දමිල භාෂා ගුරු අත්පොත සැකසීම සඳහා සාකච්ජාව.

ධර්මවිජය පදනමේ සංවිධානයෙන් දිවයිනේ ධර්මවිජය සමාජවලට සම්බන්ධ විහාරස්ථානවල සහ පිරිවෙන් වල මෙන්ම ඉන් බාහිර පිරිවෙන් වල අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්හසේලාට දමිළ භාෂා පුහුණුව සහ දමිළ භාෂාවෙන් බෞද්ධ ධර්මය දේශනා කිරීම පුහුණු කිරීමේ පාඨමාලාව 2025 මාර්තු මස 5 වන දින කැලනිය ධර්මවිජය සමාජයට අනුබද්ධ පෑලියගොඩ විද්යාලංකාර මහ පිරිවෙ‍ෙන්දී උත්සවාකාරයෙන් ආරම්භ කරන ලදී. එම පාඨමාලාවට සමගාමීව දමිල භාෂා ගුරු අත්පොත සැකසීම සඳහා දමිල භාෂා ගුරු උපදේශක වරුන් සමග 2025-05-16 දින මුලික සාකච්ජාවක් අධ්‍යාපන අමාත්යංශයේදී පිරිවෙන් අංශයේ සහකාර අධ්‍යක්ෂක ධම්මික ලලිත් මැතිතුමා, ශාස්ත‍්‍රපති රාජකීය පණ්ඩිත පුජ්‍ය රදලියද්දේ සීලානන්ද ස්වාමීන් වහන්සේ, දමිළ භාෂා විශාරද මහාචාර්ය වජිර ප්‍රභාත් විජේසිංහ මැතිතුමා සහ පරිවෙනාචාර්ය වරුන් සහ ගුරු උෙපද්ශක වරුන් පිරිසක් සහභාගිවයෙන් පැවැත් වුණී. ධර්මවිජය පදනම වෙනුවෙන් ගරු ලේකම් එච්. බි. ප්‍රේ‍මරත්න මහතා, සහ සුනිල් චන්ද්‍රකුමාර මහතා එම අවස්ථාවට සහභාගී වුහ. රැස්වව සිටි ගුරු උපද්ශක මහතුන් සියලු දෙනා තම අත්දැකීම්  මහාචාර්ය වජිර ප්‍රභාත් විජේසිංහ මැතිතුමාගේ ගැඹුරු දෙමල භාෂා අවබෝධය සමග මුසු කර ගනිිමින් දෙමල කථන භාෂාවට මුල් තැන දෙමින් ස්වාධීන ලෙස ධර්ම කථිකයාණන් වහන්සේ නමක් ලෙස භික්ෂූන් වහන්සේලා ගොඩනැඟීම සඳහා අවශ්‍ය න්‍යායාත්මක සහ ප්‍රායෝගික වැඩපිළිවෙළ පිළිබඳ අත්පොත නිර්මාණය කිරීම සඳහා දවස පුරා ඉතා හරාත්මක සංවාදයක යෙදී තිබුණි. මූලික වශයෙන් අත්පොත් තුනක් සකස් කිරීමටත් පළමු පොත් දෙක පාඨමාලාව අවසානයේදී ශිෂ්‍යයන් හට දෙමළ භාෂාව ස්වාධීන ලෙස හැසිරවීමට හැකිවන අයුරින් ඔවුන්ගේ සන්නිවේදන හැකියාවන් වර්ධනය කිරීමටත් තෙවන අත්පොත සම්පූර්ණයෙන්ම ධර්ම දේශනාව පැවැත්වීමට අදාළ කරුණු සහ ඊට අදාළව යොදා ගැනෙන විශේෂ වචන යොදා ගනිමින් ප්‍රායෝගික පුහුණුව ලබාදීම කෙරෙහි අවධානය යොමු කරමින් සකස් කිරීමටත් විධිවිධාන යොදන ලදී. එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මෙම පොත් මුද්‍රණය කර දිවයිනේ සියලුම පිරිවෙන් ආචාර්ය මණ්ඩල වෙත ලබාදීමටත් ඊට පෙර එම ආචාර්යවරුන් සියල්ලන් හට විශේෂ වැඩමුළුවක් පවත්වා අත්පොත් පරිශීලනය කරමින් නව ඉගැන්වීම් ක්‍රමය හඳුන්වා දීමටත් මෙම අවස්ථාවේදී තීරණය වූ බව වාර්තා කර ඇත. අධ්‍යාපන අමාත්යාංශයේ පිරිවෙන් අංශයේදී ස්වාමීන් වහන්සේලා ඇතුළු කණ්ඩායම සාකච්ඡාවට සහභාගි වූ අවස්ථාවේ ඡායාරූප පහත දැක්වේ.