ධර්මවිජය පදනමේ වාර්ෂික දහම් පාසල් දරු දැරියන්ගේ ඇගයීමේ උත්සවය 2019 ජුනි 29 වන දින පැවැත්වේ.

සදාචාර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ බෞද්ධ ධර්මාචාරය විභාගය උසස් අන්දමින් සමත් වූවන් ඇගයීම පිණිස වාර්ෂිකව පවත්වන අති පූජ්‍ය මඬිහේ පඤ්ඤාසීහ මහනායක ස්වාමීන්ද‍්‍ර අභිපූජන සහතික පත‍්‍ර හා ත්‍යාග ප‍්‍රදාන උත්සවය සිරිත් පරිදි ජුනි මස 29 වන දින ධර්මවිජය පදනම් ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. 2007 වසරේ සිට එදා මෙදා තුර වසර 13 ක් පුරා මෙලෙස ඇගයීමට පත් කර ඇති දරුදැරියන් ගනන මේ වන විට 612 කි. ඉන් 461 ක් ශිෂ්‍යාවන් වේ.