ධර්මවිජය පුවත් සඟරාව නව එලි දැක්වීම.

ධර්මවිජය පුවත් සඟරාව නව එලි දැක්වීම සදහා එහි මුල්ම කලාපයේ මුල් පිටපත 2023-03-23 දින උදේ 9.01 ට වු සුභ හෝරාවෙන් බම්බලපිටිය සිරි වජිරාරාමයේ දී ධර්මවිජය පදනමේ උත්තර අනුශාසක අග්ගමහාපණ්ඩිත අතිපූජනීය තිරිකුණාමලේ ආනන්ද මහනාහිමියන් වහන්සේට සහ ශාස්ත‍්‍රපති පූජ්‍ය සිරි වජිරාරාමයේ ඤාණසීහ ස්වාමීන් වහන්සේ වෙත පිළිගැන්විණී. එමෙන්ම ධර්මවිජය පදනමේ ගරු අනුශාසක ත‍්‍රිපිටකාචාර්ය ශාස්ත‍්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය හක්මන සුමනසිරි ස්වාමීන් වහන්සේ වෙත පුවත් සඟරාව පිළිගැන්වීම එදිනම මෙම සඟරාවේ ප්‍රධාන සංස්කාරක මාධ්‍යවේදී ධර්මවිජය පදනමේ සන්නිවේදන සහ මාධ්‍ය අනුකමිටුවේ ප්‍රධානී සරත් අමරකෝන් මැතිතුමා අතින් ධර්මවිජය පදනම භාරකාර මණ්ඩල රැස්වීම් ශාලාවේ දී සිදු විය.