ධර්මවිජ සමාජයන් යළි නගාසිටුවීමට දිස්ත්‍රික්කේන්ද්‍රීය මධ්‍යස්ථාන හා ධර්මවිජය සමාජ අතර සම්බන්ධීකරණය ශක්තිමත් කිරීමේ මහනුවර දිස්ත්‍රික්කයේ – ගම්පොල දිස්ත්‍රික් වැඩපිළිවෙළ.

ධර්මවිජය සමාජ යළී නගා සිටුවීම සහ දිස්ත්‍රික්කේන්ද්‍රීය මධ්‍යස්ථාන සහ ධර්මවිජය සමාජ සවි බල ගැන්වීම හා සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් තවත් වසර පහකින් එළඹෙන ධර්මවිජය පදනමේ ස්වර්ණ ජයන්ති වසර වන විට ධර්මවිජය සමාජය තුළින් ගම නඟා සිටුවීමට යෝජිත වැඩසටහන යටතේ දියත් කරන සම්මන්ත්‍රණ මාලාවේ මහනුවර දිස්ත්‍රික්කයේ පළමු සම්මන්ත්‍රණය 2025/2/22 දින ගම්පොල ධර්මවිජය සමාජ කේන්ද්‍රීය මධ්‍යස්ථානය වන කොබ්බෑවෙල, ශ්‍රී පියදර්ශනාරාම විහාරස්ථානයේ දී සිදුකෙරුණි. එම අවස්ථාවේදී ධර්මවිජය පදනම හා එහි කාර්යභාරය පිළිබඳව සහ ධර්මවිජය සමාජ තුළින් ගම්මාන වෙනුවෙන් ඉටු කළ හැකි සේවාව පිළිබදව වැඩම කර සිටි ධර්මවිජය සමාජ සභාපති ස්වාමීන් වහන්සේලා සහ සහභාගිවු සාමාජික සාමාජිකාවන් දැනුවත් කරන ලදී. එම සම්මන්ත්‍රණය අවස්ථාවේ ඡායාරූප පහත දැක්වේ.