තරුණ නායකත්ව පුහුණු වැඩසටහන ….

posted in: Programs | 0

ගුණ නුවණින් යුතු සුන්දර සමාජයක් නිර්මාණය කර ගැනීම සදහා නායකත්වය පිළිබද දින 15 ක නේවාසික පුහුණුවක් ලබා දී සහතික ප්‍රදානය කිරීම ධර්මවිජය පදනම විසින් සිදු කරනු ලබයි. තම ප්‍රදේශයේ සංවර්ධන වැඩසටහන්වල නායකත්වය ගැනීමට පුද්ගලයින් සුදානම් කිරීම මෙහි අරමුණයි.

පාසල් අධ්‍යාපනය හා දහම් පාසල් අධ්‍යාපනය ලබන සිසුන් ඇගයීම ….

posted in: Programs | 0

පළමුවරට අ.පො.ස (සා/පෙළ) උසස් ලෙස සමත්වන අතරේ ඊට සමගාමීව දහම් පාසල් අවසාන විභාගය ද සමත්වන සිසු සිසුවියන්, දිස්ත්‍රික් මට්ටමින් ඇගයීම සදහා වර්ෂ 2007 සිට හදුන්වා දුන් නව ව්‍යාපෘතිය යට‍තේ ඇගයීමට ලක් වූ සිසු සිසුවියන් සංඛ්‍යාව මෙසේය. ගුණ නුවණින් හෙබි අනාගත … Continued

රුක් රෝපණ වැඩසටහන….

posted in: Programs | 0

කෘෂිකාර්මික පැල ලබාදී ගෙවතු වගා කර අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම දිවයින පුරා ක්‍රියාත්මක කරයි. ග්‍රාම සංවර්ධනය යටතේ අඩු ආදායම්ලාභීන්ගේ ආදායම් තත්ත්වය දියුණු කිරීමට, ආර්ථික භෝග හදුන්වා දී වෙළදපල ආර්ථිකයට උනන්දු කිරීම ධර්මවිජය පදනම විසින් සිදු කරන ලදී  

හොරොව්පතාන, මැකිච්ඡාව ශ්‍රී රාජ පුෂ්පාරාම විහාරස්ථානයෙහි පානීය ජලය පිරිසිදු කිරීමේ මධ්‍යස්ථානය ඉදිකිරීම ….

posted in: Programs | 0

දිවයිනේ උග්‍ර ප්‍රශ්නයක්ව ඇතිව වකුගඩු රෝගයෙන් ජනතාව මුදවා ගැනීම සදහා ජලය පෙරා පිරිසිදු කර, පානීය ජලය සපයන මධ්‍යස්ථාන පිහිටුවීම ධර්මවිජය පදනමේ සමාජ සත්කාරක වැඩසටහනකි. දිවයිනේ විවිධ ප්‍රදේශවල මෙය සිදුවෙමින් පවතී.

සදමල්එළිය ගොවි පවුල් 20 ක් සදහා වගා ළිදක් ….

posted in: Programs | 0

සදමල්එළිය ගොවි පවුල් 20 ක්  සදහා වර්ෂය පුරා වගා කටයුතු කරගෙන යෑම සදහා ජලය සපයා ගැනීමට වගා ළිදක් රු.294,500/-  කින් ඉදිකර ගොවීන්ට භාරදීම සිදුවිය. වගි ළිදෙන් ජලය සපයා වාර්ෂිකව ඔවුන්ගේ වගා කටයුතු කර ගැනීමෙන්, ආර්ථික ශක්තිය වර්ධනය සිදු කෙරේ.

අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ ස්වාමීන්ද්‍ර අනුස්මරණ පුස්තකාලයක් ….

posted in: Programs | 0

යා/පුත්තූර් නැගෙනහිර ග්‍රාමයේ මඩිහේ පඤ්ඤාසීහ විද්‍යාලයේ ‍‍අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ ස්වාමීන්ද්‍ර අනුස්මරණ පුස්තකාලය සිසු අයිතියට පත් කළ වගයි. අපවත් වී වදාළ අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමියන් විසින් අරඹන ලද යාපනය/පුත්තූර් හි මඩිහේ පඤ්ඤාසීහ විද්‍යාලයට ‍2017.11.17 දිනට වසර පනහක් සම්පූර්ණ විය. … Continued

මැදිරිගිරියට ජල පවිත්‍ර කිරීමේ මධ්‍යස්ථානයක් ….

posted in: Programs | 0

දිවයිනේ දරුණු රෝගාබාධ තත්ත්වයක් වූ වකුගඩු නරක්වීමේ රෝගය වළක්වා ගැනීම සදහා ජනතාවට පිරිසිදු පානීය ජලය සැපයීමට ධර්මවිජය පදනම විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි. ජල ටැංකි ලබාදී පිරිසිදු ජලය ගබඩා කරවා ගැනීම, ජලය පවිත්‍ර කරන යන්ත්‍ර (R O Plants) විවිධ ස්ථානවල ස්ථාපනය … Continued

පානීය ජලය සැපයීමේ වැඩසටහන ….

posted in: Programs | 0

උතුරු මැද පළාත්වල වියළි කලාපයේ ජල හිගය හා වකුගඩු රෝගයෙන් මුදවා ගැනීම සදහා පානීය ජල සැපයීමේ ව්‍යාපෘතියක් ධර්මවිජය පදනම ක්‍රියාත්මක කරයි. මේ යටතේ තන්තිරිමලේ සදමල්එළිය ප්‍රදේශයේ පවුල් 2 කට ලීටර් 4000-1000 ජල ටැංකිය බැගින් ස්ථාපනය කර සති දෙකකට වරක් ජාතික … Continued

කොස්ගම යුද කදවුර පිපිරීමෙන් විපතට පත්වූවන්ට සහන ….

posted in: Programs | 0

කොස්ගම යුද කදවුර පිපිරීමෙන් විපතට පත්වූවන්ට සහන සේවා ආධාර සැපයීම බොරඵගොඩ ශ්‍රී වර්ධනාරාමයේදී ධර්මවිජය පදනම විසින් සිදු කරන ලදී.