තිරිකුණාමලය දිස්ත්‍රික්කයේ මහින්දපුර සහ සේරුනුවර ගැබිණි මාතාවන් සදහා ධර්මවිජය පදනම‍ෙන් පරිත්‍යාග.

තිරිකුණාමලය දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී ගැබිණි මාතාවන් වෙනුවෙන් පෝෂණ අවශ්‍යතාවයන් සපුරා ගැනීමට සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලට ගැනීම සදහා ධර්මවිජය පදනමෙන් කළ ඉල්ලීම සලකා බලා ත්‍රිකුණාමලය, ධර්මවිජය සමාජ කේන්ද්‍රීය මධ්‍යස්ථානයේ සභාපති, චීනවරාය ශ්‍රී බෝධිරාජාරාම විහාරයේ විහාරාධිපති පූජ්‍ය අළුත්ඔය සද්ධාතිස්ස ස්වාමින්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී 2025/01/18 දින පවුල් 7කට මුදල් පරිත්‍යාගයන් සිදු කරන ලදී. එහිදී තිරිකුණාමලය ප්‍රදේශයේ මහින්දපුර සමගි මනුසත් ධර්මවිජය සමාජයේ සහ සෝමපුර ජනහිත බොදු සේවා දර්ශන ධර්මවිජය සමාජයේ සාමාජිකත්වය දරන ගැබිණි මාතාවන් 5 දෙනෙකු සහ මෑත කාලීනව දරුවන් ප්‍රසූත කල මව්වරුන් 2 දෙනකු සඳහා එක් මාතාවකට රු.15,000/- බැගින් මව්වරුන් 7 දෙනා සඳහා රු. 105,000/- ක මුදලක් පරිත්‍යාග කිරීම සිදුකල අතර. මෙම පරිත්‍යාගයන් සඳහා ධර්මවිජය පදනමේ පිහිටුවා ඇති පර්සි චන්ද්‍රසෝම සහ චන්ද්‍රා ජයකොඩි අනුස්මරණ භාර අරමුදලින් මුදල් ලබාදීමට කටයුතු කරන ලදී. එම අවස්ථාවේ ඡායාරූප පහතින් දැක්වේ.