ග්‍රාමීය ජනතාවගේ ආදායම් මාර්ග නගා සිටුවනු වස් වෘත්තීය පුහුණු වලට යොමු කිරීමේ අභිලාශයෙන් 2018 ජුලි මස සිට ක්‍රියාත්මක වූ මාස 6 ක පෙර පාසල් ගුරු පුහුණුව සදහා කුරුණෑගල,
■ නියංගම පුරාණ විහාරයේ මෙත් කැලුම් ධර්මවිජය සමාජය
■ ගල්ගමුව ත්‍රිපිටක ධර්මායතන පිරිවෙනේ ශ්‍රී සුධර්ශන ධර්මවිජය සමාජය
■ කිරිබත්ගල්ල ශ්‍රී අභිනවාරාමයේ පාරමිතා ධර්මවිජය සමාජය
යන ධර්මවිජය සමාජය වල තෝරාගත් සමාජිකයින් කිහිපදෙනෙකු සාරගම වෘත්තීය පුහුණූ අධිකාරිය වෙත යොමු කරන ලදි. දැනට ඔවුන් ඒ ඒ විහාරස්ථාන වල සේවයේ යෙදෙන අතර දෙදෙනෙකු පමණක් පෞද්ගලික පෙරපාසල් පවත්වති.
තවද, ගල්ගමුව ත්‍රිපිටක ධර්මායතන පිරිවෙනේ ශ්‍රී සුධර්ශන ධර්මවිජය සමාජයේ සමාජිකාවන් 15 දෙනෙකු විසිතුරු මල් වගාව, බතික් කර්මාන්තය, රූපලාවන්‍ය, වැනි වෘත්තීය පුහුණු සඳහා තඹුත්තේගම හා අනුරාධපුර වෘත්තීය පුහුණු අධිකාරිය වෙත යොමු කරන ලදි.