පාසල් වගා ව්‍යාපෘතිය සඳහා ධර්මවිජය පදනමෙන් මුදල් පරිත්‍යාගයක්.
නාගරික ප්‍රදේශවල ජීවත් වන ජනතාවට ඇති සීමාකාරී ඉඩ පහසුකම් හේතුවෙන් එම පවුල්වල දරුවන්ට පරිසරය හා සම්බන්ධවී කටයුතු කිරීමට ඇති ඉඩකඩ බොහෝ සෙයින් අඩුවී ගොස් ඇත. එයට පිළියමක් ලෙස පාසල සතු ප්‍රයෝජනයට නොගන්නා ඉඩකඩ භාවිත කරමින් පාසල් දරුවන් පරිසරය හා සම්බන්ධ කරමින් වගා ව්‍යාපෘතියක් නාරාහේන්පිට සුජාතා බාලිකා විද්‍යාලයට අනුබද්ධ පරාක්‍රමබාහු විද්‍යාලයේ ආරම්භ කිරීමට කටයුතු කළ අතර, එම ව්‍යාපෘතිය සඳහා බිම් සකස් කිරීම, බීජ මිලදී ගැනීම, පොහොර මිලදී ගැනීම ඇතුළු අනෙකුත් අවශ්‍යතාවයන් සඳහා රුපියල් 60,000/= මුදලක් ධර්මවිජය පදනමේ ගරු අනුශාසක පුජ්‍ය සිරි වජිරාරාමයේ ඤාණසීහ ස්වාමීන් වහන්සේගේ අනුශාසනාව පරිදි සහ ධර්මවිජය පදනමේ භාරකාර සභික ලක්ෂ්මන් මහනාම මහතාගේ සම්බන්ධීකරණය යටතේ 2025/01/02 දින ලබාදීමට කටයුතු කරන ලදී. එසේම ඒ සඳහා ධර්මවිජය පදනමේ ශීලා ගුණසේකර අරමුදලින් අදාල ප්‍රදානයන් ලබාදීමට කටයුතු කළ බවද පුණ්‍යානුමෝදනාත්මකව සිහිපත් කරමු.