බෞද්ධ ධර්මය දමිළ භාෂාවෙන් දේශනා කිරීමට භික්ෂූන් වහන්සේලා පුහුණු කිරීමේ සමාරම්භක වැඩසටහන.
ධර්මවිජය පදනමේ සංවිධානයෙන් දිවයිනේ විහාරස්ථානවල සහ පිරිවෙන් වල අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්හසේලාට දමිළ භාෂාවෙන් බෞද්ධ ධර්මය දේශනා කිරීම පුහුණු කිරීමේ පාඨමාලාව 2025 මාර්තු මස 5 වන දින කැලනිය ධර්මවිජය සමාජයට අනුබද්ධ පෑලියගොඩ විද්යාලංකාර මහ පිරිවෙෙන්දී ආරම්භ කරන ලදී. එම සමාරම්භක උත්සවය සඳහා ධර්මවිජය පදනමේ ගරු අනුශාසක ත‍්‍රිපිටකාචාර්ය ශාස්ත‍්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය හක්මන සුමනසිරි ස්වාමීන් වහන්සේ වැඩම කල සේක, විද්‍යාලංකාර මහා පරිවේනාධිපති ශාස්ත‍්‍රපති රාජ්‍කීය පණ්ඩිත පූජ්‍ය වැලමිටියාවේ ශ්‍රි ඤාණරතන නාහිමිපාණන් වහන්සේ විසින් උත්සවයේ මුලසුන දරන ලදී. ආරාධිත ස්වාමීන් වහන්සේලා වශයෙන් යාපනය නාග විහාරාධිපති ශාස්ත‍්‍රපති රාජකීය පණ්ඩිත මීගහජදුරේ සිරිවිමල නායක සේවාමින්වහන්සේ, දිවුලපිටිය බලගල සරස්වතී පිරිවෙනේ කෘත්‍යාධිකාරී හා කොළඹ විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යන අංශයේ කථිකාචාර්ය, ගම්පහ දිවුලපිටිය සරස්වතී ධර්මවිජය සමාජයේ සභාපති හිඳගල ඥානාධාර ස්වාමීන් වහන්සේ, ආචාර්ය අකුරැස්සේ ධම්මරතන ස්වාමීන් වහන්සේ සහ මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ශාස්ත‍්‍රපති රාජකීය පණ්ඩිත රදලියද්දේ සීලානන්ද ස්වාමීන් වහන්සේ සහභිග් වුහ. පුහුණුව සදහා ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා 31 නමක් සහභාගී වුහ.
මෙම පුහුණු වැඩසටහනේ පුහුණුව සහ සම්පත් දායකත්වය දමිළ භාෂා විශාරද මහාචාර්ය වජිර ප්‍රභාත් විජේසිංහ මැතිතුමාග් දායකත්වයෙන් සහ ශාස්ත‍්‍රපති රාජකීය පණ්ඩිත පුජ්‍ය රදලියද්දේ සීලානන්ද ස්වාමීන් වහන්සේගේ සහයෙන් ක්‍රියාත්මක කරනු ලැබේ. මෙම උත්සව අවස්ථාවට ගිහි ආරාධිතයන් ලෙස ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ සහකාර අධ්‍යක්ෂ (පුහුණු) ඩබ්. එම්. අරවින්ද මහතා, අධ්‍යාපන අමාත්‍යශයේ පිරිවෙන් කටයුතු භාර අධ්‍යාපන සහකාර ලේකම් ධම්මික ලලිත් මහතා, බස්නාහිර පළාත් සභාවේ සහකාර ලේකම් මේනකා පාඬිකෝරාළ මහත්මිය සහභාගි වුහ. ධර්මවිජය පදනම වෙනුවෙන් ගරු ලේකම් එච්. බි. ප්‍රේමරත්න මහතා, සුනිල් චන්ද්‍රකුමාර මහතා සහ භාරකාර සභික, සභිකාවන් දෙපලක් සහභාගී වුහ.
එදින උත්සව සභාවෙන් පසු පෙව. 10.30ට පුහුණු කටයුතු ආරම්භ කරන ලදී. මෙම දමිළ භාෂා පාඨමාලාව එදින සිට සෑම බදාදා දිනකම විද්‍යාලංකාර පිරිවෙනෙහි අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්‍ෂූන් වහන්හසේලාගේ සහභාගිත්වයෙන් පෙරවරු 8.00 සිට 10.45 දක්වා ක්‍රියාත්මක වේ. මෙම අධ්‍යාපනික වැඩසටහන සදහා දමිල භාෂාව ඉගැනීමට කැමති පිට පළාත් වල වැඩ සිටින ගරුතර ස්වාමීන් වහන්සේ සදහාද zoom තාක්ෂනය ඔස්සේ සහභාගි වීමට අවස්ථාව සලසා ඇත (Meeting ID: 639 211 4195 – Passcode: 969) වැඩිදුරු විස්තර සඳහා විමසීම් හෝ වට්ස්ඇප් පණිවිඩ සඳහා 0713531338 අංකය වෙත යොමු වන්න. සමාරම්භක වැඩසටහන අවස්ථාවේ ඡායාරූප පහත දැක්වේ.