සඳමල්එළිය ගොවින් සඳහා වගා ළිඳක්.

ධර්මවිය පදනමේ ආර්ථික සංවර්ධන අංශය යටතේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ සඳමල්එළිය ගම්මානයේ මොණරතැන්න ප‍්‍රදේශයේ ගොවීන් වෙනුවෙන් වගා ළිඳක් ඉදි කර පරිත්‍යාග කරන ලදි. මෙම වගා ළිඳ මගින් අක්කර 3 ක පමණ වී, කුරහන්, තක්කාලි, දොඩම්, දෙහි වැනි බෝග වගාවන්හි නියැලෙන ගොවීහු ප‍්‍රතිලාභ ලබති. ධර්මවිජය පදනමේ මෙම ව්‍යාපෘතිය සදහා පිළියන්දල “සාමය හා දයාව සංවිධානය” විසින් මූල්‍ය අනුග‍්‍රහය ලබා දෙනු ලැබුණි.