පෙරපාසල් දරුවන්ගේ සුභසාධනය සඳහා පරිත්‍යාග.

වවුනියාව බෝගස්වැව ප්‍රදේශයේ පදිංචි ආර්ථික මය ශක්තියෙන් දුර්වල පවුල්වල දරුවන් සදහා ඔවුන්ගේ නැණ නුවණ වර්ධනය කිරීමට ලක්දිණි නමින් පවත්වාගෙන යනු ලබන පෙර පාසල සඳහා අවශ්‍ය ඩෙස් සහ පුටු සපයන ලදී. මෙතෙක් පන්ති කාමරය තුළ බිම හිඳ ගනිමින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදුකළ බව දැනගන්නට ලැබුණි. මෙම  පෙර පාසලේ අඩුපාඩුකම් සඳහන් කර ඩෙස් සහ පුටු අලුතෙන් සකස් කර ගැනීමට නාමල්ගම සුමන ධර්මවිජය සමාජය මගින් සිදුකළ ඉල්ලීම සලකා බලා මෙම මූල්‍ය පරිත්‍යාගය සිදු කළ අතර, ධර්මවිජය පදනමේ පිහිටුවා ඇති ළදරු ගුරුස‍ෙවන‍ අරමුදලේ ප්‍රතිපාදන මත රුපියල් 273,000/= ක මුදලක් මීට වැය කරන ලදී. පෙරපාසල වෙත ඩෙස් සහ පුටු සාදා මිලට ගෙන 2025/01/03 දින පෙරපාසල් දරුවන්ගේ සුවපහසුව උදෙසා පරිත්‍යාග කරන්නට යෙදුණි. එම ඩෙස් සහ පුටු පෙරපාසල් දරුවන් පරිහරණය කරන අවස්ථාව පහතින් දැක්වේ.