රාජකීය පණ්ඩිත ශාස්ත්රිපති ත්රිපිටකාචාර්යය සද්ධර්මකීර්ති ශ්‍රී විද්‍යා තිලක ත්‍රිපිටක ශාස්ත්‍ර විශාරද ශ්‍රී ධර්මරක්ෂිතවංශාලංකාර පූජ්‍යපාද හක්මන සුමනසිරි ස්වාමීන් වහන්සේ.
ධර්මවිජය පදනමේ නිර්මාතෘ හා අනුශාසක ධූරය දරන ලද අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන් වහන්සේ අපවත් වීමෙන් පසු මහානායක ස්වාමීන් වහන්සේගේ හා මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ වත්මන් විහාරාධිපති අතිපූජ්‍ය අම්පිටියේ ශ්‍රී රාහුල නායක ස්වාමීන් වහන්සේගේ ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය රත්නයක් වූ පූජ්‍යපාද හක්මන සුමනසිරි ස්වාමීන් වහන්සේ 2004 වසරේ සිට අපගේ ප්‍රධාන අනුශාසක ධූරය දරන සේක.
උන්වහන්සේ මහානායන ස්වාමීන් වහන්සේ විසින් ආරම්භ කරන ලද සද්කාර්යනන් අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයේ විහාරාධිපති ධූරය ද, 7000 කට අධික සිසුන් ප්‍රමාණයක් දහම් අධ්‍යාපනය ලබන සිරි වජිරඤාණ දහම් පාසලේ 1997 වසරේ සිට ප්රධානාචාර්යය ධූරය ද දරමින් එම ආයතන වල සිදු කරන විවධ ව්‍යාපෘතීන් කළමණාකරණය කරමින් අතිශය කාර්යය බහුල ජීවිතයක් ගත කළ ද, 35 වසරක අධිශීලය රැුකීමෙන් ලද කාය, වාග් සංවර පැවතුම ද මනසේ ඇති, තැන්බත් බව පෙන්වන අකම්පික කාරුණික රුව ද, සෑම බ්‍රහස්පතින්දා සවසකම අප භාරකාර මණ්ඩලයේ මුලසුන දරා සිටීම අතිශය ප්ර්රියජනක දසුනක.ි රැුස්වීම ආරම්භ වන්නේ ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරනු ලබන බුද්ධ වචනයෙන් අප සිත් සනහාලමින් ය.
උන්වහන්සේ මෙම සියලූ කාර්යයන් මැද විවිධ ප්‍රදේශ වල පිහිටි සිරි වජිරඤාණ ධර්මායතනයේ ශාඛා විහාරස්ථාන සමඟ නිසි සම්බන්ධතාව පැවැත්වීමට ආසියාවේ මෙන්ම යුරෝපයේ ද ඇමරිකාව හා ඕස්ටේ්රලියාව වැනි රට වල ධර්ම¥ත සේවයේ යෙදීමට ද, ධර්ම පුස්තක මෙන්ම කාලීන මාතෘකා යටතේ පොත් රචනා කිරීමට ද කාලය වෙන් කර ගනිමින්, මු`ඵ දිනයම ලෝක ශාසන සේවයට කැප කරමින් බුදු සිරිතට අනුගතව වැඩ සිටිති.
Account Number 192310
Borella Super Grade Branch, Bank of Ceylon ,
No 72, Danister de Silva Mawatha ,
Colombo 08,Sri Lanka.
Bank Swift Code : BCEYLKLX
Account No. 000160000031
Borella City Branch, Sampath Bank
D.R.Wijewardana Mawatha
Colombo 10, Sri Lanka
Bank Swift Code: BSAMLKLX
Account No. 078-1-00122268540
Borella Branch, People’s Bank
Y.M.B.A.Building,
Colombo 08 , Sri Lanka
Bank Swift Code: PSBKLKLXA 023
අපගේ ලිපිනය : ධර්මවිජය පදනම, 380/7, සරණ පාර, බෞද්ධාලෝක මාවත කොළඹ 07 ::: දුරකථන අංකය : (+94)11-2698870 ::: ෆැක්ස් : 0112-683016 ::: විද්‍යුත් ලිපිනය – dharmavijaya.lk@gmail.com
© 2012 – 2020 Dharmavijaya Foundation | All Rights Reserved | Design by CMS