවිද?