ගම්පොල, කොබ්බෑවල, මිහිඳු ධර්මවිජය සමාජ 40 වන සංවසරය සහ ගැබිණි මාතාවන් වෙනුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය ආධාර සහ දරුවන්ට පාසල් උපකරණ ප්‍රධානය කිරීම.

ධර්මවිජය සමාජ යළී නගා සිටුවීම සඳහා වන දිස්ත්‍රික්කේන්ද්‍රීය මධ්‍යස්ථාන ගම්පොළ, මහනුවර සම්මන්ත්‍රණයට සහ ගම්පොල, කොබ්බෑවල, මිහිඳු ධර්මවිජය සමාජ 40 වන සංවසරය සැමරීම සදහා  උත්සවය වශයෙන් අදියර දෙකකින් 2025/02/22 දින මහනුවර දිස්ත්‍රික් ධර්මවිජය සමාජ කේන්ද්‍රීය මධ්‍යස්ථානයක් වන ගම්පොල, කොබ්බෑවල, ශ්‍රී පියදර්ශනාරාම විහාරයේ සිදුකෙරුණි. එම අවස්ථාවෙදී ධර්මවිජය සමාජයේ ගරු සභාපති ස්වාමීන් වහන්සේ විසින් ධර්මවිජය සමාජය තුළින් සිදු කරන සමාජ සහ ශාසනික සේවය පිළිබඳ විස්තරාත්මක දේශනයක් ඉදිරිපත් කළ සේක. ධර්මවිජය සමාජ කේන්ද්‍රීය මධ්‍යස්ථානයේ ලේකම්තුමා විසින් සමාජයේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරන ලදී. දහම් පාසල් දරුවන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කරමින් ගීත ගායනා සහ නර්තන අංගයන් කිහිපයකින් එම අවස්ථාව වර්ණවත් වුනු අතර එම අවස්ථාවේදී ධර්මවිජය පදනමේ පරිත්‍යාගයන් ලෙස දහම් පාසල් අධ්‍යාපන ලබන දරුවන් 50 දෙනෙකු සදහා පසල් උපකරණ සහ පාසල් බෑගයක් සමග උපකරණ කට්ටලය බැගින් පරිත්‍යාග කරන ලදී, එමෙන්ම එම ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ගැබිණි මාතාවන් 15 දෙනෙක් වෙනුවෙන් ඹවුන්ට අවශ්‍ය කරන ද්‍රව්‍ය කට්ටලය බැගින් කට්ටල 15ක් පරිත්‍යාග කිරීම ද එදින සිදුවිය. ධර්මවිජය පදනම නියෝජනය කරමින් එහි සහභාගි වුණු ගරු සභාපතිතුමා, ගරු ලේකම්තුමා, සම්බන්ධීකාරකතුමා, භාරකාර මණ්ඩල සාමාජිකයන් සහ කාර්ය මණ්ඩලය ඊට සහභාගී වූහ. ධර්මවිජය පදනම හා එහි කාර්යභාරය පිළිබඳව සහ ධර්මවිජය සමාජ තුළින් ගම්මාන වෙනුවෙන් ඉටු කළ හැකි සේවාව පිළිබදව වැඩම කර සිටි ස්වාමීන් වහන්සේලා සහ සහභාගිවු පිරිස දැනුවත් කරන ලදී. එම සංවසරය උත්සවය අවස්ථාවේ ඡායාරූප පහත දැක්වේ.