Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

වැඩසටහන් සහ ව්‍යාපෘති - (කි‍්‍රයාත්මක වැඩසටහන්)

ධර්මවිජය පදනමේ සැනසිලි සුවය උපදේශන සේවය
කොළඹ ධර්මවිජය පදනමේ පවත්වාගෙන යන සැනසිලි සුවය උපදේශන සේවය යටතේ එම සේවාව වඩාත් පුඵල්ව පවත්වාගෙන යෑමට කටයුතු යොදා ඇත. මෙම සේවාව සැමට විවෘත අතර මුදල් අය කිරීමක් නැත.
ධර්මවිජය පදනමේ සමලේකම්, සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍ර‍ජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය යසා සිරිවර්ධන මහත්මිය විසින් මෙහෙය වනු ලබයි.
දරැවන්ගේ සුභසාධනය ඉලක්ක කර 2016 වසර පුරා මසකට එක් වැඩසටහන බැගින් සෑම අවසාන ඉරිදා ප.ව. 12.30 සිට 1.30 දක්වා බම්බලපිටිය සිරි වජිරාරාම දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය හා දෙමව්පියන් සදහා වූ උපදේශන සේවා වැඩ සටහනක් එම දහම් පාසලේ දී පැවැත්වේ.
පවුල් පසුබිම දරැවාගේ වර්ධනයට කරන බලපෑම, දරැවාගේ මානසික හා ශාරීරික වර්ධනය සහ ඊට පාරිසරික බලපෑම ගැන මෙහිදි ගුරුදෙගුරැන්ගේ අවධානයට යොමු කෙරේ.
ලේකම්, ධර්මවිජය පදනම


පරිගණක බෙදා දීම
පසුගිය වර්ෂ කිහිපය තුළ ධර්මවිජය පදනම විසින් ධර්මවිජය සමාජවල ලිපි ලේඛන සකස් කර ගැනීම හා පරිගණක අධ්‍යාපනය ලබාදීම සදහා ධර්මවිජය සමාජ වෙත අප විසින් පරිගණක පරිත්‍යාග කරනු ලැබීය. පරිගණක ඕස්ට්‍රේලියාවේ ස්පර් සංවිධානයේ පරිත්‍යාග වශයෙන් ධර්මවිජය පදනමේ භාරකාර සභිකයකු වන ඕස්ට්‍රේලියාවේ පදිංචි රංජිත් සොයිසා මහතාගේ මැදිහත් වීමෙන් ධර්මවිජය පදනමට එවනු ලැබූ ඒවාය.
මීට අමතරව විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් තිදෙනෙකුට ලැප්ටොප් පරිගණක තුනක් ද 2012 වර්ෂය තුළ දී ලබාදීමට හැකියාව ලැබුණි. ඒ ඒ වර්ෂවල දී පරිත්‍යාග කරන ලද පරිගණක සංඛ්‍යාව මෙසේය.

වර්ෂය බෙදා දෙන ලද පරිගණක සංඛ්‍යාව
2008 35
2009 29
2011 59
2012 55
මුඵ ගණන 178



අනුරාධපුර තන්තිරිමලේ වකුගඩු රෝගයෙන් පෙළෙන සඳමල්එළිය ග‍්‍රාමයේ ජනතාවට ජිවිත රක්ෂණය ලබාදීම
පළාත් කිහිපයක පැතිර යන වකුගඩු රෝගයෙන් එම පළාත්වල ජන ජීවිතය සම්පූර්ණයෙන් ම බිඳ වැටෙන තත්ත්වකට පත් වී ඇත. සඳමල්එළිය ග‍්‍රාමය එවැනි එක් ග‍්‍රාමයකි. ධර්මවිජය පදනම පිළිබඳව දැනුවත් වූ සඳමල්එළිය ශ‍්‍රී පුෂ්පාරාමාධිපති පූජ්‍ය විහාරගම සංඝරතන ස්වාමීන් වහන්සේ එම ගමේ තත්ත්වය පිළිබඳ අප ආයතනයට කරුණු පැහැදිලි කරදීම නිසා එම ගමේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමේ ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කරන ලදී. එම ව්‍යාපෘතිය මගින් පවුල් 252 කට ජලය රැස් කිරීම සඳහා ජල ටැංකි ලබා දුන් අතර ජාතික ජලසම්පාදන හා ජලපවාහන මණ්ඩලය විසින් සහන මිලකට එම පවුල්වලට ජලය සැපයේ. මෙම ව්‍යාපෘතිය සඳහා සාමය හා දයාව සංවිධානයේ මූල්‍ය අනුග‍්‍රහය ධර්මවිජය පදනමට ලැබුණු බව කෘතඥතා පූර්වකව සිහිපත් කරමු. එම ග‍්‍රාමයේ ආර්ථිකය දියුණු කිරීම සඳහා වගා ළිං කිහිපයක් ලබාදීමට අප තීරණය කර ඇති අතර ඉහත සංවිධානයේ අනුග‍්‍රහය මත සඳමල්එළිය ග‍්‍රාමයේ ඉඳි කෙරෙන පළමුවන වගා ළිඳ සඳහා රු.275,000/- ක් දැනට ලබාදී ඇත. එම වගා ළිඳේ කටයුතු නිම වෙමින් පවතී.


කළුතර දිස්ත‍්‍රික්කයේ අඟුරුවාතොට අම්පිටිගල සිරි සීලවිමල ධර්මවිජය සාමාජිකයන් සඳහා අක්ෂි සායනයක්
කළුතර දිස්ත‍්‍රික්කයේ ක‍්‍රියාකාරී ධර්මවිජය සමාජයක් වන අඟුරුවාතොට සිරි සුමංගලාරාම විහාරස්ථානයට අනුබද්ධ සිරි සීලවිමල ධර්මවිජය සමාජයේ ගරු සභාපති පූජ්‍ය හාතියල්වෙල චන්දානන්ද ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම හා මෙහෙයවීම මත ධර්මවිජය පදනම විසින් ක‍්‍රියාත්මක කරන වැඩ සටහන පිළිබඳ දැනුවත් කිරීමේ එක්දින සම්මන්ත‍්‍රණයක් 2015.11.28 දින එම ධර්මවිජය සමාජයේ දී පැවැත්වුණි. සංවිධායකත්වයෙන් එම සම්මන්ත‍්‍රණයේ ප‍්‍රතිඵලයක් වශයෙන් විහාරස්ථානයේ දායක දායිකාවන් ජීවත්වන ග‍්‍රාමයන්හි පවුල් පිළිබඳ සමීක්ෂණයක් පවත්වා ඔවුන්ගේ සෞඛ්‍ය හා ආර්ථික කරුණු පිළිබඳව තොරතුරු රැස් කෙරිණි. එම සමීක්ෂණයේ දී එක් අංගයක් ලෙස ධර්මවිජය පදනම විසින් කලින් පුහුණු කරන ලද සාමාජික තරුණ තරුණියන් මගින් ජනතාවගේ ඇස් පරීක්ෂා කර අක්ෂි ආබාධ සහිත පුද්ගලයන් 100 ක් පමණ හඳුනා ගන්නා ලදී. එහි දෙවන පියවර වශයෙන් අපගේ වෛද්‍ය කණ්ඩායම විසින් එම රෝගීන්ගේ පළමුවන අක්ෂි වෛද්‍ය පරීක්ෂණය සිදු කර අවශ්‍ය ඖෂධ හා උපදෙස් ලබා දෙනු ලැබිණි. දෙවන වෛද්‍ය පරීක්ෂණය පැවැත්වීමෙන් පසු ඇස් කන්නාඩි ලබාදීම හෝ වැඩිදුර ප‍්‍රතිකාර නියම කිරීම සිදු කරනු ලැබේ. මේ සඳහා වියදම ධර්මවිජය පදනමෙන් දරනු ලැබේ. මෙවැනි උතුම් කටයුතු සඳහා ඔබට ද දායක විය හැකිය. ඒ සඳහා අපගේ උපසභාපති විශේෂඥ අක්ෂි වෛද්‍ය නලින් ගුණසිංහ මහතා දුරකථන අංකය 07773204066 අමතා වැඩි විස්තර ලබාගත හැකි ය.


විකෘති නාට්‍ය පෙන්වීම
වකුගඩු රෝගයෙන් සහ උග‍්‍ර පානීය ජල හිඟයෙන් පීඩා විඳින අසරණ ජනතාවට පිරිසිදු පානීය ජල සැපයීමේ සහ දිවයින පුරා සිදුවන සියදිවි හානිකර ගැනීම් වළක්වාලීම සඳහා "සැනසිලි සුවය" නමින් පවත්වන මානසික උපදේශනාත්මක සේවය සඳහා අවශ්‍ය අරමුදල් තර කර ගැනීමේ අරමූණින් ධර්මවිජය පදනම මගින් 2015 මාර්තු 21 වන සෙනසුරාදා ප.ව. 6.30 ට කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේ දී ප‍්‍රවීණ නාට්‍ය ශිල්පිණි සෝමලතා සුබසිංහයන්ගේ සම්භාව්‍ය නිර්මාණයක් වන "විකෘති" නාට්‍යය වේදිකා ගත කෙරිණි.



ඔල්කට් ගුණසේකර මහතා ධූරයෙන් සමුගැනීම
ධර්මවිජය පදනමේ ආරම්භක සභාපතිවරයා වශයෙන් වසර 32ක කාලයක් සභාපති ධූරය දැරූ ඔල්කට් ගුණසේකර මහතා ධූරයෙන් සමුගැනීම වෙනුවෙන් සිදුකරන ලද දානමය පිංකම සහ 2015 – 2016 වර්ෂයට නව භාරකාර මණ්ඩලයක් පත්කර ගැනීම 2015.02.14 දින සිදු කරන ලදී.



වකුගඩු රෝගය වැලැක්වීම සඳහා ජල ටැංකි ලබා දීම
හේරත්මිල්ලෑව පුරාණ රජමහා විහාරය සම්බන්ධකර එම ග්‍රාමයේ ජිවත්වන පවුල් 63කට එදිනෙදා පරිභොජනයට අවශ්‍ය ලීටර් 2000 ප්ලාස්ටික් ජල ටැංකි සැපයීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී. 2015.02.04 නිදහස් දින මූලික අදියර වශයෙන්, එම ග්‍රාමයට ගොස් ජල ටැංකි දහයක් භාරදීම සිදු කරන ලදී.



වාර්ෂික මහ සභාව
ධර්මවිජය පදනමේ වාර්ෂික මහ සභාව 2014.09.18 දින ධර්මවිජය පදනමේ, අතිපුජ්‍ය මඩිහේ පනඤ්ඤාසීහ සවාමීන්ද්‍ර ශ්‍රවනාගාරයේ දී ධර්මවිජය පදනමේ ගරු අනුශාසක අතිපුජ්‍ය පණ්ඩිත හක්මන සුමනසිරි ස්වාමීන් වහන්සේගේ අනුශාසනාවෙන් පැවැත්වින. ධර්මවිජය පදනම පසුගිය වසරේ සිදුකරන ලද අනේක විද පුණ්‍ය කාර්යන් සිහිපත් කළ උන්වහන්සේ, පදනම සිදු කළ පුණ්‍ය ක්‍රියා වල මහානිසංස කුශල බලය, භාරකාර මණ්ඩලයට මෙන්ම භාරකාර මණ්ඩලයේ සිට අප අතහැර ගිය සමාජික සමාජිකාවන්ටත් මූල්‍ය ආධාර, හා භාර අරමුදල් ඇති කළ සියලු පිංවතුන්ටත් අත් වේවායි පැතුහ. ගතවු වර්ෂයේ සිදු කළ වැඩ සහ ඉදිරි වර්ෂයටත් අපගේ වැඩසටහන් තව දුරටත් මනාව සංවිධානය කර සකස් කර ගත යුතු ආකාරය ගැන සභිකයන්ගේ විවිධ අදහස් ඉදිරිපත් විය.

ඉදිරි වර්ෂයේ නිලධාරි මණ්ඩලය සඳහා පහත සඳහන් භාරකාර සභික සභිකාවන් තෝරා ගන්නා ලදී.
සභාපති - දේශබන්දු ඔල්කට් ගුණසේකර මහතා
උපසභාපති- ජි.ඩි. සිරිල් ගුණපාල මහතා
උපසභාපති- ජේ.පි කන්නන්ගර මහතා
සම ලේකම්- එච්.බි.ප්‍රේමරත්න මහතා
සම ලේකම් - එම්.ඩි.ඩබ්. ආරියවංශ මහතා
භාණ්ඩාගාරික - සරත් ධර්මවර්ධන මහතා
අභ්‍යන්තර විගණක - ඩි.ජි.දයාරත්න මහතා

පරිගණකයක් පරිත්‍යාග කීරිම.
අතිපුධර්මවිජය සමාජයේ පාවිච්චිය සඳහා පරිගණකයක් පූජා කිරීම නොබෝදා ධර්මවිජය පදනම් මූලස්ථානයේ දී සිදුවිය. දිවයින පුරා විසිරුණු විහාරස්ථාන 466 ක ධර්මවිජය සමාජ පිහිටුවා ඵමගින් ආර්ථික, ‍සෞඛ්‍ය, අධ්‍යාපන හා සදාචාර යන සිව් වැදෑරුම් අංශ යටතේ විවිධ සංවර්ධන වැඩසටහන් සිදුකරේ. දහම් පාසල් සංවර්ධනය එහි ප්‍රධාන කටයුත්තකි. දහම් පාසල් සඳහා හා පරිගණක දැනුම සඳහා පාවිච්චි කිරීමට මේ වන විට පරිගණක 400 ක් පමණ ‍ බෙදාහැර තිබේ. ඕස්ට්‍රේලියාවේ ස්පර් ආයතනයේ පරිත්‍යාගයක් වශයෙන් මෙම පරිගණක ධර්මවිජය පදනමට ලැබිනි.



සදාචාර වර්ධන වැඩසටහන් සඳහා ආධාර පිණිස මනමේ නාට්‍ය ප‍්‍රදර්ශනය කිරීම
ධර්මවිජය පදනම ක‍්‍රියාත්මක කරන සදාචාර වැඩසටහන් සඳහා මුදල් උපයා ගැනීමේ පරමාර්ථයෙන්, මහාචාර්ය සරච්චන්ද්‍ර ශූරීන්ගේ මනමේ නාට්‍යය වේදිකාගත කිරීමට භාරකාර මණ්ඩලය තීරණය කරන ලද අතර ඒ අනුව 2014 මාර්තු - 08 දින බොරැල්ල තරුණ බෞද්ධ සංගම් ශාලාවේ දී දර්ශන වාර දෙකක් පවත්වන ලදී. පාසල් දරු දැරියන් හා වැඩිහිටියන් ඊට සහභාගි වුහ.

මේ සඳහා විශේෂ අනුග‍්‍රහය ලබාදුන් සිමාසහිත සිංගර් ශ‍්‍රී ලංකා ආයතනය, ලංකා බැංකුව, ඩොක්යාඞ් ආයතනය, ග්ලෝබ් කොමර්ෂල් ඒජන්සීස්, විදේශ සේවා කාර්යංශය, සෙන්ට‍්‍රල් බෙයාරින් මැෂිනරි, මත්පැන් හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය, තුඩාවේ බ‍්‍රදර්ස්, ජයමාල් මෝටර්ස්, ලංකා ඔරික්ස් ෆිනෑන්ස් හා ආර්.ප‍්‍රසන්ත මහතා කෘතවේදිත්වයෙන් සිහිපත් කරන අතර ඔවුන්ගේ ඉදිරි කටයුතු සාර්ථක වේවායි පතමු.

මිනිහා නො හදා රට හදන්න බැහැ, මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු.
ගසට පොත්තත් පොත්තට ගසත් මෙන් රටට මිනිසාත් මිනිසාට රටත් අන්‍යොන්‍ය සම්බන්ධයෙන් බැඳී පවතියි. රටක් ගොඩ නැඟීම, රටේ සාරධර්ම ආරක්ෂා කිරීම රටේ ජීවත්වන පුරවැසියා සතු වගකීමක් මෙන් ම යුතුකමකි. පොළොව තුළට විහිදී ගොස් පස බදාගෙන තිබෙන අයුක්තිය, අසාධාරණය, වෛරය, කාමය, ආශාව, මිල මුදලෙන් වැසී ගත් මනුෂ්‍යත්වයේ මිණි කැන ගොඩ ගෙන කපා ඔබ මට්ටම් කර වර්තමාන දරුවන්ගේ ගෙළ පැළඳවීමට කාලය පැමිණ හමාර ය. දිය බිද බිද එකතු වී ගංගාවක්, මහා සාගරයක් නිර්මාණය වන්නා සේ රටට ආදරය කරන ශ්‍රේෂ්ඨ මිනිසුන් රැසක් එකතු වී මුළු ලොව හමුවේ ආඩම්බර විය හැකි රටක් ගොඩනැගීම ජාතිය සතු වු වගකීමකි. රටේ වෙසෙන මිනිසුන් යහපත්, ශ්‍රේෂ්ඨ, සාරධර්ම ආරක්ෂා කරන්නවුන් වුවහොත් අභිමානවත් මාතෘ භූමියක් ලෙස අපට නැඟී සිටීම අපහසු කරුණක් නොවන බව නො අනුමාන ය.යුරෝපීය ජාතීන්ගේ ආශ‍්‍රය හමුවේ එදා ලක්මව්ට සිටි දරුවන්ගේ සභ්‍යත්වය, සංස්කෘතිය එන්න එන්නම පිරිහුණා මිස ගොඩනැඟුනේ නැත. එදා මෙරට ධර්මද්වීපයක් කළ චාම්, ගුණගරුක, ශිෂ්ඨ සිංහලයා අද කෑමට, ඇදීමටත් පිට රටට කට අයාගෙන සිටියි. ඉවතට ලන දඬු කැබැල්ල පවා පැළ වෙන මේ පින්බිමට පිට දේශක්කාරයාගේ අපට නොදිරවන කෑම කුමකට ද යන්න විශාල ගැටළුවකි. තමාට නොගැලපෙන පරිදි වියදම් වලට හුරු වී සිටින වර්තමාන මිනිසා සුරාවට, සූදුවට කාමුක කමට වහල් වී තමාම තමාට කර ගන්නා නිවට විහිළුව තමාට නොතේරීම කණගාටුවට කරුණකි.

එදා පරදේශක්කාරයා රටට එනවා දුටු අහිංසක හෙලයා රජුට පැවසුවේ කිරි ගල් හා ලේ බොන මිනිසුන් තමා දුටු බව යි. නමුත් අද සමාජය ඉදිරියේ සිය ධනවත්කම් කියාපෑමට, ආඩම්බරකම් කියා පෑමට නිවටයන් මෙන් ලේ බොයි. එපමණක් නොව එදා වේල ඉල්ලා හාමතේ අඩනා දරු පැටවුන් දෙස බල බලා ඔවුන්ට අකුරක් ලියන්නට පොතක් පැන්සලක් නොදෙන ගිණි වතුරට ගිජු වූ අප්පච්චිලා ද ඕනෑ තරම් ය. මෙය ඔවුනට පමණක් ප‍්‍රතිඵල දෙන කරුණක් නොවේ. මෙහි ප‍්‍රතිඵල ඉතා භයානක ය. මුඵ මහත් සමාජයටම මත්ද්‍රව්‍යය මහත් හිසරදයකි. මත්ද්‍රව්‍ය භාවිතා කර රෝගාතුර වන්නන්ට බෙහෙත් සැපයීමට රටක් අධික ලෙස වියදම් දරයි. මෙවැනි මතට ගිජු වූවන් සිටින රටක් ගොඩනැගීම අසීරු ය. සිය රට, සිය දරුවන් ගැන සිතා හෝ මේ පුරුදු මඟහරිනවානම් ලක් මෑණියන් සිනාසී ඇගේ කඳුඵ පිස දමා ගන්නවා නොඅනුමාන ය.

දිනපතා ජනමාධ්‍ය තුලින් අසන්නට ලැබෙන්නේ මිනී මරා ගැනීම්, කපා කොටා ගැනීම්, සොරකම්, භිෂණ, අල්ලස් ගැනීම් වැනි පහත් ක‍්‍රියාවන් ය. මුදලට ලොල්ව මුදල් පසුපස හඹා යන ඇතැමුන්ට රතුපාටින් ගැලූ ලේ කිරිකර පෙවූ මෑණියන්, දරුවනට ඇසෙන්නට නොතබා ජීවිතයේ කඳුඵ කවිය ගායනා කළ, අම්මාගේ කිරිවලට ජීවය ලබා දුන් ආදරණීය පියාණන් අමතක වීම කඳුලකට කරුණකි. බල තණ්හාව, ඉඩකඩම් තණ්හාව නිසා මව්පියන් සහෝදරයන් කපා කොටා ඝාතනය කිරීමට තරම් අජාසත්තලා අපේ කාලයේත් බිහි වීම අවාසනාවකි.

වෛරය, අන්‍යෝන්‍ය සබඳතාවයන් වර්ධනයට මිත‍්‍රත්වය රෝපණයට මෙන්ම මනුෂ්‍යත්වය ගොඩ නැඟීමට ද බාධා ගෙනෙන විශාල පිළිලයකි. වෛරයෙන් වෛරය නොසන්සිඳේ යන පරම සත්‍ය බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ ද ඉතා අගනාව දේශනා කර ඇත. වෛරය නිසා අඩදබර ඇතිවීම පමණක් නොව මිනී මරා ගැනීම් දක්වාම තත්ත්වය ප‍්‍රබල විය හැකි ය. රටක අත්තිවාරම වන මිනිසා සෑදීමට සෑම මිනිසෙකු තුළම නුවණ අත්‍යවශ්‍යය. අනුවණ මිනිසාගේ පරාභවය සලසයි යන්න තහවුරුකිරීමට දේව ධර්ම ජාතක කථාව කදිම උදාහරණයකි. රටක් කොතරම් භෞතිකව දියුණුව කරා ලඟා වුවද රටවාසීන්ගේ අධ්‍යාත්මය පිරිහෙමින් වැනසෙමින් පවතින්නේ නම් රටේ පරිහානය ද වැඩි ඈතක නොවේ. දළදා හාමුදුරුවන්ගේ දෑස් ඉදිරියේ ගිණි ගෙන දැවෙන කසාවත සමගම නැගුණු ගිණිදැල් පරදවා නැගී සිටි අභීත හඬ ලක්වැසියාගෙන් ඉල්ලූවේ එකම එක් ඉල්ලීමක් පමණි. ඒ සත්ව ඝාතනය ගව ඝාතනය නවත්වන්න යන්න ය. සමාජය නිවැරදි මාර්ගයකට යොමු කිරීමට අභීත සිංහල හඬක් මියැදෙනවා දකින්නට තරම් අප දෑස් පව් කර තිබීම සෝචනීය ය. නිදා සිටි මිනිසුනි, නිදා ගැට කඩා නැගි රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් යුතුකම් ඉටු කළ යුතු කාලය පැමිණ හමාර ය.මතු බුදු බව පතනා අපවත් වී වදාළ ශ‍්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහානායක අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසිහ මහානායක හිමියන් වැනි රන් රුවන් බදු උත්තමයන් වහන්සේලාගෙන් අපට ගත හැකි ආදර්ශ අපමණ ය. එවැනි ශ්‍රේෂ්ඨ චරිත අනුගමනය කළහොත් ඔවුන් දුන් අවවාද පිළිගත හොත් යහපත් මිනිසෙකු සෑදීම දියුණු රටක් සෑදීම අපහසු කරුණක් නොවන බව මාගේ හැඟීම ය. රටට, ජාතියට, ආගමට සේවය අවැසිම කළ මඩිහේ පඤ්ඤාසීහ අපේ හාමුදුරුවන් වහන්සේ වැනි අභීත උදාර හඩවල් නැවත ඉපදේවා යන්න මාගේ ඒකායන පැතුම යි.

මිනිසා නොහදා රට හැදිය නොහැකිය යන මිනිසුන්ට නොපෙනෙන සත්‍යය ඇගිල්ලෙන් ඇන මිනිසුන්ට කියා දුන්නේ මඩිහේ පඤ්ඤාසීහ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේම ය. ඔබ වහන්සේ රටට වැඩදායි වූ සැබෑ මිනිසකු වූවා පමණක් නොව රටට වැඩදායක තවත් සැබෑ මිනිසුන් නිර්මාණය කිරීමට දැරූ ප‍්‍රයත්නය අපමණ ය. හැබෑම මිනිස්කමේ සුවඳ දනන් අතර විහිද වු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කළ සේවය සඳා අමරණීය ය. ශාසනික සේවාව, සතර පෝය නිවාඩු නැවත ලබා ගැනීම, ධර්ම ප‍්‍රචාරය, අසරණයන්ට සරණ වීම, ගව සම්පත රැක ගැනීමට දැරූ උත්සාහය, ලේ දන්දීමේ වැඩසටහන්, සදාචාර විරෝධි ක‍්‍රියා පිටු දැකීම වැනි ක‍්‍රියා සැබෑ මනුසත් බව මිනිසුන් තුළ ඇති කිරීමට උන්වහන්සේ කළ සේවාවන්ගෙන් බිඳක් පමණි. මේ මාතෘ භූමිය අපේ රට යි. කිසිදා සැබෑ නොවන ඊළාම් සිහිනයක් දුටු ත‍්‍රස්තවාදීන් හෙලා රට නගා සිටුවීමට පඤ්ඤාසීහ අපේ හාමුදුරුවෝ ගත් උත්සාහය අපමණ ය. සිංහල සමඟිය අනුන්ට ගසන්නට නොව අනුන් ගසන පහරවල් වළක්වා ගන්නටයි, සිංහලයිනි සමඟිවන්න යනුවෙන් උන්වහන්සේ සිංහලයන් අවදි කරන්නට විය. අපේ හාමුදුරුවනේ ඔවුන් දුටු ඒ ඊළම සිහිනයක්ව පමණක් කරමින් අද අප නිදහසේ හුස්ම ගන්නා නිදහස් අරුණැල්ලේ සුවඳ විදිනා මාතෘ භූමියකි. ඉතිරිව ඇත්තේ මිනිසාගේ අධ්‍යාත්මය සංවර්ධනය කර සැබෑ මිනිසුන් නිර්මාණය කිරීම පමණි. මිනිසුන් නිවැරදි මාර්ගයට යොමු කිරීමට, මනුෂත් බව උතුරා යන සැබෑ මිනිසුන් ගොඩ නැඟීමට මඩිහේ පඤ්ඤාසීහ ස්වාමින් වහන්සේ කළ සේවය අපමණ ය, අමරණීය ය.

"පෙකනිය නොදත් වා
සළු ඇඳ බොලට දක්වා
තොපා තන සත් වා
සිනා නොමසෙන් දසන් දක්වා"

යන කාව්‍ය ශේඛර කවියේ කියවෙන්නේ සිය ගත මැනවින් වැසෙන අන්දමින් විනීත ලෙස ඇඳුම් ඇඳීම බෞද්ධ කුල කාන්තාවගේ සිරිත විය යුතු බව ය. නමුත් මෙවැනි අගනා ඔවදන් කවි ජීවිතයට අසා නොමැති වර්තමාන ඇතැම් කාන්තාවන්ට මව් පදවිය පවා අමතක වීම හාස්‍යයට කාරණයකි. ඇතැමි රූපවාහිනි නාලිකා වල දක්නට ලැබෙන දසුන් අම්මා අප්පච්චී සමඟ තබා තනිවම ද නැරඹීම ලැජ්ජා සහගත ය. පරගැති සිරිත් නතර කර දමා ලොවටම පෙනෙන්නට මේ කරනා විහිළු නතර වනතුරු රටවැසියන්ගේ ආධ්‍යාත්මික දියුණුව අඩපණ ය. විදේශිකයා සිංහලයන්ගේ ඇස් මත ඇලවූ පටලය ඇසට අයත් එකක් නොව ඇස අඳුරු කරන එකක් බව අවබෝධ කර ගෙන එය ගලවා දමා හොඳ හැටි බලා පැරණි අපේ සිංහලකම, සභ්‍යත්වය අනුව නැගී සිටීමට දැන් කාලය පැමිණ ඇත.නිවැරදි මාර්ගය නොදැන මං මුලා වූ වර්තමානයේ මනුෂ්‍යත්වයේ රතු පලස මතින් සංවර්ධනය වූ රටක් ගොඩනගන්නේ කෙසේදැයි විමසා බලමු. මල නොතලා රොන් ගෙන යන බඹරෙකු මෙන් අනන්නොපෙළා ලබන තුඹසක් මෙන් ක‍්‍රමයෙන් අභිවෘද්ධියට පැමිණෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුගමනය කරන ධර්මයට අනුව හැසිරෙන පුද්ගලයා සැමදා දියුණුවෙන් දියුණුවම ලබයි. ලෝකෝපකාරය, සිරිත් මල්දම, ලෝ වැඩ සඟරාව, ත‍්‍රිපිටකය, ධම්මපදය වැනි අපේ සාහිත්‍යකෘතීන්, බෞද්ධ ග‍්‍රන්ථයන්ගෙන් ජීවිතවලට ගත හැකි ආදර්ශ ඕනෑ තරම් ය. සිගාලෝවාද සූත‍්‍රය වැනි ධර්ම සූත‍්‍ර ධර්ම බෙහෙවින් මිනිසාගේ ලෞකිකාභිවෘද්ධියට දායක වන බව මනාව පැහැදිලි ය. මෙවැනි පොත් පරිශීලනයෙන් මිනිසාගේ අධ්‍යාත්මය සංවර්ධනය කර ගත හැකි ය. වර්තමානයේ ගීතය ජනතාව අතර ඉතා ජනප‍්‍රිය ය. ආදරය, විරහව පිළිබඳව පමණක් ම ගීත ලියැවෙන වර්තමාන සමාජයේ මිනිසාගේ අධ්‍යාත්මය සංවර්ධනය පිළිබඳව, අසාධාරණයෙන් බැට කන අපේ මිනිසුන් පිළිබඳව අසරණ දුප්පතුන්ගේ දුක වේදනාව පිළිබඳව ගීත ගැයුනානම්, ටෙලි නාට්‍යය නිර්මාණය වූවා නම් මිනිසුන්ගේ වැරදි නිවැරදි කර ගැනීමට එය විශාල රුකුලක් වේ යැයි මම සිතමි. උදෑසන සිට සවස් වනතුරුම රූපලාවන්‍යය, පිට ඔපය, දිනක පොළොවේ පසට එකතු වන හමේ වර්ණය සුදු කිරීමට වත්මන් ජනමාධ්‍යය වෙහෙසෙන තරම ඔබ මා හොඳින්ම දැක තිබේ. නමුත් සැමදා හදවත් තුළ රැඳෙන, සැමදා මිනිසුන් අතර රැඳෙන අපේ මිනිසුන්ගේ අධ්‍යාත්මයේ වර්ණය, මනසේ වර්ණය පැහැපත් කිරීම, කරවීම ගැන මිනිසුන්ගේ හදවත්වලට කථා කරනවා නම් එය මාතෘ භූමියක් උදෙසා කරන මහඟු සේවයක් යන්න මාගේ අදහස යි. එමෙන්ම මතු බුදු බව පතනා අපේ හාමුදුරුවන් වහන්සේ ,මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වැනි උත්තම චරිත ආදර්ශයට ගැනීමෙන් උන්වහන්සේ විසින් රචිත ග‍්‍රන්ථ පරිශීලනයෙන් ගිණිගෙන දැවෙන හදවත්, කෙළෙස් මළ සහිත හදවත් වලට අදා දම් වැසි වස්සවා ගත හැකි ය. එපමණක්ම නොව අයුක්තියෙන් අසාධාරණයෙන් බලවතුන්ගේ පා පහරවල් කන අපේම අසරණයන් වෙනුවෙන් හඬ නැගීමට හැකියාව ලැබෙනු ඇත. උන්වහන්සේගේ පොත්පත් පරිශිලනයෙන් මරණ බියේ තැති ගෙන වෙව්ලන තමාගේ වර්ගයාගේ හිස කඳන් වෙන් වීමත් සමග හලන ලේ දාහා දැක, මරණ බියේ කෑ ගසනා අසරණ හඬවල් අසා සියළු මිනිස් වර්ගයා කෙරෙහිම වෛරයෙන් මරණයට පත්වන අසරණ සතුන්ගේ, වෛරයෙන් විෂ වු මස් ඇද කන්නවුන් නොමැති රටක් නිර්මාණය කළ හැකි ය. උතුම් ගුණ ධර්මවලින් යුත්, සාරධර්ම අගයන මිනිසුන් වෙසෙන රටක් ගොඩනැගීම අප කාගේත් වගකීමකි. ඒ සඳහා එක දම්වැලක පුරුක් මෙන් එක් වී වෛරය, අයුක්තිය, අසාධාරණය, වංචා දුෂණ, හොරමැරකම් දුරුකොට හොඳ පුරුදු ඇති කර ගත යුතු කාලය පැමිණ හමාර ය. ආදරය, කරුණාව, හොඳ ගුණධර්ම වැපිරූ සරුසාර මනුෂ්‍යත්වයේ කෙතේ සංවර්ධනයේ රන් අස්වනු ලබා ගැනීමට ලක් මෑණියෝ බලා සිටින්නීය. එම බලාපොරොත්තු ඉටු කිරීම ලක් දරුවන් වන අපගේ යුතුකම යැයි සිතට ගනිමු. සැබෑ මිනිසුන් වෙසෙන සුන්දර රටක් බිහි කරමු.

"වපුරා සෑම දස අත හොඳ ගුණ ධර්ම
නැති වී යා නොදී රට තුළ මිනිස් කම
හොඳ ගුණ දම් ප‍්‍රගුණ කර සැම හද තුලම
රන් අස්වනු නෙළමු මව් බිය සැම දෙනම"

වී.ඒ.මදුවන්ති බෝපගේ
දැහැමි ධර්මවිජය සමාජය
ප‍්‍රඥාසාර දහම් පාසල
වැලිතැන්න, මහවත්තේගම
බදුල්ල