Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

වැඩසටහන් සහ ව්‍යාපෘති - ( 2013 )

තබ්බෝව දිළිඳුකම පිටුදැකීමේ ව්‍යාපෘතිය

තබ්බෝව ගමේ පසුබිම


තබ්බෝව දිළිඳුකම පිටුදැකීමේ ව්‍යාපෘතිය ආරම්භයේ දීම ගමේ පවුල් 63 ක් ගෙයින් ගෙට ගොස් මූලික ආර්ථික හා සමාජීය තොරතුරු රැස් කිරිමේ සමීක්ෂණයට භාජනය කරන ලදී. එහි මුඵ ජන සංඛ්‍යාව 300 ක් පමණ වේ.65% පමණම ගොවිතැනෙහි හා ගොවිබිම්වල කුලී වැඩ කරන්නන්ය.23% ක් පුහුණු ශ‍්‍රමිකයින්ය. 60% කගේ පමණ පවුලේ මාසික ආදායම රු.10,000 ට අඩු ය. තවත් 20% ක් රු.10,000 - 20,000 අතර ආදායමක් ලබති.50% පමණ නිවැසියන්ට පැය කීපයක් සදහා ප‍්‍රජා නල ජල සැපයුමක් තිබුනත් එම ජලය බීමට හා පිසීමට සුදුසු නැත. පිරිසිදු ජලය නොමැති නිසා බොහෝ දෙනා වකුගඩු රෝගයට ගොදුරු වේ. මැටි හා අතු ආවරණයෙන් නිර්මිත බිත්ති ඇති නිවාස 45% කි.30% සඳහා වැසිකිළි නොමැත. තිබෙන වැසිකිළි සනීපාරක්ෂක හෝ ආරක්ෂිත නොවේ. පවුල් 36% ක් ණයගැති භාවයෙන් යුක්තය.40% පමණ අක්කර 12 අඩු ඉඩමක් හිමි ය. තවත් 18% කට අක්කර 1-2 අතර ඉඩමක් හිමි ය. මසකට දින 10-12 පමණ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේට ගමෙන් දානය ලබා ගැනීම අපහසු තත්ත්වයක් තිබීමෙන් ම ගමේ දිළිඳුකම පිළිබඳ යම් වැටහීමක් ගත හැකි ය. පවුල් 30% ක් පන්සලට දානය සැපයිමට අපහසු ආර්ථික මට්ටමක සිටින බව සමීක්ෂණයේ දී පැවසුහ. විවිධ දුෂ්කරතා නිසා පන්සල සමඟ සම්බන්ධයක් නොමැති බෞද්ධ පවුල් 18 ක් ආරම්භක අවස්ථාවේ දී ම හමුවිය.එවැනි ආර්ථික, සංස්කෘතික, ආගමික හා සදාචාරාත්මක වාතාවරණයක් තිබු තබ්බෝව 7 කණුව ගමට ලෞකික හා ලෝකෝත්තර දියුණුවක් ලබාදිමට අත්තිවාරම සැකසීම ධර්මවිජය පදනමේ අභිප‍්‍රාය විය.

ඉහත සඳහන් කළ පරිදි තබ්බෝව ජනතාවගෙන් රාශියක්ම කෘෂිකර්මයෙන් යැපෙන්නන් වැඩි දෙනෙක් තමන්ගේම ආර්ථික වගාවකට වඩා කෘෂිකර්ම කුලී ශ‍්‍රමිකයන් ලෙස රැකියාව කරති. එහෙත් අලි උවදුරෙන් ගැහැට විඳින ඔවුන්ට පොල්, කෙසෙල් වැනි භෝග වගා කළ නොහැකි ය. එනිසාම ඔවුන්ගේ ආර්ථික ශක්තිය වර්ධනය සඳහා පළතුරු වගාවට මුල් තැන දී වර්ෂයේ තෙවරක් ඵල දරණ ඉහළ ගුණාත්මක තත්ත්වයෙන් වගාකළ හැකි, වියළි කාලයට ඔරොත්තු දෙන දිවුල් ගසට බද්ද කළ දොඩම් වගාව ප‍්‍රදේශයේ ප‍්‍රධාන වගාව දියුණු කිරීමට සෑම ගෙදරකම දොඩම් පැළ බෙදා දෙන ලදී. පළාතේ කෘෂි උපදේශකගේ තාක්ෂණික උපදෙස් මත වගාව සිදුවේ. ගමේ ප‍්‍රධාන භෝගය දොඩම් වගාව හෙයින් හොඳ වෙළඳපලක් සංවිධානය කිරීමේ හැකියාව ඇත.

තබ්බෝව වැසියන් අඩු ආදායම් ලබන හා ඉතිරිකිරිම් දුර්වල වීමේ හේතුවෙන් නිවාස 37 ක්, අනාරක්ෂිත, අස්ථිර, දුර්වල වූ හා අතු ආවරණයෙන් නිම කළ, බිත්ති සහ අතු සෙවිලි කළ නිවාසයන්ගෙන් යුතු විය. එනිසා පළමුවෙන්ම හිසට ස්ථිර සෙවනක් දීමට තීරණය කළ ධර්මවිජය පදනම ඔවුන්ට ස්ථිර වහලක් සඳහා තහඩු ලබාදෙන ලදී. තහඩු සෙවිලි කර ගැනීමට තරම් ශක්තිමත් නොවූ වහලවල් සඳහා ලී දඩු සැපයීය. දොර ජනෙල් නොමැති නිසා දරුවන්ගේ ආරක්ෂාව ප‍්‍රමාණවත් නොමැති නිවාසවලට අඩු වශයෙන් ආරක්ෂා සහිත කාමරයක්වත් සැපයෙන පරිදි දොර ජනෙල්, ජනෙල් පියන් ලබාදී ආරක්ෂාව තහවුරු කෙරිණ. අතු ආවරණය කළ බිත්තිවලින් යුතු හා අලි ප‍්‍රහාර වලින් කැඩුන ගෙවල් සඳහා ගඩොලින් නිම කළ බිත්ති සහිත නිවාස යළි ඉදි කරන ලදී.

වැසියන්ට සනීපාරක්ෂක දිවිපෙවෙතක් තහවුරු කිරීම අපගේ ඊළඟ අරමුණ විය. ගෙවල් 30 කට වැසිකිළි නොතිබිණි. තිබෙන වැසිකිලි සනීපාරක්ෂක තත්ත්වයේ නොවීය. බොහෝ වැසිකිලිවලට වැසිකිළි දොර, වහල නොමැති විය. එහෙයින් සියළුම නිවාසවලට සනීපාරක්ෂක වැසිකිළියක් ලබාදීම තහවුරු වන සේ ඉදිකිරිම් සිදු කෙළෙමු.

ගෙවල් 25 කට ප‍්‍රාදේශීය ප‍්‍රජා ජල සැපයුම මගින් වතුර සැපයෙතත් එය බීමට හා ආහාර පිසීමට සුදුසු නැත. ළිං වතුර ලබා ගන්නා පවුල් 16 ක් ඇතුඵ සියඵ දෙනා බීමට ජලය ලබාගන්නේ රු.50-60 වැනි මුදලකට බාහිර ප‍්‍රදේශයකිනි. ධර්මවිජය පදනම විදේශීය දානපතිනියකගෙන් ආධාර ලබාගෙන රුපියල් ලක්ෂ තුනක් වැය කර ශ‍්‍රී ශාක්‍ය මුනින්දාරාම විහාරස්ථාන භූමියේ නල ළිඳක් තැනීය. ඊට අමතරව තවත් නල ළිං තනා දීමට පියවර ගනිමින් සිටි. දැනට ඇති නල ජලය හා ලිං ජලය බීමට පිරිසිදු මට්ටමට වර්ධනය කිරීම ජල සාම්පල් පරික්ෂාවෙන් පසු සිදු කෙරිණි. තරුණ තරුණියන් සඳහා වෘත්තීය පුහුණුව ලබාදී රැකියා ගැන්වීම සඳහා වෘත්තිය පුහුණු අධිකාරිය වෙත යොමු කර ඔවුන්ගේ පාඨමාලා ගාස්තු, ගමන් වියදම් හා දෛනික වියදම් ධර්මවිජය පදනමින් දරයි. ඉන් උත්සාහ කරන්නේ පුහුණුවෙන් පසු රැකියාවක් හෝ ඔවුන්ට ඔවුන්ගේම ජීවන වෘත්තියක් ලබා ගැනීමට මාර්ගය සැලසීමයි නිවාස සමීක්ෂණයේ දී බලවත් රෝගාතුර තත්ත්වය හේතුවෙන් ගෘහ ආර්ථිකය කඩාවැටුණු පවුල් කීපයකට වෛද්‍ය ආධාර හා ඖෂධ ලබා ගැනීමට මුදල් ලබා දී ඔවුන් සුවපත් කිරිමට කටයුතු කෙරිණි.විශේෂඥ වෛදවරුන් මාතෘ සායන පවත්වන ලදී. ගමේ අක්ෂි රෝගීන් හඳුනා ගැනීමට හැකිවන පරිදි තෝරා ගත් කණ්ඩායමකට පුහුණුවක් ලබා දී ගමේ සියඵ දෙනා ඇස් පරීක්ෂාවට ලක්කර, ප‍්‍රතිකාර ලබා ගැනීමට යොමු කිරීම හා ඇස් කන්නාඩි ලබාදීම විශේෂඥ අක්ෂි වෛද්‍ය වරයකු විසින් සිදු කෙරිණි.

තබ්බෝව ශ‍්‍රී ශාක්‍ය මුනින්දාරාම ධර්මවිජය සමාජය මගින් මේ සියලූ කටයුතු ක‍්‍රියාත්මක කෙරේ. ප‍්‍රදේශයේ සදාචාර වර්ධනය, ධර්ම ඥාණ වර්ධනය සඳහා වැඩසටහන් කීපයක් ම එම ධර්මවිජය සමාජය මගින් සංවිධානය කර ක‍්‍රියාත්මක කළෙමු. භෞතික සංවර්ධනය සිදු කරන අතර, මානසික වර්ධනය හා සදාචාර සමාජයක් ගොඩනැගීම එහි පරමාර්ථයයි.

විහාරස්ථානයේ සියළුම ආගමික කටයුතුවලට සහභාගි කරවීම, දහම් පාසලට දරුවන් යැවිම, වැඩිහිටියන් හා දරුවන් පොහොය දින සීල වැඩසටහනට සහභාගි කරවීම, සවස බෝධි පුජාවට සහභාගි වීම හා පන්සලට අඛණ්ඩව දානය සැපයීම, සඳහා සියලූම පවුල් උනන්දු කරන ලදී. මාසික දාන වැඩසටහන ඒ අනුව සකස් විය. සිල් ඇඳුම් නොමැතිකමින් සිල් නොගන්නා අයට සිල් ඇඳුම් නොමිලේ ධර්මවිජය පදනම ලබාදුනි. දහම් පාසලට දරු දැරියන් 25 දෙනෙකුට දහම් පාසල් ඇඳුම් සැපයීය. දහම් පාසල් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් මහරගම සිරි වජිරඤාණ ධර්මායතනයට ගෙන්වා අවශ්‍ය පුහුණුව හා මඟපෙන්වීමත් ද්‍රව්‍යමය ආධාර සැපයීමත් සිදු කෙරිණ. එමඟින් දරුවන් දහම් පාසල් අධ්‍යාපනයට උනන්දු කරවීය. දහම් පාසලට ඩෙස්, බංකු, කළුලෑලි, ගුරු පුටු, ගුරු මේස, කබඞ්, පුස්තකාල පොත් ලබාදෙන ලදී. දහම් පාසලේ ඉගැන්වීමට ගුරුවරුන් සුදානම් කළ අතර ඔවුන්ට පුහුණුවක් ලබා දේ.

ව්‍යාපෘතිය ආරම්භ කරන අවදියේ දී ශ‍්‍රී ශාඛ්‍ය මුනින්දාරාමයේ කිසිම ස්ථිර ගොඩනැගිල්ලක් වැසිකිලි පහසුකමක් නොතිබිණි. ධර්මවිජය පදනමේ මුලිකත්වයෙන් විදේශීය රාජ්‍ය නොවන සංවිධානයක් වූ සාමය හා දයාව පදනම හා එක්ව ධර්මවිජය පදනම වර්ග අඩි 1200 ක දෙමහල් ගොඩනැගිල්ලක් රුපියල් ලක්ෂ 30 වියදමින් ඉදිවෙමින් පවතී. එය 2013 නොවැම්බර් මස 09 දින විවෘත වේ. එවිට වරකට 150-200 පමණ රැුස්වීමට ශාලාවක් හා සංඝයා වහන්සේට වාසය කිරිමට පහසුකම් සැපිරේ.

තබ්බෝව ගමේ ජනතාවගේ මෙන්ම දරුවන්ගේ දහම් අවබෝධය හා සදාචාර වර්ධනය ඇතිකර පූර්ණ සංවර්ධනයක් කරා ලඟාවීමට විවිධ ආගමික වැඩසටහන් සඳහා බරපැන දරන අතර දරුවන්ගේ ඉංග‍්‍රීසි අධ්‍යාපනය නැංවීමට නොමිලේ ඉංග‍්‍රීසි පන්තියක් ආරම්භ කෙරිණ. සතියකට දින 3 ක් ප.ව. 3-5 දක්වා ප‍්‍රදේශයේ ම ඉංග‍්‍රීසි ගුරුවරියක් විසින් ධර්මවිජය පදනම විසින් ලබාදුන් පාඨමාලාව අනුව පන්ති පවත්වාගෙන යයි. ඊට ශිෂ්‍ය ශිෂ්‍යාවන් 28 ක සහභාගි වේ. ගුරු වැටුප් සහිත සියලූ වියදම් ධර්මවිජය පදනම දරයි. එසේම දරුවන්ගේ කුශලතා වර්ධනය, ධර්මවිජය පදනම මගින් වරින්වර අධීක්ෂණය කෙරේ.

ආගමික පරිසරයක් තුළ සදාචාර වර්ධනය සඳහා පොහොය දින වැඩ සටහන් සංවිධානය ගැන ධර්මවිජය පදනම විශේෂ අවධානය යොමු කෙරින. පොහෝ දින ආරාධිත ස්වාමින් වහන්සේ වවඩමවා තෝරාගත් මාතෘකා යටතේ ධර්ම දේශනා පැවැත්වේ. සෑම පොහොය දිනකම ධර්ම කථික ධර්මධර භික්ෂුන් වහන්සේ බැහැර ප‍්‍රදේශයෙන් වැඩමවයි. ඊට වැය වන මුදල් ධර්මවිජය පදනම විසින් දරනු ලැබේ.

සංවර්ධන කටයුතු සඳහා ධර්මවිජය පදනම රුපියල් ලක්ෂ 13 ක් පමණ වියදම් කෙරිණ. රුපියල් ලක්ෂ 30 ක් වැය කර ශ‍්‍රී ශාක්‍ය මුනින්දාරාමයේ රැස්වීම් ශාලා මන්දිරය සාමය හා දයාව පදනම මගින් ඉදි වේ. තබ්බෝව දිළිඳුකම පිටුදැකිමේ දෙවන අදියර ප‍්‍රධාන වශයෙන්ම සාරධර්ම වර්ධනය අරමුණු කරගත් වැඩසටහනකි. එහි ඇස්තමේන්තුගත වියදම රුපියල් ලක්ෂ 12 කි. පළමු පියවරේ තවදුරටත් සිදුකිරිමට නියමිත වැඩ කොටසට රුපියල් ලක්ෂ 2.1 ක් ධර්මවිජය පදනම විසින් දරයි. ශ‍්‍රී ශාක්‍ය මුනින්දාරාම භුමියට යාබඳව රුපියල් ලක්ෂ 3 ක් වැයකර නල ලිඳක් තැනීය.

ව්‍යාපෘතිය අරඹා මාස ............ පසු තබ්බෝව දිළිඳුකම පිටු දැකිමේ ව්‍යාපෘතියේ පළමු අදියර නිමවෙද්දි ජනතාව ආගමික කටයුතුවලට නැඹුරුවීමත් ජීවනෝපායේ ගුණාත්මක වර්ධනයකුත් දැකගත හැකි විය. දෛනික ජීවන රටාව හැඩගැසෙමින් පවතී. දරුවන්ගේ ආගමික දැනුම හා නොමිලේ ඉංග‍්‍රිසි දැනුම ලබා ගැනීමට අඛණ්ඩව සහභාගි වේ. ජනතාවට සනීපාරක්ෂණ නිවසක් හා ආර්ථික වටපිටාවක් ගොඩනැගිණ. විහාරස්ථානය මුල්කර ගත් ආගමික පුනර්ජීවයක් ගොඩ නැගෙමින් පවතී. කැපීපෙනෙන ආර්ථික හා සමාජීය වර්ධනයක් අපේක්ෂාවෙන් ධර්මවිජය පදනම අඛණ්ඩව එම කටයුතුවල අධීක්ෂණයත් ආධාර සැපයීමත් සිදුකරගෙන යයි. මේ කටයුතුවලට සහයෝගය දුන් හා මූල්‍යමය ආධාර සැපයූ සැමට පුණ්‍යානුමෝදනාත්මක ස්තුතිය පුද කරමු.

දහම් පාසල් දරුවන්ගේ ලේඛන කුසලතා ඇගයීම
අග්ගමහාපණ්ඩිත අතිපුජ්‍ය මඩිහේ පඤ්ඤාසිහ මහානායක ස්වාමින් වහන්සේ අපවත් වී වසර දහයක් ගතවීම හා ජන්ම ශත සංවත්සරය 2013 වසරට යෙදී තිබුන අතර, ඒ නිමිත්තෙන් සිදු කරන ලද ගුණානුස්මරණ වැඩසටහන් රාශියකි. ඉන් එකක් වූයේ ධර්මවිජය සමාජ 456 අලලා ලේඛන කුසලතා ඇගයීමේ වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීම යි. දහම් පාසල් දරු දැරියන්ට තෝරාගත් මාතෘකා තුනක් සපයා ඒ යටතේ සකස් කළ රචනා ඇගයීමට භාජනය කර, පළමු, දෙවන හා තෙවන ස්ථාන ගත් රචනාවලට මුදල් හා සහතික පත් ප‍්‍රදානය කිරීමත්, සෙසු කුසලතා සහතික ප‍්‍රදානය කිරීමත් 2013 ජුනි මස 15 දින ධර්මවිජය පදනමේ දී සිදු කෙරිණි. එහි දී ප‍්‍රථම ස්ථානය දිනා ගත් වී.ඒ.මධුවන්ති බෝපගේ ශිෂ්‍යාව විසින් ඉදිරිපත් කළ රචන පහත දැක්වේ.

මහානාහිමියන්ගේ සියවන ජන්ම ශත සංවත්සර පිංකම
අතිපුජ්‍ය අග්ගමහාපණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්ථවිරපාදයාණන් වහන්සේගේ අවුරුදු සියය උපන්දින සැපිරීම හා අපවත් වී වසර 10 ක් ගතවීම 2013 වසරට යෙදීම මුල්කර ගනිමින් උන්වහන්සේට පිං පැමිණවීම සඳහා සාංඝික දාන පිංකමක් ධර්මවිජය පදනම් මූලස්ථානයේ දී සිදු කරන ලදී. ඊට ගෞරවණීය සංඝයා වහන්සේලා 25 නමක් පමණ වැඩම කරන ලදී.

නවීන ලෝකය ජය ගන්න නම් .........
2011 වසරේ අ.පො.ස (සා/පෙළ) විභාගයෙන් දිස්ත‍්‍රික් මට්ටමින් ප‍්‍රථම 200 දෙනා අතරට පැමිණි සහ එම වසරේ දහම් පාසල් අවසාන විභාගයෙන් සමත් සිසු සිසුවියන්ට අතිපුජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ නාහිමි ප‍්‍රණාම සහතිකපත‍්‍ර හා ත්‍යාග ප‍්‍රදානෝත්සවය 2013 ජුනි 15 වන දින ධර්මවිජය පදනමේ මුලස්ථානයේ දී පැවැත්විණ.



සදාචාර සම්පන්න සුන්දර සමාජයක් ගොඩ නඟා ගැනීමට දරණ උත්සාහයේ එක් වැඩසටහනක් ලෙස මෙම වැඩ සටහන සෑම වර්ෂයකම සිදු කරනු ලැබේ.
2013 වසරේ ත්‍යාග ප‍්‍රධාන උත්සවයේ, අනාගත අභියෝග ජය ගැනීම සඳහා සිංහල බෞද්ධ දරුවන්ට පැවරෙන වගකීම, යන මැයෙන්, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ප‍්‍රනීත් අබේසුන්දර මැතිතුමා කළ විශේෂ දේශනය පහත දැක්වේ. මෙහි දී ඔබ අමතා කතා කරන්නට ලැබීම මගේ ජීවිතේ වාසනාවන්ත අත්දැකීමක්. ඊට හේතුව අපේ රට ගමන් කරන දිශාව අතරේ ඔබ වැනි පින්වන්ත දරුවන් නැණවත් දරුවන් වෙනමම තේරිලා ඇවිල්ලා ඒ අයට කතා කරන්න අවස්ථාව ලැබීම. ගුණසේකර මහතා පැවසු පරිදි පැමිණි වෙලාවේ මම බැලූවේ ඔබ දිහා. මෙතන ඉන්නේ හුඟක් ගැහැණු දරුවෝ. මාසෙකට කලින් ශ‍්‍රී ජයවර්ධනපුර සරසවියට අලූත් කණ්ඩායමක් 1000 ක් ගත්තා ශාස්ත‍්‍ර පීඨයට 893 ක් ගැහැණු ළමයි හාමුදුරුවෝ 32 යි ඉතුරු හරිය පිරිමි ඒ අය අඩුයි. මේක අවුරුදු ගණනක ඉඳලා බලනවා, අපි මෙය අත්දකිනවා. නමුත් රටකට නායකත්වය දීමේ දී ස්ත‍්‍රී පුරුෂ දෙකම සමානව යනවා නම් මේ රට ගොඩනගන්න පහසු වෙනවා. අපේ මහානායක හාමුදුරුවන්ගේ තේමාව වුනේ මිනිහාත් හදා ගනිමින් රට හදා ගනිමු යන්නයි. අද මට මාතෘකාවක් ලැබිලා තියෙනවා මෙහිදි සිංහල බෞද්ධ දරුවන් කියන එක සුවිශේෂයි. එහිදි අදහස් වෙන්නේ අපේ අනන්‍යතාව. මේ අනන්‍යතාව කියන සංකල්පය ඉතා වැදගත්. අද අප අතීතයට වඩා ගමන් කරන්නේ අනාගත ලෝකයටයි. ජගත් වැසියන් හැටියට තමයි අපේ අය යන්නේ. එහි සිංහල බෞද්ධයින් හැටියට මේ අනන්‍යතාව ද රැක ගනිමින් ජගත් සමාජයට එක්වන්න පුලූවන් නම් ඒක තමයි ඔබේ ජීවිතේ ජයග‍්‍රහණය. ඇතැම් අය මේවා මේ ලෙසම ජය ගන්නවා. නමුත් ඇතැම් අය පසු බහිනවා එහිදි කරුණු ගණනාවක් දක්වනවා. මේ ළමයි හොඳට මතක තියාගන්න ජීවිතයේ එක පැත්තක තියෙන්නේ ක‍්‍රීඩාව. කී‍්‍රඩා කරන්න ඕන හොඳට සෙල්ලම් කරන්න ඕන ඒ කියන්නේ ව්‍යායාම නෑ ක‍්‍රීඩාව නෑ. අද ළමයි කන්නේ අපථ්‍ය ආහාර. එබැවින් දරුවන් රෝගීන්. කායිකවත් මානසිකවත් දරුවෝ රෝගීන්. එවිට නිරෝගි සම්පන්න පෞරුෂය ඇති වැසියන් හැටියට අනාගත ලෝකය ජය ගන්න අපහසුයි.
අනික් පැත්ත තමයි සෞන්දර්යය. සෞන්දර්ය කියලා කියන්නේ ඉතාම වැදගත් දෙයක්. සමහර ලේඛනවල තියෙනවා බුදුදහම සෞන්දර්ය පැත්ත අගය කළේ නැද්ද කියලා අදහසක්. ඒක වැරදි සංකල්පයක්. බුදුන් වහන්සේ සෞන්දර්ය ඉහළින් අගය කළා. කලාව දැකලා තියෙනවා, අගය කරලා තියෙනවා. එහි එක වෙනසක් තියෙනවා අපි එහි ඇලෙනවා. අපි එහි ඇලෙනකොට ගැටෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ නිරාමිස නිරාලම්භ ගුණයක්. අර ගාථාවක් තියෙනවනේ "නතෙ කාමායානි චිත‍්‍රාණි ලෝකේ පුස්සස්ස කාමො සංකප්පරාගො" මේ වගේ ගාථාවල දේශනා කරලා තියෙනවා ලෝකය පුදුම විචිත‍්‍රවත් වු සෞන්දර්යයෙන් පිරුණු තැනක්. සියලූ රස කැටිවුණු චමත්කාරයෙන් පිරුණු තැනක්. කඳුවැටි, ගංගා, සතුන්, වනාන්තර, මල් පළතුරු මේ ඔක්කොම කැටිවුණු තැනක්. මේවායෙ ඇලෙන්නැතුව ගැටෙන්නැතුව ජීවත් වෙන්න පුලූවන්නම් එය තමයි අගය කළ යුත්තේ. ඉතින් ජීවිත ජය ගන්නකොට ඉතාම වටිනා දෙයක් ක‍්‍රීඩාව. අනිත් පැත්තේ සෞන්දර්යය, නැටුම් ගැයුම්, ප‍්‍රතිමා, මූර්ති, කවි, කෙටිකතා, නවකතා, නාට්‍ය, හොඳ සිනමා කෘති ඇසුරු කිරීම හොඳයි.
සඳකඩපහන ගැන ඇහුවම දන්නේ නෑ හුඟක් ළමයි. මම මේ ළඟදිත් ඇහුවා හට්ටියෙයි මුට්ටියෙයි වෙනස. උසස් පෙළ ළමයි විශ්ව විද්‍යාලයට ආවම දන්නේ නෑ අපේ රට ගැන, අපේ ඉතිහාසය ගැන. අපේ පුරාණය ගැන අහලා නැති තරම්. ඉන්දියාව අපි ගැන ඉගෙන ගන්නවා. ඉන්දියාවේ කල්කටා නුවර ඉන්නවා පරම්පරා තුනක් අවුරුදු 50 ක් තිස්සේ ඉගෙන ගන්නවා. ලංකාව කියන භූමිය ගැන අධ්‍යයනය කරනවා. අපේ හැම විශ්ව විද්‍යාලයෙම තියෙනවා ලංකා ශාලාව සිලෝන් රූම්. එහි එකතු වෙලා තියෙනවා ලංකාව පිළිබඳ කෘති. ලංකාව පිළිබඳ විශිෂ්ටතම ග‍්‍රන්ථ නාමාවලිය හැදුවේ පේරාදෙණියේ හිටපු පුස්තකාලයාධිපති ඉයන් ගුණතිලක මහතා. හුඟක් අය ඒවා ගැන දන්නේ නෑ එහි එකතු කරලා තියෙනවා එතුමා මිය යන තෙක් ලංකාව ගැන ලෝකයේ හරි ලංකාවේ හරි ලියැවුණු කෘතීන් ලේඛන තියෙනවා නම් ඒවා එකතු කරලා තියෙනවා. ලංකාවේ පැරණි විද්වත් සභාවක් තමයි රාජකීය ආසියාතික සමිතිය. එහි පාලි විෂය, සංස්කෘතිය, බුද්ධ ධර්මය වගේ නොයෙක් භාෂා ශාස්ත‍්‍ර ගැන ඉතිහාසය, පුරාවිද්‍යා තොරතුරු එකතු කරලා තියෙනවා. අර පැත්තෙන් කෞතුකාගාරය තියෙනවා. මෙහෙන් රාජ්‍ය ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව තියෙනවා. අනික් පැත්තෙන් තියෙනවා පුස්තකාල සේවා මණ්ඩලය කියලා එකක් කොළඹ. ඒ ජාතික පුස්තකාලය යි. අනිත් පැත්තෙන් මහජන පුස්තකාලය. අද විශ්ව විද්‍යාලවල පුස්තකාල වේලෙනවා. ළමයි තියා ආචාරය මහාචාර්යවරු පවා පුස්තකාල පරිහරණය කරන්නේ නැහැ. ඒ නිසා කරුණු කීපයක් දක්වන්න පුලූවන්. ඒ නිසා නවීන ලෝකය ජය ගැනීමේ දී පළමුවැනි කාරණය විදියට විද්වතුන් දක්වන්නේ භාෂා ඥානය. ඉංග‍්‍රීසි භාෂාවෙන් කියන්නේ literate කියලා. එහිදි අද සිංහල පිළිබඳව තියෙන්නේ ඉතාම භයානක අගාධයට වැටුණු තත්ත්වයක්. වාක්‍යය ලියන්න බැහැ නිවැරදිව. සරල වාක්‍යය උක්තය ආඛ්‍යාතය යොදලා නිවැරදිව වාක්‍යයක් ලියන්න බැහැ. ළමයින්ට විතරක් නෙමෙයි ආචාර්ය මහාචාර්යවරුන්ටත් බැහැ. ඒක අපි දන්නවා. අපිටත් වරදිනවා මොකද අපි භාෂාවෙදි සිංහලට වඩා දැඩි අවධානයක් යොමු කරන්නේ ඉංග‍්‍රීසි භාෂාව පිළිබඳව. ඉංග‍්‍රීසි වනාහි උපකාරක භාෂාව. එය මැනවින් ප‍්‍රගුණ කළ යුතුයි. මම දන්නෙ නැහැ මෙතන ඉන්න අය ගැන. ගැඹුරු අවබෝධයක් මට නැහැ. නමුත් මම එක දෙයක් දන්නවා. මම දන්න දෙමළ පවුලක් ඉන්නවා. ඔවුන් අපෙන් අහගෙන සිංහල ඉගෙන ගන්නවා. නමුත් දෙමළ ඉගෙන ගන්න ඔවුන්ගෙන් ඇහුවම ඒ අය අහන්නේ ඇයි මොකටද මහන්සි වෙන්නෙ කියලා. ඒ අය කියලා දෙන්නෙත් නැහැ. නමුත් දෙමළ භාෂාව ඉගෙන ගත යුතුයි. ලෝකය ජය ගන්න. එතකොට සිංහල අපේ මව් භාෂාව සිංහල ඉගෙන ගැනීමේ දී පාලි හා සංස්කෘත ඉතා වැදගත්. මගධ භාෂාවෙන් තමයි බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළේ. පොදු ජනතාවගේ බස, මගධ බස. ඔබ දන්නවා අද ඉන්දියාවේ පරිපාලන සේවා විභාගයෙන් පාලි භාෂාව අයින් කරලා තියෙනවා. ඉන්දියාවත් බයෙන් ඉන්නෙ. ඉන්දියාව බුදුරජාණන් වහන්සේ ඉපදුන දේශය.
ඉන්දියාව බුදු දහම ඉගෙන ගන්නවා. ඊට වඩා නැඹුරුවක් තියෙනවා බටහිර අයගේ බුදුදහම ඉගෙන ගන්න. ඒ අය බෞද්ධ කියලා කියන්නෙත් නැහැ. හැබැයි ඔවුන් බුදුදහම ඉගෙන ගෙන ඒ අනුව පිළිවෙත් රකින්න ජීවත්වෙන්න උත්සාහ කරනවා. මොකද ජීවිතයේ ප‍්‍රධානම කාරණය තමයි සැනසීම, සතුට. අද එය ලොවට අහිමියි. ඒ නිසා මේ දරුවෝ මතක තියා ගන්න. භාෂා ශාස්ත‍්‍ර දැනුම ලබා ගැනීමෙන් අපට හුඟක් අභියෝග ජයගෙන නිම් වළලූ තරණය ක දෙවැනි කාරණය Numerate ගණිත ඥානය. ගණන් කිව්ව ගමන් සිංහල බෞද්ධ ළමයින්ගේ මුහුණු මුකුලිත වෙනවා. මුහුණු ඇඹුල් වෙනවා. බෙරි වෙනවා. අපෝ කියලා කියනවා. ගණිතයට බොහොම දක්ෂයි යාපනේ අය. ඒ අයගෙන් ඇහුවම කියන්නේ අපි පුංචි කාලේ ඉඳලම ගණිත ඥානය ළමයින්ට ලබාදෙනවා කියලා. ගණිතය ඉගෙන ගන්නා ඕනා. ගණිතය ඉගෙන ගන්න කෙනාට හුඟක් දේ ඉගෙන ගන්න පුඵවන්. ගණිතය ඉගෙන ගන්න කෙනා තාර්කිකයි. අද ලංකාවේ ගොඩනැගිලා තියෙන්නෙ අතාර්කික සමාජයක්. බුදු දහමේ ප‍්‍රධානම නියාම ධර්මය හේතුඵලවාදය. තර්කයක් තියෙනවා. හැබැයි බොරු තර්ක පුස් තර්ක අධම තර්ක නැහැ බුදුදහමේ. ලෝකයේ තියෙන්නේ තර්ක දෙකයි අන්ත දෙකයි උභතෝ කෝටිකය කියලා. අන්ත දෙකක් තියෙනවා ඇත හෝ නැත කියලා. බුදු දහම ගැඹුරින් ඉගෙන ගන්න කොට තේරෙනවා චතුස් කෝටිකයක් තියෙනවා කියලා. ඇත හෝ නැත ඇත්තේත් නැත නැත්තේත් නැත. යනුවෙන් අපි මේවා තර්ක විද්‍යාවේදී ඉගෙන ගන්නවා. ඔබ මේවා ගැන තව ටිකක් ඉදිරියට යනකොට මහන්සි වෙලා ඉගෙන ගන්න බලන්න.රලා එහාට යන්න පුඵවන් වෙනවා.
තුන්වැනි කාරණය නූතන ලෝකයට පරිගණකය අවශ්‍යයි Computer ජය ගන්න ඕනා අපේ හුඟක් ළමයි කරන්නේ කොම්පියුටර් ගේම් ගහන එක. තමන්ට හිතකර නොවන කාටුන් තියෙනවා. මම දන්නවා මම ඉගෙන ගත්තු විද්‍යාලයෙ ළමයි 22 ක් විතර ඉන්නවා. මනස අවුල් වෙච්ච දරුවෝ ගේම් ගහලා. එක ළමයෙක් ඉන්නවා A 9 යි A/L කරන්න බැහැ ඒ ළමයාගේ මනස අවුල් වෙලා. කොම්පියුටර් ඉගෙන ගන්න අවශ්‍යයි අන්තර්ජාලයට යන්න. ඒ ශක්‍යතාව ඒ කුශලතාව ඔබට අවශ්‍යයි ඉදිරියට යන්න. ඒ නිසා එ ගැන දැඩිව හිතේ තියාගන්න දැන් මේකෙදි ඉංග‍්‍රීසියෙන් වචන පාවිච්චි කරලා Computer Literature. Computerate මම දන්නෑ ඕල්කට් ගුණසේකර මහත්තයා වගේ භාෂා විශාරදයින් ඒ ගැන හොඳටම දන්නවා.
අනිත් කාරණය තමයි scientific attitude විද්‍යාත්මක ආකල්ප තියෙන්න ඕනා. ජීවිතය විශ්වය ගැන විද්‍යාත්මක ආකල්පය ඉතා ගැඹුරින්. මේ නුතන විද්‍යාත්මක කරුණු නොවේ අනික් පැතිවලින්. බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තියෙනවා ජිවිතය ගැන ලෝකය ගැන. එතකොට අපට පසක් වෙනවා, අපි කොහේද යා යුත්තේ කියල. එනිසා විද්‍යාත්මක ආකල්පය ඉතා වැදගත් වෙනවා ජිවිතය තරණය කරන්නට.
ඊළඟ කාරණය Democracy සිංහලෙන් කියන්නේ අපට පුරුදු වචනය ප‍්‍රජාතන්ත‍්‍රවාදය. මේ වචනය පාවිච්චි කරන්න සුදුසුද කියන තැනක තමයි අද ලාංකික සමාජයේ නූතන ගමන් මාර්ගය සටහන් වෙලා තියෙන්නේ. ඒ කෙසේ වෙතත් එය හුදු දේශපාලනික සංකල්පයක් නොවෙයි. මෙහිදි අදහස් කරන්නේ අනුන්ගේ බඩගින්න පිපාසය දැනෙන තමන්ගේ ළඟ ඉන්න කෙනා සහෝදරයෙක් වගේ හිතන, තමන් විතරක් නොවෙයි තවත් අය මේ ලෝකේ ජිවත් වෙනවා කියලා හිතාගෙන කාගෙවත් අයිතිවාසිකම් උල්ලංඝනය නොකර මේ ලෝකේ ජීවත්වෙන්න අධිෂ්ඨාන කර ගන්න එක. බුදුරජාණන් වහන්සේගේ මුල් ධර්ම තුළ සූත‍්‍රවල මේ ධර්මතාව කතා කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගෙන් ප‍්‍රශ්න අහලා තියෙනවා ඒ ප‍්‍රශ්නවලට උත්තර දීලා තියෙනවා ඒ උත්තරවලට අරගෙන තියෙන නිදර්ශනම පොදු ජනතාව අතරේ තියෙන නිදර්ශන. බල්ලෝ, පුසො, වැස්ස, වලාකුළු, ඉර හඳ, දිය දහරාවන්, කුඹුරු යායවල් මේවා තමයි උදාහරණ ලෙස අරගෙන තියෙන්නේ. ආනන්ද හාමුදුරුවො ප‍්‍රශ්න අහලා තියෙනවා මිනිස්සු ගැන ආනන්ද හාමුදුරුවෝ අහපු එක ප‍්‍රශ්නයක් තමයි කල්‍යාණ මිත‍්‍රයෝ කියන්නේ ජීවිතයෙන් හරි අඩක් වගේ නේද කියලා බුදුරජාණන් වහන්සේ කියනවා ,ආනන්දය, කල්‍යාණ මිත‍්‍ර කියන්නේ ජීවිතයෙන් අඩක් නොවෙයි මුළු ජීවිතයමයි කියලා. ජීවිතයෙ දි මතක තියාගන්න සිංහල බෞද්ධ කියලා කිව්වම සංකල්ප දෙකක් එකතු වෙලා තියෙනවා. සිංහල කියන්නේ අපේ ජාතික ඉතිහාසයෙන් අපට උරුම වෙලා තියෙන දෙයක්. මේ අනන්‍යතාවට අනතුරු කැස කවන නොයෙක් අය අප ඇසුරු කරනවා සමහර අය හිතාමතාම සමහර අය නොදැනුවත්වත් සවිඥානිකව අපට වින කරලා අපේ මනසට ඇතුඵ වෙනවා. පරිගණකයත් එහෙමයි. ලංකාවේ ටෙලිවිෂන් සංස්කෘතියත් එහෙමයි. ලංකාවට ටෙලිවිෂන් එන්නේ 1979 පෞද්ගලික රූපවාහිනියක් වශයෙන්. ජාතික රූපවාහිනියක් එන්නේ 1982 මේ රූපවාහිනිය ඒ කාලේ නායකයෝ ගත්තෙ නෑ. ඇයි? බය වුනා. ඒකට පුළුවන් අපේ මනසට රිංගන්න. එක පෞද්ගලික රූපවාහිනියක් තියෙනවා ලංකාවේ. ඒ ජන සංස්කෘතික සංහාරයක් කරනවද කියලා අපට සැකයක් තියෙනවා. විශේෂයෙන් ම සිංහල බෞද්ධ සංකල්ප විනාශ කරනවා. ඒ අයගේ භාෂාවෙන් කරන වැඩසටහන් වලදී ඒ අයගේ සංස්කෘතිය මැනවින් විදහා දක්වනවා. නමුත් සිංහල භාෂාවෙන් අපට ලබාදෙන වැඩ සටහන්වලදි අපේ මනසට ඉහඳ තියනවා. ඉහඳ තියනවා කියන්නේ පණුවෝ ගහන්නසලස්සනවා කියන එක. හදවත විනාශ වෙනවා. ඉතාම පහත් සිංදු, නරකම ටෙලිනාට්‍ය තමයි යන්නේ. අපේ දරුවෝ පැය දෙකකට වඩා ටෙලිවිෂන් බලනවා. ඒ නාලිකාවේ අයිතිකාරය අලූත් නිෂ්පාදකවරුන් ගන්න කොට කියලා තියෙනවා 83 ඇවිලූණු ගිනි දැල් තාම නිවිලා නැහැ කියලා ඒ නිසා ඒකත් මතක තියාගෙන වැඩසටහන් නිෂ්පාදනය කරන කොට වැඩ කරන්න කියලා..
මේක ඉතාම භයානක ප‍්‍රකාශයක්. ඒ කියන්නේ අපේ සිංහල බෞද්ධ අනන්‍යතාව කියන එක විනාශ කරනවා කියලා. හරිම පරිස්සම් විය යුතු යි. කල්‍යාණ මිත‍්‍රයෝ ආශ‍්‍රය කරන කොට ඒ අය සත්පුරුෂයෝ නම් සත්පුරුෂයෝ තමයි කල්‍යාණ මිත‍්‍රයො වෙන්නේ. හුඟක් වෙලාවට නරක අයත් කල්‍යාණ මිත‍්‍රයො වෙසින් එනවා. ඒ නිසා හරිම පරිස්සම් විය යුතු යි. ඇවතුම් පැවතුම්වලදි අපි කොයි වගේ අය ද ආශ‍්‍රය කරන්නෙ කියලා ඒ නිසා මෙන්න මේ කාරණය හොදීන් මතක තියා ගන්න. අවසාන වශයෙන් තියෙනවා Humane කියලා වචනයක්.Humane කියන්නේ මනුෂ්‍යත්වය උදාරත්වයට පත් කිරීමක්. එහිදි බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා තවත් ප‍්‍රශ්නයක්. කොයිවගේ චරිත ලක්ෂණ තියෙන අයද විශිෂ්ඨ වන්නේ කියලා. කරුණු 4 ක් උගන්වනවා. මේ සියලූ කාරණා කියන්න වෙලාව මදි වෙයි. එක පුද්ගලයෙක් ඉන්නවා තමන්ගේ දියුණුව කරා යන කෙනෙක්. අනිත් අය ගැන හොයන්නේ බලන්නේ නැහැ. තමන්ගේ දියුණුව කරා යන පුද්ගලයා සාධාරණ නම් අනුන්ට අකුල් හෙලන්නේ නැත්නම් ඒ පුද්ගලයා හොඳයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තව පුද්ගලයෙක් ඉන්නවා අනුන්ගේ දියුණුව කරා කටයුතු කරනවා. ඒත් තමන්ගේ දියුණුව ඇති කර ගන්නේ නැහැ. නාන්න වෙලාවක් නෑ. හරියට කන්න වෙලාවක් නෑ අනුන් මත්තෙම ලෝකය මත්තෙම නැහෙනවා. තුන් වැනි පුද්ගලයා නිකම්ම නිකං කාලකන්නි පුද්ගලයෙක්. ඔවුන් දරසෑයක ඇවිලෙන දර වගේ. ඇවිලිලා ඇවිලිලා අඟුරු වෙලා යනවා. හොඳම පුද්ගලයා වෙන්නේ අත්තහිත පරහිත. මේ වචන දෙක තමයි අපේ ජීවිතේ වටිනම වචන දෙකක් හැටියට ගන්නේ. තමන් දියුණු වෙනවා. අනුන්ගේ දියුණුව වෙනුවෙනුත් කටයුතු කරනවා. මේ දරුවන්ගේ ජිවිතේ ප‍්‍රධානම අභියෝගය අධ්‍යාපනය. අධ්‍යාපනය මැනවින් ලබන්න නම් අනවශ්‍ය දේවලින් ඔලූව පුරවගෙන බැහැ. ඒ අතරෙම නිසි දියුණුව කරා යන්නට මනා සෞඛ්‍ය අවශ්‍යයි. දැන් හුඟක් ළමයි හරියට කන්නෙ නැහැ. කනවා නම් කන්නේ ක්ෂණික නුඞ්ල්ස්, බැදුම් පිච්චුම් වර්ග. මේවත් එක්ක දිගු ගමනක් යන්න බැහැ. හැකිතරම් ස්වාභාවික ආහාර ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ එක තැනක දේශනා කරලා තියෙනවා කැත නැතිව පිරිසිදුව බොන්නට හැකි විදියට භික්ෂුන් වහන්සේ නමකට හෝ කාට හරි හදලා පිරිනමන්නට පුලූවන් ආහාරයක් තමයි කැඳ කියලා. අද අපේ ළමයි කැඳ බොන්නෙ නැහැ. කැඳ කිව්වම දුවනවා. පලා වර්ග නැහැ. නිසා පෝෂණය ලබන ස්වාභාවික ආහාර නැහැ. ඔබ ඒ තත්ත්වයට යන්නට එපා. පුලූවන් තරම් ස්වාභාවික ආහාරත් සමග පෝෂණිය පැත්තට අරගෙන යන්න. පහසු දේ නෙමෙයි අවශ්‍ය වෙන්නේ සුදුසු දේ යි. අත්තහිත කියන්නේ ඒ වගේ වචන. තමන්ගේ ළිඳේ පොකුණේ වතුර නැතිව තමන් උල්පත පාද ගන්නේ නැතිව තවත් කෙනෙකුට වතුර දෙන්න බැහැ. ළිඳේ පොකුණේ වතුර එක තැනකම තියෙන කොට පල් වෙනවා. ඒවා අනිත් අයගේ ප‍්‍රයෝජනය සදහා ලබා දෙන්න කැමති වෙන්න ඕන. ඒක පරෝපකාරය ලෝක්‍ය වෙනුවෙන් කැප වෙන්න ඕනා. මට මතකයි එක තැනක තියෙනවා සංස්කෘත වාක්‍යයක් ,ජග දුක තෘති දේව බුද්ධ පුජා, ලෝකයට උපකාර කිරිමම බුද්ධ පූජාවක් යනුවෙන්, ලෝකයට සේවය කිරීම ඉතා වැදගත් දෙයක්. නැති බැරි අයට උදව් අවශ්‍ය අයට උපකාර කිරීම අපේ ලොකු වගකීමක්. එක වෙලාවකදි ස්වේච්ඡා සේවය කියන වචනය කියවුනා. අපේ ගුණසේකර මහත්තයගෙන්. මේ volunteernism ඔබගේ ජිවිතය තුළ තියා ගන්න. ස්වේච්ඡා කියලා කියන්නේ තමන්ගේ කැමැත්තෙන් කිසිම ලාභ ප‍්‍රයෝජනයක් වාසියක් තකා නොවෙයි තමන්ගේ කැමැත්තෙන් ඉදිරිපත් වෙලා අසනීප අයට උදව් කරන්න නැති බැරි අයට උදව් කරන්න බඩගින්නේ එන අයට කන්න ලබාදෙන්න පුලූවන් ක‍්‍රමයක්. ජපානය විනාශ වෙච්ච වෙලාවෙ හිරෝහිතො අධිරාජ්‍යයා හිරෝෂිමා නාගසාකි වලට පරමාණු බෝම්බ වැටිච්ච වෙලාවෙ රේඩියෝවෙන් කතා කර කර කිව්වෙ ජපානය විනාශ වුනා. අපි නැවත නැගිටින්නට ඕනා. ඔබට හමුවෙන පුද්ගලයා ඉල්ලන්නෙ කන්න දෙයක් නම් එය ලබා දෙන්න. ඉල්ලන්නෙ බොන්නට වතුර ටිකක් නම් එය ලබලා දෙන්න. එහෙම තමයි ජපානය නැගිට්ටෙ. ජපානය නැගිටින්නට ප‍්‍රධාන කාරණය තමයි ධෛර්යය. අපේ බුදුරජාණන් වහන්සේගේ පාරමිතාවල මේ වචන තියෙනවා. ධෛර්ය වීර්යය හීන නොවි ඉදිරියටම ගෙනාවා. අනිත් එක තමයි සාමුහිකත්වය collectivism මේ ඉංග‍්‍රීසි වචනය ගැන සුදු අය හුඟක් ලියලා තියෙනවා ලංකා සමාජයේ පුරාණයේ ඉඳලා එන්නේ. අත්තම කියන වචනේ ඇතුලෙ තියෙන අදහසත් එක්කයි. සාමූහික කණ්ඩායමක් හැටියට වැඩ කරනවා. විවිධ ස්වේච්ඡා කණ්ඩායම් තියෙනවා සමහර ඒවා දේශපාලනිකයි සමහර ඒවා ආර්ථික සංවිධාන. ධර්මවිජය පදනම යනු ශාසනික, සමාජීය, ආර්ථික හා සංස්කෘතික සියලූම අදහස් එකට කැටි වුණු ස්වේච්ඡා සංවිධානයක්. එහි ලාභ පරමාර්ථ නෑ. එහි තියෙන්නේ සේවාවන්. සේවාවන් කියන එක තමයි ජීවිතේ ඉතුරු වෙන්නේ. අපි කොච්චර හම්බ කළත් කොච්චර ගොඩ ගැහුවත්, දැන් මේ ගොඩනැගිල්ලට මැණික් දියමන්ති කොතරම් ගොඩ ගැහුවත් වැඩක් නැහැ. ජලය නැත්නම්. ලෝකයේ විශාල ප‍්‍රශ්නයක් තමයි ජලය . ජලය, ආහාර, සෞඛ්‍ය. අපරාධ දැන් අපේ ලෝකයේ සෑහෙන්න සිද්ධ වෙනවා. ඒක වාර්තා වෙනවා. අපට මතක් වෙන්නෙ ලෝක පාලක ධර්ම දෙක අපි උල්ලංඝනය කරනවා නේද කියලා. මේ පුංචි දුලා පුතාලා මතක තියා ගන්න ඕනා දිවිහිමියෙන් පංචශීලය තමයි අපෙ නිත්‍ය ශීලය. තිසරණ සහිත පංචශීලය. බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් දේශනා කරපු කාරණයක් තමයි. යම්කිසි අවස්ථාවක බුද්ධානුස්මරණය කරන්නට හොඳයි. බය වෙන දේවල් තියෙනවා සැක වෙන වෙලාවල් තියෙනවා. ජීවිතේ අවදානම් වෙලාවට බුදුහාමුදුරුවෝ සිහිපත් කරන්න. වෙනත් සංස්කෘතීන්වල අයත් තමන් අදහන දේවල් සිහිපත් කරනවා. අපට ඉන්නේ බුදුරජාණන් වහන්සේ බුදුන් වහන්සේගේ ගුණ ගායනා කරන එක බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන එක ද ඉතාම හොඳ මානසික අභ්‍යාසයක්. හිතට ශක්තිය ලැබෙන දෙයක්. මොකද අපි ගිහියෝ ජිවිතයට ප‍්‍රශ්න එනවා. ඒ වෙලාවට අපි බයයි. එනිසා ඒ කාරණය ඉතාම වැදගත්. ඉතාම වැදගත් දෙයක් ලෝක පාලක ධර්ම දේක. දේව ධර්ම යනුවෙන් තියෙන උත්තම ධර්ම දෙක තමයි ලැජ්ජ බය, හිරිඔත්තප්ප. සිංහල බෞද්ධ දරුවෝ අනාගතයට පිය එසවීමේ දී හිරිඔතප් සහිත සිව්බඹ විහරණයෙන් යුක්ත දරුවන් වීම තමයි වැදගත්. හිරිඔත්තප්ප කියලා කියන්නේ පව් වැඩ කරන්න ලැජ්ජ වෙන්න ඕනා බය වෙන්න ඕන. අද මේ ධර්මතා විරහිත සමාජයකට අපි එන්නේ. ඉංග‍්‍රීසියෙන් කියන්නේ Normlessness ධර්මතා බිඳ වැටෙනවා. තමන් විතරයි කියලා හිතන්නැතිව අපි ඔක්කොම කියලා අපි හිතන්න ඕනා. එතකොට තමයි රට ගොඩනැගෙන්නෙ. ගොඩනගන්න පුලූවන් වෙන්නේ. ඒක තමයි කණ්ඩායම් හැඟීම. කණ්ඩායම් ජීවිත තමයි පුරාණෙ තිබුනේ. ගොවිතැන් කළේ එහෙම තමයි. මාටින් වික‍්‍රමසිංහ සූරින් ලියලා තියෙනවා විජය කුමරුගේ පැමිණීම නෙවෙයි ආශ්චර්යය පණ්ඩුකාභය රජ්ජුරුවෝ පළවෙනි වැව හදපු එකයි. එතැනින් තමයි අපේ ශිෂ්ටාචාරය පටන් ගත්තේ. ඇයි ආර්ථිකමය ජන ජීවිතයක් වෙන්න පදනම වෙන්නේ ජලය. ජලය පරිභෝජනයේදි වැවක් නිර්මාණය කර ගන්නවා. එතැනදි අපේ ඉංජිනේරුවන් ඉතාම දක්ෂ වෙලා තියෙනවා වැවේ ප‍්‍රධාන අංග හදා ගෙන බිසෝ කොටුව, සොරොව්ව මේවා ගැන ඉගෙන ගන්න ඕනා. ජලය ගෙනල්ලා පුරෝල මහ ජල කඳක් වැටෙනකොට කලූගල්වලින් හැදුවා කොටුවක් වගේ ඒ ජල කඳ පිළිඅරගෙන එහි වේගය අඩු කරලා හෙමින් ඇල මාර්ග ඔස්සේ කුඹුරට බස්සවන්න. එය විශිෂ්ඨතම කරුණක්. එය තමයි අපේ ඉතිහාසය. පුරාණය උරුමය. එහිදි අපේ මිනිස්සු කෙත් යායයි සොබා දහමේ චක‍්‍රයයි වැස්ස. වැස්සට කොයිතරම් වචන තියෙනවද? දැන් බලන්න ඇස්කිමෝවරු හිමවලට වචන 14 ක් විතර පාවිච්චි කරනවා. අපි වැස්සට කියන නම් වත් දන්නේ නැහැ. වැස්සට හුගක් නම් තියෙනවා අපේ ගොවියො අතරේ. දැන් මේ ළඟදි මුහුදු ගිය මිනිස්සු විනාශ වුනා. ඒකට කාලගුණ දෙපාර්තමේන්තුවට අත දිගු කළා. හැබැයි කාලගුණ දෙපාර්තමේන්තුව නැති කාලෙත් මිනිස්සු මුහුදු ගියා. ඒ ගියෙ කොහොමද? අහස කියෙව්වා. වලාකුඵ කියෙව්වා හුළඟ දැනෙනවා ගොවියෝ එහෙමයි ශිෂ්ඨාචාරය ගොඩනගලා තියෙන්නෙ. බොහොම දැහැමි විදියට. සහල් සංස්කෘතියක් සහල් සභ්‍යත්වය කියන එක Rice Civilization කියන එක හොඳට ඉගෙන ගන්න ඕනා.ඊයේ මම අපේ මහානායක හිමි වැඩ සිටි ධර්මායතනයේ දේශනයක් කළා. විද්‍යාලංකාර විද්‍යාලයේ සිල් අරගෙන හිටිය දරුවන්ට. මම ප‍්‍රශ්නයක් ඇහුවා කවුද රට එක්සේසත් කළ රජවරු කියලා ටිකක් පැකිලූනා. ගැමුණු රජ්ජුරුවො, මහා පරාක‍්‍රමබාහු, විජයබාහු රජ්ජුරුවො . අපි මේවා දැනගන්න ඕනා. කොයි වෙලාවක හරි මහා වංශය කියවන්න. මහාවංශය කියවගන්න අපහසු නම් කියවා ගන්න පුලූවන් සරල පොත්පත් කියවන්න. ඒවා අවශ්‍යයි ඉදිරියට යනකොට. ධම්මපදය පොතක් ගෙදර තියෙන්නම ඕනා. මාස තුනකට කලින් කතරගම කිරිවෙහෙරෙ ශීෂ්‍ය නායකයින්ට කතා කළා. ළමයි 50 ක් විතර හිටියා. මම ඇහුවා ගෙදර ධම්මපදය තියෙනවද කියලා. ඔවුන් කිව්වා ගෙදර ධම්මපදේ නැහැ කියලා අපේ අත්පොත ධම්මපදය. ජීවිතේ බොහෝ ප‍්‍ර‍්‍රශ්නවලට පිළියම් එහි තියෙනවා. අභියෝගයකදි ගැටලූවකදි උත්තරේ එතන තියෙනවා නිරන්තර පරිශීලනය වැදගත්. හින්දු අය මහාභාරත රාමායනය, භගවත්ගීතාව කිතුනු අය බයිබලය, මුස්ලිම් අය කුරානය පාවිච්චි කරනවා. අපේ ධර්මය නමට පමණයි. නමට බෞද්ධ වීමයි සැබෑ බෞද්ධ වීමයි දෙකක්. සැබෑ බෞද්ධයා තමයි නියම සිංහලයා. නියම සිංහලයා සෑබෑ බෞද්ධයෙක්. ඒ නිසාම සිංහල බෞද්ධකම ඇතුලේ පටු සීමාවල් නැහැ. එය හදවත අභයභූමියක් කරගත්තු ලෝකවැසියෙකුගේ ජන්මයක්. සිංහල බෞද්ධ හදවත ඇතුලේ වෛරය නැහැ. මෛත‍්‍රිය කරුණාව තියෙනවා මෛත‍්‍රි, කරුණා, මුදිතා උපේක්ඛා සිව්බඹ විහරණ. මෛත‍්‍රිය කරුණාව අතර වෙනස වෙලාවකට ළමයින්ට පැටලෙනවා. මිත‍්‍රත්වය යනු මෛත‍්‍රියයි. එය තමන් අනෙකුත් අය සමග ලෝකය සමග ඇති මිත‍්‍රත්වයයි. කරුණාව යනු අනුන්ගේ දුක දැකලා අප තුළ ඇතිවන කම්පාවක් දයාවක් උදව් කරන්න ඕනා කියලා හිතෙනවා. දැන් මම දන්නවා මෙතන ඉන්න වැඩිහිටි අය හුඟකගේ ජීවිත. ඔවුන් නිරන්තරයෙන් තමන්ගේ අත් ලෝකයට දෙන්න සුදානම් අය, දෙන අය උපකාර කරන අය. අනුන්ට උදව් කරන අය. දුක අහගෙන ඉන්න අය. භික්ෂුන් වහන්සේලා සමග මැනවින් සම්බන්ධතාව තියෙනවා.සම්බුද්ධත්ව ජයන්තියෙදි වාක්‍යය 20 ක් හදලා ඉදිරිපත් කළා ඉදිරි අනාගතයෙදි කොයි විදියට ද බෞද්ධයින් ක‍්‍රියා කළයුත්තේ කියලා. එය සකස් කිරිමේ මණඩලයෙදි ඒ ලියවිල්ල සකස් කිරිමේ ප‍්‍රමුඛත්වය දැරුවා මේ ආනන්ද හාමුදුරුවො. එහි ප‍්‍රධානම ලියවිල්ල සකස් කළේ ගුණසේකර මහත්මයා. ඒක ඉතාම වටිනවා. දහම් පාසල් ජීවිතය ධර්මය ඉගෙන ගන්න එක. ජීවිත කතා අධ්‍යයනය කරන්න ඉගෙන ගන්න. අපදාන සොභිනි පඤ්ඤා චරිත අපදානය ඉගෙන ගන්න එක අද විශ්ව විද්‍යාලවල විෂයයක්. විශිෂ්ට පුදගලයින් අධ්‍යයනය කිරීම Character education කියලා කියනවා ඉංග‍්‍රීසියෙන්. ඒ කියන්නේ ලෝකයේ බිහිවෙලා ඉන්නවා පුදුම දක්ෂ පුද්ගලයො. මේ හැම කෙනෙක්ම ඉස්කෝලේ ගිහින් නැහැ. මේ හුඟ දෙනෙක් විශ්ව විද්‍යාල දැකලවත් නැහැ. හැබැයි ඔවුන් නවීන ලෝකයට නව නිමැවුම් නිව නිර්මාණ ගේනවා. ඔබ මතක තියාගන්න ඔබට පුලූවන් වෙයි හොඳට විභාග සමත්කරන්න. විභාග සමත්වෙලා ගිහිල්ලා විවිධ රක්ෂාවල් කරන්න. එතකොට අපි හිතමු. රක්ෂාවල් හම්බු වුනේ නෑ කියලා. එතකොට වැඩිහිටි තමන්ට පුඵවන් තමන්ගෙම නිෂ්පාදනයක් පටන් ගන්න. ලෝකේ එහෙම මිනිස්සු ඉන්නවා හිටියා. ලංකාවෙත් ඉන්නවා. දැන් අමරදේව. තාම ජීවත් වෙනවා අමරදේවයන් එහෙම ලොකුවට ඉගෙන ගෙන නැහැ. අපේ මහානායක හාමුදුරුවෝ ඉපදුන වර්ෂයේ 1913 ගිරුවාපත්තුවේ උපන්නා පුද්ගලයෙක් මානවසිංහ මහතා. එතුමා මිය ගියා. අවුරුදු 100 ක් වෙනවා මේ 19 වෙනිදට. පන්සල් ආශ‍්‍රයෙන් ඉගෙන ගත්තා. ඉස්කෝලෙ ගියේ නෑ. හැබැයි පුදුමාකාර දක්ෂයි. එක ඇබ්බැහියක් තිබුණා. ඒ වගෙ හුඟක් පුවත්පත් කතුවරුන්, ගායක ගායිකාවන්, මහා ලේඛකයන්, සංගීතඥයින් විනාශ මුඛයට ගියා මත්ද්‍රව්‍ය වගේ දේවල් ආශ‍්‍රය කිරීම නිසා. ඒ නිසා මේ ළමයි පරිස්සම් වෙන්න ඕනා. ආශ‍්‍රයෙන් තමයි ඒවා වෙන්නෙ. සිංහල බෞද්ධ දරුවන් ජීවිතේ ප‍්‍රමාදයට, අතපසුවීම්, වැරදි සිද්ධ වෙන මත්ද්‍රව්‍ය මෙය අතිශය භයානක හතුරෙක්. බොහෝ කට්ටිය බලන් ඉන්නවා, ටොෆියක් හරි දෙන්න. ඒ ටොෆි එක ඇතුලේ තියෙන්න පුලූවන් සිහි මුලා වෙන දේවල්. පත්තරවල කොච්චරවත් තියෙනවද කිරි පැකට් දෙනවා බීම බෝතල් දෙනවා, ත‍්‍රිවිල්වල එක්කරගෙන යනවා. සිහි මුලා වෙනවා කණකර ආභරණ උදුරා ගන්නවා ඇයි අපි මුලා වෙන්නේ. මෙන්න මේ කරුණු හරි වැදගත්. ඊර්ෂ්‍යා නැති සමාජයක් බිහි වෙන්න ඕනා. මුදිතා ගුණය ඇති වෙන්නත් ඕනා. බුදු දහමේ උගන්වන්නේ අන්ත අත්හැරලා මධ්‍යම ප‍්‍රතිපදාවට එන්න කියලයි. උන්වහන්සේ ජිවිතේ දිහා බලන්න. ජීවිතේ ප‍්‍රධාන ධර්මතා දෙකයි සංයෝගයයි වෙන්වීමයි. හොඳ අය එකතු වුණොත් ජීවිතේ සතුටුයි. නරක කට්ටිය එකතු වුණොත් ජීවිතේ දුකයි. එන හැම කෙනෙක්ම මිය යනවා. නව සාමාජිකයින් ලෝකයට එකතු වෙනවා. වෙන්වෙලා යනකොට ඉතාම හිතවත් අය, ඉතාමත් ආදරෙන් බැඳුණු අය වෙන්වෙලා යනකොට පියෙහි විප්පයෝගෝ දුක්ඛො. දුකයි එතකොට අපි මැද්දට ගිහිල්ලා උපේක්ෂා සහගතව මේ දිහා බලන්න ගත්තොත් ජීවිතේ මොන දේ කළත් කිසිම
උන්වහන්සේ ජිවිතේ දිහා බලන්න. ජීවිතේ ප‍්‍රධාන ධර්මතා දෙකයි සංයෝගයයි වෙන්වීමයි. හොඳ අය එකතු වුණොත් ජීවිතේ සතුටුයි. නරක කට්ටිය එකතු වුණොත් ජීවිතේ දුකයි. එන හැම කෙනෙක්ම මිය යනවා. නව සාමාජිකයින් ලෝකයට එකතු වෙනවා. වෙන්වෙලා යනකොට ඉතාම හිතවත් අය, ඉතාමත් ආදරෙන් බැඳුණු අය වෙන්වෙලා යනකොට පියෙහි විප්පයෝගෝ දුක්ඛො. දුකයි එතකොට අපි මැද්දට ගිහිල්ලා උපේක්ෂා සහගතව මේ දිහා බලන්න ගත්තොත් ජීවිතේ මොන දේ කළත් කිසිම ලෝකයේ මිනිස්සු කියලා කියන්නේ සත්තු. මේ සතා ශිෂ්ටාචාරයෙන් ආවා. ඒ සතාට කියන්නේ දෙපාවා කියලා. ඒ සතාට විතරයි මොලේ තියෙන්නේ. අනෙක් සත්තුන්ට වඩා. මේ සතාට කෙලින් යන්න පුලූවන්. මනුෂ්‍යා කියන සතා මනුෂ්‍ය සතෙක්. මේ සත්වයින් සංස්කෘතිය ශිෂ්ටාචාරය හදා ගනිද්දි ඉතා වැදගත් මේ ඇඟිලි තුන. Computer ට ලිව්වට කමක් නෑ අතිනුත් ලියන්න පුරුදු වෙන්න ඕනා. මොකද මේවා ස්පර්ශ වෙලා මොළයට සංඥා ඒවත් එක්ක කුසලතා වැඩෙනවා. ලංකාවේ ඉන්න ළමයින්ගේ ප‍්‍රධාන ප‍්‍රශ්නයක් තමයි assertiveness නැහැ. ඒ වචනේ ඩික්ෂනරිය බලලා ඉගෙන ගන්න. ස්ථිරසාර ගුණය තමන්ගේ ජීවිතේ තිබිය යුතු යි.
තමන්ට නොමනා දෙයක් වෙනවා නම් එය ප‍්‍රතික්ෂේප කිරීමේ හැකියාව ශක්තිය තමන් තුළ තියෙන්න ඕනා. මේ රට තුළ විවිධ කල්ලි ලබ්ධීන් හැදිලා තියෙනවා. අපේ හුඟක් තරුණයන් තරුණ පරපුර කසාද බඳින්නේ නැහැ. අපේ හාමුදුරුවෝ මේවා ගැන හොඳට දන්නවා. ගිහියෝ නම් අපි විවාහ ජිවිතේට එන්න ඕනා. අපේ හුඟක් අය ඉන්නෙ මුකුලිත වෙලා. කොඳු පාත් කරලා අතපය හකුලගෙන. සිංහල බෞද්ධ දරුවන් කොන්ද කෙලින් තියලා ශක්තියෙන් ඉන්න ඕනා. ඔවුන් අවදි කරන්න ඕනා පුරුෂ ශක්තිය, ස්ත‍්‍රී ශක්තිය. ස්ත‍්‍රීත්වයයි පෞරුෂයයි මේ දෙකේ සංකලනයට ආධ්‍යාත්මික භාවය එකතු වෙනවා. එහෙම එකතු වෙනකොට ලෝකෙ දිනනවා. ලෝකේ ඉන්නේ සමහර අය කියනවා අපේ ළමයි දක්ෂයෝ කියලා. හැබැයි එක අඩුපාඩුවක් කරනවා. ජීවත්වීම නමැති කලාව අපේ ළමයි දන්නේ නැහැ. ටික දෙනයි දන්නේ. මෙය සංස්කෘතියක්. ්රඑ දෙ ඛසෙැ ජීවිතය නමැති කලාව ප‍්‍රගුණ කරන්න ඕනා. එය ශිල්පයක්. එය ප‍්‍රගුණ කිරීමේ දී බුදු දහමේ සූත‍්‍ර ධර්මවලින් විශාල සේවයක් ලබාගන්න පුලූවන්. මහානායක හාමුදුරුවන් ලියපු පොතක පෙරවදනක කියෙව්වා මේ ලඟදි. ඒකෙ තිබුණා දෙවි කෙනෙක් ඇවිල්ල අහනවා හැම තැනම තියෙන්නෙ අවුල් නේද? කවුද බුදුහාමුදුරුවනේ මේ ගැටලූ ලිහන්නේ? අන්තෝ ජටා බහු ජටා මඩිහේ මහානායක හාමුදුරුවො බුදුන් වහන්සේගේ ජීවිතය විග‍්‍රහ කරන තැනක උගන්වනවා සීලේ පටිත්තාය නරෝසපන්නෝ ඒ කියන්නෙ ශීලවන්තයා මොලේ තියෙන කෙනා Displine විනයක්, බුද්ධිය ප‍්‍රඥාව තියෙන කෙනා මේ ජීවිතය කියන ගැටලූව ලිහනවා. ඒක තමයි අන්‍ය අභියෝග ජය ගැනීමේ දී පෞද්ගලිකව ශක්තිමත්ව නැගී සිටිනවා වගේ අපේ පවුල් බෞද්ධ ප‍්‍රජාව ආරක්ෂා කරගෙන තමයි එයාටත් උදව් කරමින් ඉදිරියට යන්න ඕනා. එනිසා මම මීට වඩා කාලය ගතයුතු නැහැ. මට හිමි කාලයටත් වඩා මම කතා කළා. මට හිතුනා එහෙම කතා කරන්න. මේ සත්කාරයට අපව සම්බන්ධ කර ගැනීම පිළිබඳව ගරු සභාපති ගුණසේකර මහතාටත් ඊට අවසර දුන්නු ස්වාමින් වහන්සේටත් ගරු ලේකම් තුමාටත් ධර්මවිජය පදනමටත් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද පැමිණි දෙමව්පියන්ටත් ධර්මවිජය පදනමට සම්බන්ධ ඇත්තන් මේ අය පින්වන්තයො. මේ අය කුසල් වඩන අය. මේ ගොන්නටම එකතු වුණු මේ දු පුතුන් ඔබගේ අනාගත ජීවිතය සාක්ෂාත් කර ගැනීමට සියලූ අභිමතාර්ථ ඉෂ්ට කර ගැනීමට චිත්ත ශක්තියෙන් වැඩ කරන්නට සියලූ දෙනාට තෙරුවන් සරණ පතනවා. ලැබේවා. අපේ රට මීට වඩා යහපත් සෞභාග්‍යවත් වූ සශ‍්‍රීක රටක් බවට පත් කරන්නට ඔබට ශක්තිය තියෙනවා. එය මුදා හරින්නට හැකිවේවායි පැතුමෙන් නිහඬ වෙනවා. බොහොම ස්තුතියි.
ගුණ නුවණින් හෙබි සුන්දර සමාජයක් සඳහා තරුණ නායකයින් පුහුණු කිරීම
අධ්‍යාපනයෙන් මුහුකුරා යන සමාජයක් බිහිවෙමින් යද්දී සාරධර්ම රකින මනා පෞරුෂයක් ඇති තරුණ පරපුරක අඩුව, එදිනෙදා සිදුවන බොහෝ සිද්ධීන් වලදී අත්දැකිය හැකි ය. ආගමාලයෙන් පිබිදුනු ස්වදේශවාත්සල්‍යයෙන් ඔදවැඩුනු ජාතිකාභිමානයෙන් මෙහෙයැවුනු ස්වභාෂානුරාගයෙන් පෙවුනු තරුණ පරපුරක් සිටි නුදුරු අතීතයේ ඔවුන් අතින් අපේ සමාජයේ ප‍්‍රගමනයට සිදු වු දායකත්වය අප කාහටත් අමතක කළ නොහැක. ගිහි පැවිදි දෙපක්ෂයෙන් ම මනාව සපිරුණු එම තරුණ නායකත්වය, අභිමානවත් දේශිය ජනතාවක්, විශේෂයෙන්ම සිංහල බෞද්ධ ජනතාවක් ගොඩ නැගීමට සමත් විය.

මෙහි දී අනගාරික ධර්මපාල තුමාගෙන් ශ‍්‍රී ලංකාද්වීපයට සිදු වු සේවය අනුපමේය අග‍්‍රගන්‍ය වේ. අනගාරික ධර්මපාලතුමාගේ 150 ජන්ම ශත සංවත්සරය නිමිති කොට ධර්මවිජය පදනමේ පූර්ණ අනුග‍්‍රහයෙන් 2013 දෙසැම්බර් 23 සිට දින 05 ක නායකත්ව පුහුණුවක් කොළඹ ධර්මවිජය පදනමේ දී පවත්වන ලදී. එහි අරමුණ අනගාරික ධර්මපාල තුමා මෙන් රටේ අනාගත නායකත්වයට අවශ්‍ය තරුණ තරුණියන්ට මුලික පුහුණුවක් ලබාදීම යි.අතිපුජ්‍ය මඩිහේ පඤ්ඤාසිහ මහානාහිමියන් වදාළ පරිදි, දෙස බස රැකෙන සමාජයක් සඳහා දහම් පාසල් ළමයින් විසින් රැකිය යුතු ප‍්‍රධාන කරුණු 5 ක් මුල්කර ගනිමින් වැඩ සටහන ආරම්භ කෙරින.
  1. 1. නිති පන්සිල් පොහොය අටසිල්
  2. 2. කුලදෙවි, මා පිය, ගුරුවර, වැඩිහිටියන් පිදීමට යොමු කිරීම
  3. 3. චාම් ජීවිතයට සහ සුහද වාසයට හුරු කිරීම
  4. 4. සංවර බව, විනය ගරුක බව හා ධර්ම ඥානය දියුණු කිරීම
  5. 5. ආගමාලයෙන් පිබිදුණු, ස්වදේශවාත්සල්‍යයෙන් ඔද වැඩුණු, ජාතිකාභිමානයෙන් මෙහෙයැවුණු, ස්වභාෂානුරාගයෙන් පණවත් වුණු දරු පරපුරක් බිහි කිරීම.
පුහුණුවට පැමිණි තරුණ තරුණියන් විසි දෙදෙනෙක් ප‍්‍රධාන කණ්ඩායම් තුනකට බෙදා කරුණු සාකච්ඡා කර වාර්තා ඉදිරිපත් කිරීම ප‍්‍රධාන අංශයක් විය.

වැඩසටහන ආරම්භ කරමින් ධර්මවිජය පදනමේ ගරු අනුශාසක පුජ්‍ය හක්මන සුමනසිරි ස්වාමින් වහන්සේ, ධර්මවිජය
පදනමේ ගරු සභාපති ඕල්කට් ගුණසේකර මැතිතුමා, ඒවගේම භාරකාර සභික මහත්ම මහත්මීන් බොහොම හොඳින් ඔය පිරිස පිළිගත්තා. බුදුහාමුදුරුවෝ තමන් ලඟට පිරිසක් ආවම පිළිගත් සම්ප‍්‍රදායක් තිබුණ. ඒ සම්ප‍්‍රදාය තමයි ස්වාගතං කියන්නේ. පැමිණීම හොඳයි කියලා ලෙන්ගතු පිළිගැනීමක් කළා. අදත් ධර්මවිජය පදනම මේ දුලා පුතාලව ඉතා ලෙන්ගතුව පිළිගත්තා. මේ වගේ වැඩමුඵවක් තුළින් සැබෑ වෙනසක් අපේක්ෂා කරනවා. එකවිටම සැබෑ වෙනසක් වෙන්න අමාරුයි. ඒ නිසයි මෙම පුහුණුව නේවාසිකව ලබාදෙන්න අපි තීරණය කළේ. තරුණ නායකයන්ගේ අවශ්‍යතාව දැන් දැනෙනවා. ඇත්තටම සිල්වත් ගුණවත් රටට දැයට සමයට දෙස බස රැසට හිතැති නායකයන් තමයි අවශ්‍යය. එවැනි නායකයන් අඩුයි. නායකත්වය දැරීමත් ලෙහෙසි නැහැ. නායකයා අවවාද දෙන කෙනෙකු නොව ආදර්ශය දෙන කෙනෙකු විය යුතු යි. තම ජීවිතය තුළින් පෙන්වාදීම අසීරුයි. ලංකාවේ බොහෝ නායකයන් ළඟ මේ ලක්ෂණ නැහැ. යථාවාදි තතාකාරි විය යුතුයි. අපි ගුණවත් වුනොත් බලවත් වුනොත් අපිට නායකයන් විය හැකියි. එනිසා තමයි ධර්මපාල පරපුරක් අවශ්‍ය යැයි කියන්නේ. දැන් බලන්න ජාතික ගීය විවිධ පලාත්වල විවිධාකාරයෙන් ගායනා කරනවා.

බෞද්ධ කොඩිය එකිනෙකාට අවශ්‍ය පරිදි වෙනස් කරනවා. මෙන්න මේ වගේ අවස්ථාවක තමයි සැබෑ නායකත්වයක් අවශ්‍ය යැයි කියන්නේ. සෑබෑ නායකයන් සිටිය යුතු තැන්වල අද ඉන්නේ හිස් මිනිස්සු. අපේ මුතුන් මිත්තෝ දිවි පරදුවට තබා කටයුතු කළ නිසයි අද යම්තාක් දුරකට හෝ නිදහස භුක්ති විදින්නේ. නිකම්ම ඉපදිලා මැරිලා යනවට වඩා අපෙන් මේ සමාජයට ඉෂ්ඨ විය යුතු යුතුකම් තියෙනවා. ඒ යුතුකම් ඉෂ්ඨ කරන්න තමයි මේ දුවලා පුතාලා පෙළ ගැසෙන්නේ. එහිදි තමන් විතරක් පෙළ ගැසිලා හරියන්නේ නැහැ. ඊට අනුගාමික පිරිසක් සිටිය යුතු යි. දහම් පාසල, ගම මුල් කර ගත්තම මොනතරම් නායකත්වයක් දෙන්න පුලූවන්ද? නායකත්වයක් දෙන කොට තමන් හොඳට ගුණ නැණ දෙකෙන් බලවත් විය යුතුයි. අපගේ පරමපුජනීය මහානායක හාමුදුරුවෝ ඉතාම අපූරු වාක්‍යයක් කියලා තියෙනවා. ඒ තමයි මිනිහා නොහදා රට හදන්න බැහැ. මිනිහාත් හදා ගනිමිත් රටත් හදා ගනිමු යන්න. මෙහි සර්වකාලීන අගයක් තියෙනවා. අධිවේගි මාර්ග තැනුවට බැහැ. ධර්මවිජය පදනම ආරම්භ කළෙත් ඒ අරමුණු ඉටු කිරිමට. දරුවන් හදන්න හොඳම තැන දහම් පාසල. වැඩිහිටියන් හදන්න බොහොම අමාරුනේ. ගුණ නුවණින් හෙබි නායකයන් බිහිවනු දැක්ම අපේ අරමුණ බව පවසමින් තම අනුශාසනාව නිමාවට පත් කළහ. ජාතිකත්වය ඇති නායකයින්ගේ අවශ්‍යතාව යන මැයෙන් දේශනය පවත්වන ලද පුජ්‍ය තිරිකුණාමලේ ආනන්ද අනුනායක ස්වාමින් වහන්සේ,

මට මතකයි මහරගම ගුරු විද්‍යාලයට ලංකාවේ ගුරුවරුන් කැඳවලා බෞද්ධ සිරිත් විරිත් පිළිබඳ සාකච්ඡා සම්මේලනයක් පැවැත්වුවා. ඉගැන්වීම වගේම බෞද්ධ වත්පිළිවෙත්, ජීවන හැඩගැසීම් ආදිය කියා දුන්නා. ඉන් කාලයකට පසුවත් ඒ ගැන කථා කරනවා මතක් කරනවා අපි අහලා තියෙනවා. ඒ පුහුණුවෙන් ලබාගත් පන්නරය ගුරු ජීවිතයට පමණක් නොවෙයි පෞද්ගලික ජීවිතයට පවා විශාල එලියක් ලැබුනාය කියා. ඒ වගේ මේ ඇත්තන්ටත් විශාල සේවයක් සැලසෙයි මේ පුහුණුවත් සමඟ සංසන්දනය කර බලන විට. නායකත්වය කියලා කියන්නේ එක ක‍්‍රියා මූලයකින් හැදෙන වචනයක්. ඒ තමයි පාලි/සංස්කෘත භාෂාවේ තියෙනවා නි ධාතුව. නි ධාතුවෙන් තමයි නායකයා/නායිකාව/නායකත්වය කියන වචන හැදුනේ. තමන්ගේ අනුගාමිකයන් නිසි තැනට යොමු කරන තැනැත්තාටයි නායකයා කියන්නේ. අන්න ඒ නිසා ඒ කාර්යය ඉතාම බරපතල වගකීමක්. ඒකට ගැඹුරින් කල්පනා කර දුරදැක්මක් නුවණක් අවශ්‍ය කරනවා. ඊටත් වඩා ආදර්ශය ඕනෑ කරනවා. ආදර්ශමත් වෙනවා කියලා කියන්නේ කැඩපතට කියන නම. කන්නාඩිය ඉදිරියට ගිහින් කරන්නේ මොනවාද කියලා මේ ඇත්තො හොඳට දන්නවා. ඉන් කරන්නේ තමන්ගේ බාහිර අඩුපාඩු සකස් කර ගන්න එකනේ. කන්නාඩිය කරන කාර්යය වගේ තමනුත් අනෙකාට ආදර්ශවත්ව සිටිය යුතුයි. ඒ සඳහා නිකලැල් ආදර්ශය අවශ්‍ය වෙනවා. තමන්ගේ අනුගාමිකයන් හැඩ ගස්වා ගැනීමට තම ආදර්ශය ඉතා වැදගත් වෙනවා. ධර්මවිජය පදනමේ අපේ නායකතුමත් එහෙම තමයි. අපටත් එතුමාගෙන් ගන්න ආදර්ශ තියෙනවා. අපේ මහානායක ස්වාමින් වහන්සේගෙත් ආදර්ශය ගෙන කටයුතු කරන කෙනෙත් තමයි එතුමා. උදේම නැගිටිනවා. දවසේ වැඩ කටයුතු සැලසුම්ගතව කරනවා. අපේ මහානායක හාමුදුරුවන්ගේ ජීවිතය දිහා බලලා ඒ හැඩගැසීම් ලබා ගත්තා. ඒ අනුව මෑත ඉතිහාසයේ නායකත්වය අතින් ඉතාම වැදගත් වන චරිත දෙකක් තමයි පැවිදි පැත්තෙන් අපේ මඩිහේ පඤ්ඤාසීහ මහානායක හාමුදුරුවො. ගිහි පක්ෂයෙන් අනගාරික ධර්මපාල තුමා. ධර්මපාල තුමා ඉපදිලා ලබන වසරට අවුරුදු 150 ක්. ඉතින් මේ ඇත්තන් තම ගම් ප‍්‍රදේශයට ගියාම මේ ධර්මපාලතුමාගේ බලාපොරොත්තු/අභිලාෂ ජීවමාන කිරිමේ ධර්මපාල ප‍්‍රතිරාවය මේ අයගේ ජීවිත තුළින් නිරාවරණය විය යුතුයි. දැන් සමාජයේ තරුණ ජීවිත වැඩි පිරිසක් අයාලේ යන තත්ත්වයක් දකින්ට තියෙනවා.

අපට ආදර්ශ ගන්න පුඵවන් අග‍්‍රම ස්ථානය තමයි බුද්ධධර්මය. අපි ජාතක කතා ගැන හිතලා බැලූවොත්. වණ්ණපථ ජාතකයෙන් පිළිබිඹු වෙන්නේ උට්ඨාන වීර්යය. ගැල් 500 ක් කාන්තාරයකින් ගමන් කරන විට ඔවුන්ට අවශ්‍ය ජලය නැති වෙනවා. මේ ගමන අවසානය දක්වා යා යුතු නිසා ගැල් නායකයා කල්පනා කරන කෙසේ හෝ ජලය සොයා ගත යුතුයි කියා. ප‍්‍රදේශය පරීක්ෂා කිරීමේ දී ඔහුට දකින්න ලැබෙනවා පැලෑටි. ඔහු එවිට කල්පනා කරනවා මේ කිට්ටුව ජලය නොමැතිනම් පැලෑටි තියෙන්න විදියක් නැහැ. එහෙම හිතලා ඒ ගල බිඳිනවා එතන පෙන්නුම් කරන්නේ උට්ඨාන විර්යය. නායකත්වයට නොපසුබස්නා වීර්යයක් අවශ්‍ය වෙනවා. ඒ කියන්නේ තමා බලාපොරොත්තු වන කාර්යය සාධනය කිරිම සඳහා පසු නොබසින විර්යය අවශ්‍ය වෙනවා. එවැනි ජාතක කථා රාශියක් උදාහරණ වශයෙන් දැක්වීය.

පුජ්‍ය අගලකඩ සිරිසුමන ස්වාමින් වහන්සේ සිංහල සාහිත්‍යයේ විකාශනය යන මැයෙන් දේශනය කරමින්,
ආනන්ද යනු කුමක්ද? ආනන්දය යනු සතුට, වින්දනය, තෘප්තිය යි. ආනන්දයෙන් පළමුව සතුටත් දෙවනුව ඥානය කරා රැගෙන යන බවත් උන්වහන්සේ පැවසුහ.
උසස් සාහිත්‍යයක් හැමවිටම ආනන්දයෙන් නොව ප‍්‍රඥාවෙන් අවසන් විය යුතු බවත් සාහිත්‍යය මිනිසා සංවේදියකු බවට පත් කරවන බවත් උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.
මොළය කොටස් දෙකකි. ඉන් එක් පැත්තකට දැනුම නමැති ආහාරත් අනෙක් පැත්තට වින්දනය නමැති ආහාරත් ලබාදිය යුතුව ඇත. යමක් කිරිමේ දී බුද්ධිය තිබිය යුතු යි. එසේම අනෙක් අයට පීඩා නොවන පරිදි හදවතින් කරුණාවෙන් තම රට ගැන උරුමයන් ගැන සමබර පෞරුෂයක් අවශ්‍ය යි.යාන්ත‍්‍රික වෛද්‍යවරයෙකුට වෙද නලාව තුළින් රෝග හඳුනාගත හැකි වන අතර හොඳ වෛද්‍යවරයකුට හදවතින් ලෙඩ හදුනා ගත හැකි වෙනවා.

ඔය දරුවෝ මැක්ෂිං ගෝර්කී මහතා ලියු පොතයි මමයි නමැති පොත කියවන්න. සාහිත්‍යය, සංගීත කලාවෙන් තොර මනුෂ්‍යයා හරියට වල්ගයත් අං දෙකක් නැති ගවයෙකුට සමාන බව උන්වහන්සේ පැවසුහ. එසේම ඒ ගවයන් ජීවත් වුවත් තණකොළ කන්නේ නැත. උන් තණකොළ නොකෑම ඇත්ත ගවයන්ට වාසියක්. ඔහු කියා සිටියේ මිනිසත්කම තිරිසන්කමෙන් වෙනස් කරන්නේ සාහිත්‍යය බවයි.සිංහලයේ මුල්ම ලේඛන ඇත්තේ මිහින්තලේ කටාරමේ ය. කටාරම යනු වතුර ගලාඒම වළක්වාලමින් වතුර දෙපැත්තට ගලායන ලෙස සකසන ලද කොටස යි. එම කටාරමේ දක්නට ලැබෙන අක්ෂර වලින් කියැවෙන්නේ එම ලෙන සකසා පුජා කළ පුද්ගලයාගේ නම යි.

සිංහලයේ මුල්ම ලේඛන සාහිත්‍යය ශිලා ලේඛන සාහිත්‍යය යි.5 වැනි සියවසේ ලියැවී ඇති තෝණිගල ශිලා ලිපි මීට උදාහරණ වේ. මේ කාලයේ කන්න දෙකක් වගා කර තියේ. මේ අනුවයි ලංකාව පෙරදිග ධාන්‍යාගාරය කියල නම පටබැඳිලා තියෙන්නේ.සාහිත්‍යයේ දෙවන වැදගත් අවස්ථාව මාතලේ අඵලෙනේ ත‍්‍රිපිටකය ග‍්‍රන්ථාරූඩ කිරිම සැලකිය හැකි යි.3 වන අවස්ථාව බුද්ධගෝෂ හාමුදුරුවෝ 5 වැනි සියවසේ ලංකාවට ඇවිත් ජාත්‍යන්තර භාෂාවක් වනත‍්‍රිපිටකය පාලියට පරිවර්තනය කිරීම සැලකේ. ඒවා පාලි අට්ඨකථා ලෙස අදටත් හඳුන්වන බව ද උන්වහන්සේ විස්තර කළහ.7-8 සියවසේ අපට හිමිවෙනවා විශේෂ සාහිත්‍යයක්. ඒ තමයි සීගිරි කුරුටු ගී. එහි රසිකත්වය හා ශිෂ්ඨ සම්පන්න බව ගැබ් වෙලා තිබේ.

ඉන් අනතුරුව අනුරාධපුර යුගයේ සියබස්ලකර. සාහිත්‍යයේ නියැලෙන කෙනෙක් ඒ සඳහා වස්තු විෂය කරගත යුත්තේ බුදු සිරිත, ජාතක කථා ආදිය යි. ඒ සමඟම ලංකාවේ සාහිත්‍යය බෞද්ධ සාහිත්‍යයක් බවට පත් වෙනවා. එය පොළොන්නරු යුගයේ සිට මේ දක්වා දක්නට ලැබේ. ඊට උදාහරණයක් ලෙස කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ ලා දඵ බෝපත් සිමින් සැලෙනවා ගීත සාහිත්‍යය දැක්විය හැකි ය. 2012 වසරේ හොඳම ගීතය ලෙස සම්මාන ලැබු රජිව් වසන්ත මහතාගේ මේ තරම් සියුමැලි ද කලූගල් ....... ගීතය තවත් උදාහරණයක්.ඊළඟට කොළඹ යුගයේ බුදු සමයෙන් පෝෂණය වු ප‍්‍රබන්ධ ලෙස විලාසනියකගේ පේ‍්‍රමය, පිච්චමල, අරලිය මල් ආරාමය යනාදිය දැක්විය හැකි ය. මෙම දේශනය කෙතරම් පුහුණුලාභින්ගේ සිත් ඇඳ බැඳ තබා ගත්තා ද යන්න ඔවුන් විසින් පැවසු වදන් සාක්ෂි දරන බවද සඳහන් කරනු කැමැත්තෙමු.

මීට අමතරව සහකාර කථිකාචාර්ය ඔසඳ ගුණරත්න මහතා ,නූතන සිංහ ලේඛන රීතිය, යන මැයෙන් ද, වෛද්‍ය යසා සිරිවර්ධන මහත්මිය හා මාලා පණ්ඩිතරත්න මහත්මිය විසින් ,කායික හා මානසික වශයෙන් සෞඛ්‍ය සම්පන්න පරපුරක් බිහි කිරීම, යන මැයෙන් ද දේශන පවත්වන ලදී. ,වත්මන් පරපුර හා මාධ්‍යය, පිළිබඳ දේශනය මාධ්‍යවේදි දිමුණි නිමල් රාජපක්ෂ මහතා විසින් සිදු කරන ලදී. ,බුදුදහම ජීවිතයට සම්බන්ධ කර ගැනීම, පිළිබඳ සාකච්ඡා මණ්ඩපය මෙහෙයවන ලද්දේ ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි, මහාචාර්ය අක්මීමන ධර්මපාල හිමි හා ආචාර්ය ප‍්‍රනීත් අබේසුන්දර මහතා විසිනි.සියඵම තරුණ තරුණියෝ එක්දින සීල සමාදාන වැඩසටහනකට සහභාගි වුහ.

කණ්ඩායම් තුන විසින් දෙන ලද මාතෘකා යටතේ සිය වර්තා ඉදිරිපත් කිරීමත්, සෑම කෙනෙකුම තම වාර්තාව ඉදිරිපත් කිරිමට අවස්ථාව සලසා ගැනීමත් නායකත්ව පුහුණුවේ එක් අංගයක් විය.නායකත්ව පුහුණුව අවසාන දිනයේ දී එක් එක් ප‍්‍රතිලාභි තරුණ තරුණියන් තමන් ලැබු පුහුණුවත්, අත්දැකීම් හා ඔවුන්ගේ ඉදිරි බලාපොරොත්තු සභාව ඉදිරියේ ප‍්‍රකාශ කළහ. ඊට දෙමාපිය වැඩිහිටි පිරිස ද සහභාගි වුහ.පුහුණුව ලබා විසිරී ගිය තරුණ තරුණියන්ගේ ප‍්‍රගතිය හා ඔවුන් ලබන අත්දැකිම් පිළිබඳ පසු විපරමක් ධර්මවිජය පදනම විසින් ඉදිරි කාලයේ දී සිදු කරනු ඇත.