වස විසෙන් තොර භෝග වගාව පිළිබඳ වැඩමුඵවක්.

ධර්මවිජය පදනමේ සෞඛ්‍ය සංවර්ධන අංශය යටතේ “ළමා ගෙවතු වගා වැඩසටහන” මැයෙන් ක/පැලවත්ත නන්දනවන විහාරයේ දී ශ‍්‍රී සිද්ධාර්ථ ධර්මවිජය සමාජයේ කුඩා දරුවන් සඳහා දැනුවත් කිරීමේ හමුවක් මාර්තු 08 වන දින ක‍්‍රියාත්මක විය.
වස විසෙන් තොර පරිසර හිතකාමී භෝග වගාව පිළිබඳ කුඩා දරුවන් උනන්දු කරවීමේ අරමුණින් පවත්වන ලද මෙම වැඩමුළුව 2018 වසරේ පැවැති ”සැනසිලි සුවය” සෞඛ්‍ය හා පෝෂණ වැඩසටහනේ දෙවන අදියර ලෙසින් ක‍්‍රියාත්මක වන ලදි.
මේ සඳහා සම්පත් දායකත්වය සපයන ලද්දේ ධර්මවිජය පදනමේ භාරකාර සභිකා වෛද්‍ය යසා සිරිවර්ධන මහත්මියයි.