Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

ධර්මවිජය පදනම සභාපතිතුමාගෙන් ...
ධර්මවිජය පදනම, පාර්ලිමේන්තු පනතකින් 1979 දී නීතිගත කිරීමෙන් පසු මේ එළඹ සිටින්නේ එහි හතරවන දශකයට ය. 34 වසරක සංස්ථාගත ඵ්කකයක් වශයෙන්, ධර්මවිජය පදනම තම මෙහෙවර වන බෞද්ධ ප‍්‍රතිපත්ති මත කායික හා මානසික වශයෙන් මිනිසාගේ පූර්ණ වර්ධනයක් ඇති කොට ධර්මවිජය සමාජයක් ස්ථාපිත කිරිමට වෙර දැරී ය. අප හැමවිට අපගේ දැක්ම කර ගත්තේ ධර්මවිජය පදනමේ මුල්ම අනුශාසක වූ අතිපුජ්‍ය මඩිහේ පඤඤසීහ මහනාහිමියන් විසින් නිතර ප‍්‍රකාශ කරන ලද්දකි. එනම් මිනිහාගේ සදාචාර වර්ධනයක් සමග රටේ සංවර්ධනය ඇති කළ යුතු බව යි. උන්වහන්සේගෙම වචනවලින් නම් ,මිනිසා නො හදා රට හදන්න බෑ. මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු, යන්න යි.

ගෙවී ගිය වසර 34 තුළ ධර්මවිජය පදනම දේශීය හා විදේශීය වශයෙන් පිළිගැනීමක් දිනා ගෙන ඇත. විශ්වාසනීය සැලකිල්ලට වඩ වඩාත් භාජන වීමටත් බලපැවැත්වීමක් කළ හැකි සංවිධානයක් බවට ක‍්‍රම ක‍්‍රමයෙන් පත්වීමටත් හැකි වී තිබීම නිහතමානීව සඳහන් කළ යුතු ය.

ධර්මවිජය පදනමේ කළමනාකාරීත්වය, පුර්ණ ලෙස ස්වේච්ජාවෙන් සේවයේ යෙදෙන 30 දෙනෙකුගේ සැදි භාරකාර මණ්ඩලයක් විසින් මෙහෙයවනු ලැබෙයි. සතියේ සෑම බ‍්‍රහස්පතින්දාවක ම භාරකාර මණ්ඩලය රැස්වෙන අතර එයට ගරු අනුශාසක ස්වාමීන් වහන්සේ ද සහභාගි වෙති. ''සමගිය ම යහපති'' යන ආදර්ශ පාඨය මත කි‍්‍රයාත්මක වන භාරකාර මණ්ඩලය සෑම විට ම තිරණයකට එළැඹෙන්නේ පොදු සම්මුතියෙනි. තවදතීරණ ගැනිමේ කි‍්‍රයාවලියේ දී අප කවුරුත් අගයන පාරදෘෂ්‍ය භාවය සෑම විටම ධර්මවිජය පදනම සුරකී.

ධර්මවිජය පදනමට අරමුදල් රැස්කිරීමේ ප‍්‍රධාන මාර්ග වනුයේ, භාරයන්, පැවරීම්, හා පරිත්‍යාගයන් ය. දැනට ධර්මවිජය පදනම භාර 58 ක් පාලනය කරයි. මේවා ත්‍යාගශීලින් විසින්, පදනමේ අරමුණුවලට අනුගතව ධර්මවිජය පදනමේ හතර වැදෑරම් වැඩසටහන සාක්ෂාත් කර ගැන්මට පිහිටුවන ලද ඒවා ය. අරමුදල් භාවිතයේ දී පරික්ෂාකාරීව හා සැලසුම්ගතව ධර්මවිජය පදනම කි‍්‍රයාකරන බවට මෙයම හොද සාක්ෂියකි. අප ගිණුම්, පිළිගත් ගණකාධිකාරී සමාගමක් විසින් වාර්ෂිකව විගණනය කැරෙන අතර ඵ්වායේ යාවත්කාල කිරීම අතපසුවීමක් නොමැතිව පවත්වාගෙන යනු ලබයි.

ජාතික ප‍්‍රතිපත්ති සැකසීමේ දී, විවිධ අංශවල එක්තරා ප‍්‍රමාණයකට බලපෑම් කරන්නට ධර්මවිජය පදනම පොහොසත් වීම සතුටට කාරණයකි. උදාහරණ වශයෙන්, 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරුම පිළිබද සංකල්පය ගොඩනැගීමටත් ඒ සදහා වු විසිවැදෑරුම් සැලැස්ම පිළියෙල කිරීම හා ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ධර්මවිජය පදනම වැදගත් කාර්යභාරයක් ඉටු කළේ ය. සම්බුද්ධත්ව ජයන්තිය ජනාධිපති මෙහෙයුම් කමිටුවේ, සාමාජිකත්වය ද ධර්මවිජය පදනම දරනු ලබයි. එපමණක් නොව, ජාතික හා ජාත්‍යන්තර වශයෙන් දුම්කොළ සහ මiසාර පාලනය උදෙසා නිතීමය රාමුවක් සැකැසීමේ දී ද ධර්මවිජය පදනම කළ සේවය කල් පවතින්නකි. අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශ උපදේශක කමිටුවල ද ධර්මවිජය පදනම නියෝජනය කරනු ලබයි.

ජාතික ප‍්‍රතිපත්ති සැකසීමේ දී, විවිධ අංශවල එක්තරා ප‍්‍රමාණයකට බලපෑම් කරන්නට ධර්මවිජය පදනම පොහොසත් වීම සතුටට කාරණයකි. උදාහරණ වශයෙන්, 2600 සම්බුද්ධත්ව ජයන්තිය සැමරුම පිළිබද සංකල්පය ගොඩනැගීමටත් ඒ සදහා වු විසිවැදෑරුම් සැලැස්ම පිළියෙල කිරීම හා ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ධර්මවිජය පදනම වැදගත් කාර්යභාරයක් ඉටු කළේ ය. සම්බුද්ධත්ව ජයන්තිය ජනාධිපති මෙහෙයුම් කමිටුවේ, සාමාජිකත්වය ද ධර්මවිජය පදනම දරනු ලබයි. එපමණක් නොව, ජාතික හා ජාත්‍යන්තර වශයෙන් දුම්කොළ සහ මධ්‍යසාර පාලනය උදෙසා නිතීමය රාමුවක් සැකැසීමේ දී ද ධර්මවිජය පදනම කළ සේවය කල් පවතින්නකි. අධ්‍යාපන හා සෞඛ්‍ය අමාත්‍යාංශ උපදේශක කමිටුවල ද ධර්මවිජය පදනම නියෝජනය කරනු ලබයි.

ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය හා සදාචාර යන හතර වැදෑරුම් වැඩසටහන් යටතේ කරනු ලබන විවිධ සේවාවන් පිළිබඳ විස්තර මෙම වෙබ් අඩවියෙන් ඉදිරියේ දී දිග හැරෙනු ඇත. මෙම වෙබ් අඩවිය යාවත්කාල කොට නව ආරම්භයක් දෙන ලද්දේ අපේ වැඩ කටයුතු පිළිබඳ තොරතුරු ඔබ සමග බෙදා හදා ගැන්මට ය. අවුරුදු ගණනාවක් තිස්සේ අපට උදව් කළ ධර්මවිජය හිතවතුන්, අප කරන හා කිරීමට බලාපොරොත්තු වන වැඩ සටහන් පිළිබඳව, එසේම අපේ සැලකිල්ලට භාජන වන්නා වූ දේ පිළිබඳව පමණක් නොව, අපේ මෙහෙවරට අදාළ පීඩා හිරිහැර ආදිය පිළිබඳව ද දැනුවත් කිරීම අපේ අභිප‍්‍රාය වෙයි. නිරතුරුව පැන නගින අභියෝග ඉදිරියේ නොසැලී, අපේ වැඩ කටයුතු සමාලෝචනය කරමින්, සතර වැදෑරුම් සංවර්ධනයට දිය හැකි යහපත් දායකත්වය පිළිබඳව අපි නිරන්තර විමසිල්ලෙන් සිටින්නෙමු. එහෙයින් අප නිරතුරුව අපේ වැඩ සටහන් සමාලෝචනයට ලක් කොට හතර වැදෑරුම් සංවර්ධනය සදහා දායක විය හැකි ආකාරය විමසනු ලැබේ.

කරුණු දෙකක් පිළිබඳව අපේ අවධානය මේ අවුරුද්දේ යොමුව තිබේ. වාර්ෂිකව අප රටේ සිදුවන මරණ 10 න් 7 ක් බෝ නොවන රෝග නිසා සිදුවීමත් උතුරු මැද, වයඹ හා නැගෙනහිර පළාත්වල මිනිසුන් බිලිගන්නා දරුණු වකුගඩු රෝගයත් එම කරුණු දෙක වේ. අප විසින් අනුරාධපුරය හා කුරුණෑගල දිස්ත‍්‍රික්කවල වැඩ සටහන් දෙකක් ක‍්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇත. මෙම ව්‍යාපෘති දෙක සදහා රුපියල් 20 ලක්ෂයක් පමණ අවශ්‍ය ය.
මෑතක සිට, දූෂණය, බේබදුකම හා අපරාධ වැඩිවීමේ ප‍්‍රවනතාව අපේ බලවත් අවධානයට ලක්ව පවතී. දැනට තිබෙන දත්ත මගින් තහවුරු වන මේ අභියෝගයට අප මුහුණ දිය යුතු ය. නීතියේ ආධිපත්‍යය මෙ රට ස්ථාපනය විය යුතු අතර, දූෂණයට තුඩුදෙන පිටස්තර බලපෑම්, සමාජය තුළ වැරදි දේ කිරීමට ඇති බය හා ලජ්ජාව අඩු වීම යන මේවා මැඩ පැවැත්විය යුතුය. අප ඉදිරියේ ඇති ප‍්‍රබල තර්ජනයක් වන මෙය පිටුදැකීමට බිම් මට්ටමේ ව්‍යාපාරයක් දැනටමත් අප ධර්මවිජය සමාජ ජාලය මගින් ආරම්භ කර ඇත.

සුන්දර සමාජයක් ගොඩන නැගීමට කේන්ද්‍රීය ක‍්‍රියාමාර්ගයක් ගත හැක්කේ පන්සල මුල්කර ගත් ධර්මවිජය සමාජයන්ට ය. පන්සලේ නායක ස්වාමින් වහන්සේ ධර්මවිජය සමාජයේ සභාපති හෙයින් අනිවාර්යයෙන් එසේ කළයුතු වෙයි. ධර්මවිජය පදනම සිය වැඩ සටහන් ක‍්‍රියාත්මක කරන්නේ පන්සල් මුල් කොට ගත් ධර්මවිජය සමාජ මගිනි. සාර්ථකත්වය බොහෝ දුරට රඳා පවතින්නේ ධර්මවිජය සමාජයේ සභාපති ස්වාමින් වහන්සේ දෙන නායකත්වය හා අභිපේ‍්‍රරණය මත ය. දැනට ධර්මවිජය සමාජ 450 ක් තිබේ. අප දන්නා පරිදි මින් සමහරක් ක‍්‍රියාකාරී නොවේ. දැනට අපේ එක් ප‍්‍රධාන කාර්යභාරයක්ව ඇත්තේ මෙම සමාජයන් නැවත පුබුදුවාලීම යි. එ් සඳහා අප මෙම සමාජයන් කරා යා යුතු ය. ඔවුන් සමග නිරතුරුව සම්බන්ධතාවන් පවත්වාගෙන යා යුතු ය. එසේම ක්ෂේත‍්‍රයට අනිවාර්යයෙන් යා යුතු ය. එ සඳහා අපට ඇති ලොකුම බාධකය ගමනාගමන පහසුකම් නොමැතිකම යි. අපට තිබුණු අවුරුදු 20 ක් පරණ රථය යළි යළිත් අඵත්වැඩියා කිරිමේ ප‍්‍රශ්නය නිසා විකුණා දමන්නට සිදුවිය. යම්කිසි හිතවතෙකු ඉදිරිපත් වී මේ සදහා අපට ආධාර කරනු ඇතැයි අපි විශ්වාස කරමු.

දූෂණය හා අවනීතියේ හදිසි නැගීමක් දක්නට ඇති අද දවසේ සුසිල්වත්භාවය ප‍්‍රකට ලෙස දක්නට ලැබීම සැනසිල්ලට කරුණකි. පන්සල් යන්නන්ගේ වැඩිවීමක් දක්නට ඇත. විශේෂයෙන් පන්සලට යන තරුණ පිරිස් වැඩිවීම, එසේම ඔවුන් අතර අටසිල් සමාදන්වීම බහුල වීම අද ගම්බදවත් නගරබදවත් දක්නට ලැබෙයි. මෙය ධර්මවිජය පදනමට සුඵවෙන් වුව ද ගෞරවය හිමි වන තත්ත්වයකි.
දිළිදු භාවයෙන් පෙළෙන හා පිටස්තර පිහිටක් ඇවැසි, සමාජයේ ජන කොටස් සඳහා කැපවීමෙන් යුතුව පෙරමුණ ගෙන ක‍්‍රියා කරන්නාවූ ද, ධාර්මික සමාජයක පුනරෝදයට හා ශිෂ්ට සම්පන්න දිවි පෙවෙතක් යළි මතු කර ගැන්මට සැබවින්ම අත හිත දෙන්නා වූ ද සංවිධානයක් වන ධර්මවිජය පදනමේ පැවැත්ම මේ වකවානුවේ දී අතිශයින් ම වැදගත් ය. මෙතෙක් ඔබ විසින් දෙන ලද අනුග‍්‍රහය කෘතඥතා පූර්වකව සිහිපත් කරන අපි, අපේ හිතවතුන්ට, විශේෂයෙන් අපේ විදෙස්ගත හිතවතුන්ට, අපට අනුග‍්‍රාහී වෙමින් ඉදිරියට පැමිණ අප හා එක්ව වැඩ කරන්නැ යි අපි ආරාධනා කරමු. ඔබ පරිත්‍යාග කරන හැම ශතයක් පිළිබඳව අපි වග කියන්නෙමු.

අප ඉදිරියේ ඇති අභියෝග බොහෝ ය. කළ යුතු වැඩ කටයුතු සුවිශාල ය. එමනිසා ඔබේ අඛණ්ඩ, නොමසුරු සහාය සෑම අතින් ම අපට අත්‍යාවශ්‍ය ය. අසමාන ඉතිහාසයකින් හා සංස්කෘතියකින් හෙබි අපේ මේ සුන්දර රට ලෝකයට පහන් ටැඹක් වී මුඵ මහත් මනුෂ්‍ය ප‍්‍රජාවේ උන්නතිය කෙරෙහි අපගේ මෙම ව්‍යායාමය දැකීම අපගේ එකම අපේක්ෂාව යි.

දේශබන්ධු ඕල්කට් ගුණසේකර
2555 / 2012.03.28