ගංවතුරෙන් ආපදාවට පත්වූනු අම්පාර ප්‍රදේශයේ සහ යාපනය ප්‍රදේශයේ ජනතාව සඳහා ධර්මවිජය පදනමේ සරණ සේවා අංශයේ වැඩපිළිවෙළින් සරණක්.
2024 නොවැම්බර් මස අගභාගයේ ඇතිවූ ධාරානිපාත වර්ෂාව හේතුවෙන් ගංගා, ඇළ, දොළ අවට පදිංචි ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ගංවතුරින් අසරණ භාවයට පත්වුහ. මෙම ව්‍යසනයෙන් ආපදාවට පත්වුනු අහිංසක දුප්පත් ජනතාව සඳහා ධර්මවිජය පදනමේ සරණ සේවා අංශය යටතේ ධර්මවිජය පදනමේ ගරු අනුශාසක ශාස්ත‍්‍රපති පූජ්‍ය සිරි වජිරාරාමයේ ඤාණසීහ ස්වාමීන් වහන්සේ ගේද අනුශාසනා මත යාපනය නාග විහාරය අවට ප්‍රදේශයේ ගංවතුරන් ආපදාවට පත් පිරිස වෙනුවෙන් රුපියල් 100,000/-ක වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් බෙදා දීමට වැඩ කටයුතු සූදානම් කරන ලදී.
එමෙන්ම අම්පාර උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගංවතුරින් දැඩි ලෙස බලපෑමට ලක් වූ සියයකට අධික ජනතාවකට අම්පාර දීඝවාපිය පරිවාර චෛත්‍යය විහාරයේ විහාරාධිපති පූජ්‍යපාද පෝද්දිවෙල චන්දානන්ද ස්වාමීන් වහන්සේ, අම්පාර දිස්ත්‍රික්කයේ උහන ප්‍රාදේශීය ලේකම්තුමා සහ අප භාණ්ඩාගාරික එන්. බී. ජී. නානායක්කාර මහතාගේ ඉල්ලීම අනුව ගංවතුරෙන් කුඹුරු වගා හානියට ලක්වූ ගොවිමහතුන් සඳහා වියළි ආහාර පාර්සල් බෙදාදීම සඳහා කටයුතු කරන ලදී. ඒ අනුව දෙසැම්බර් මස 20 සහ 21 දිනයන්හිදී ධර්මවිජය පදනමේ භාරකාර මණ්ඩලයේ සහ කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකුගේ ද සහභාගිත්වයෙන් අම්පාර උහන, සේනාගම ප්‍රදේශයට ගොස් ගංවතුරෙන් ආපදාවට ලක්වුණු පවුල් 100ක් සඳහා වියළි ආහාර පාර්සල් බෙදා දෙන ලදී. ඊට අමතරව විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ උපදෙස් පරිදි විහාරස්ථානයේ ළදරු පාසලේ අධ්‍යාපනය ලබන ගංවතුර ආපදාවට පත්වුණු දරුවන්ගේ පවුල් 16 ක් සදහා මෙම සරණ සේවා වැඩපිළිවෙළ යටතේ වියලි ආහාර ද්‍රව්‍ය, රෙදි පිළි, පැන් පැන්සල්, ළමා සෙල්ලම් භාන්ඩ ඇතුළු ආධාර ද්‍රව්‍ය බෙදා දෙන ලදී.
එකී අම්පාර දීඝවාපිය ප්‍රදේශයේ ජනතාවට පරිත්‍යාග කිරීමට ආධාර ද්‍රව්‍ය මිලට ගැනීම සඳහා පරිත්‍යාග ලෙස ගාල්ලගේ ද සිල්වා මහතා, ධර්මවිජය පදනමේ යාව ජීව සාමාජික දිනිල් ප්‍රේමරත්න මහතා සහ ධර්මවිජය පදනමේ උප සභාපති සරත් ධර්මවර්ධන මහත ගෙන් පරිත්‍යාග ලැබුණු බව ද සඳහන් කරමු. එමෙන්ම ධර්මවිජය පදනමේ සරණ සේවා අංශයේ ඉල්ලීම මත පරිත්‍යාගශීලීන්ගෙන් ලද වෙනත් ද්‍රව්‍යමය ආධාර සහ මුදල් ද මේ සඳහා යොදා ගනු ලැබුණි.
- යාපනය නාග විහාරය අවට ප්‍රදේශයේ ගංවතුරන් ආපදාවට පත් පිරිස වෙනුවෙන් වියලි ආහාර ද්‍රව්‍ය අඩංගු පාර්සල් බෙදා දීම
2. අම්පාර උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගංවතුරින් දැඩි ලෙස බලපෑමට ලක් වූ සියයකට අධික ගොවිමහතුන් සඳහා වියළි ආහාර පාර්සල් බෙදාදීම
3. අම්පාර දීඝවාපිය පරිවාර චෛත්‍යය විහාරයේ ළදරු පාසලේ අධ්‍යාපනය ලබන ගංවතුර ආපදාවට පත්වුණු දරුවන්ගේ පවුල් 16 ක් සදහා වියළි ආහාර පාර්සල් බෙදාදීම