ධර්මවිජය පදනම ගරු අනුශාසක ශාස්ත‍්‍රපති පූජ්‍ය සිරි වජිරාරාමයේ ඤාණසීහ වහන්සේගේ අනූවන (90) ජන්ම දින නිමිත්තෙන් පැවැති අටවිසි සම්බුද්ධ පූජා පින්කම.

අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහා නායක ස්වාමීන් වහන්සේගේ “මිනිහා නොහදා රට හදන්න බැහැ මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු”  යන විශ්ව සාධාරණ සංකල්පය ජනතාව අතරට ගෙනයාමට ඉවහල් වූ සංවිධාන අතර ධර්මවිජය පදනම මුල් තැනක් ගනී. මේ වන විට වසර 45ක් සපුරන ධර්මවිජය පදනමේ ආරම්භක සාමාජික මෙන් ම වසර 31 ක් සභාපති ධූරය දරා 2015 දී පැවිදි දිවියට ඇතුළත් වූ ධර්මවිජය පදනම ගරු අනුශාසක ශාස්ත‍්‍රපති පූජ්‍ය සිරි වජිරාරාමයේ ඤාණසීහ ස්වාමීන් වහන්සේගේ අනූවන (90) ජන්ම දිනයවු 2025-02-18 දින සන්ධ්‍යා භාගයේ උන්වහන්සේට ආශිර්වාද පතා බම්බලපිටිය සිරි වජිරාරාම විහාරස්ථානයේදී පැවැති අටවිසි සම්බුද්ධ පූජා පින්කම, උන්වහන්සේ විසින් රචිත Buddhism in practice පොත් පහකින් සමන්විත කට්ටලය නිකුත් කිරීම සහ පුජනීය කොස්වත්තේ අරියවිමල මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩමවා පැවැත් වූ ධර්ම දේශණා පින්කමේ අවස්ථා කිහිපයක් පහත දැක්වේ. උන්වහන්සේට නිරෝගී සුවයෙන් යුතු ශතවර්ෂාධික දිවියකට තෙරුවනේ අනන්ත ගුණ බලයෙන් ආශිර්වාද ලැබේවායි භාරකාර මණ්ඩලයේ ප්‍රාර්ථනය වෙයි.

.