දිළිදුකම තුරන් කිරීම සදහා වූ ග්‍රාම සංවර්ධන වැඩ සටහන යටතේ මොණරාගල කොටවෙහෙරමංකඩ, ලගිනගල ශ්‍රී ස්වර්ණගිරි ධර්මවිජය සමාජයේ සාමාජික පවුල්වල ආර්ථිකය වර්ධනය කර ගැනීම උදෙසා ගොවි පවුල් 56 කසදහා රු.790,165 ක් වටිනා ජල පොම්ප, බෙහෙත් විදින යන්ත්‍ර, ජල නල, අස්වනු ආරක්ෂක ටෙන්ට්, ආරක්ෂිත ටෝච්, සෙවිලි තහඩු, පාපැදි ආදී ද්‍රව්‍ය පරිත්‍යාග කරන ලදී. මෙම මුදල හිටපු භාරකාර සභික පියදාස හත්තොටුව මහතාගේ පරිත්‍යාගයකි.