Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

පුවත් ලිපි 2012
ධර්මවිජය පදනම නව වෙබ් අඩවියකට පිවිසේ
ධර්මවිජය පදනම 2012 අගෝස්තු 30 වෙනි දින නව වෙබ් අඩවියක් හඳුන්වා දුනි. අතිපුජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ධර්මවිජය පදනම ආරම්භ කිරීමේ අරමුණ, එදින සිට කරන ලද සේවාවන්, වර්තමානයේ ආරම්භ කර ඇති විවිධ ව්‍යාපෘති පිළිබඳ විස්තර හා ධර්මවිජය පදනමේ කටයුතු වලට ඔබටත් සහභාගි විය හැකි ආකාරය ද ඇතුළත් විචිත‍්‍ර වර්ණයෙන් හා මනා ඉදිරිපත් කිරීමකින් යුත් නව වෙබ් අඩවිය ධර්මවිජය පදනමේ ගරු අනුශාසක ශාස්ත‍්‍රපති රාජකීය පණ්ඩිත පුජ්‍ය හක්මන සුමනසිරි ස්වාමින්ද්‍රයන් වහන්සේ, අමරපුර ශ‍්‍රී ධර්මරක්ෂිත නිකායේ අනුනායක ශාස්ත‍්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය තිරිකුණාමලේ ආනන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් විවෘත කරන ලදී. පසුගිය 30 වසරක් පුරා කරන ලද සේවය සැකෙවින් ඡායාරූප සහිතව වෙබ් අඩවියට ඇතුළත් වී ඇත.


පුවත් ලිපි
දිළිඳුබව පිටු දැකීමට රු.1,000,000/- පරිත්‍යාගයක්
ශ‍්‍රි ලංකාවේ භූමි භාගයෙන් විශාල නමුත් තුනී ජන ව්‍යාප්තියක් ඇති මොණරාගල දිස්ත‍්‍රික්කය, ආර්ථික දර්ශක අනුව පෙනී යන්නේ ආර්ථික වශයෙන් දිළිඳු බහුතර ජන කොට්ඨාශයක් වාසය කරන ප‍්‍රදේශයක් බව ය. මෙම කාරණය සැලකිල්ලට ගත් හිටපු භාරකාර සභික පියදාස හත්තොටුව මහතා තම පෞද්ගලික මුදලින් රු.1,000,000/- ක මුදල් පරිත්‍යාගයක් ධර්මවිජය පදනම වෙත භාර දී එම මුදලින් දිළිඳු බව තුරන් කිරීමේ වැඩ සටහනක් ක‍්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින ලදී. හත්තොටුව මහතා 1987 සිට ධර්මවිජය පදනමේ භාරකාර මණ්ඩල සාමාජිකත්වය දරමින් පදනමේ විවිධ වැඩසටහන්වලට සහභාගි වී උද්යෝගීමත් සාමාජිකයෙකු ලෙස කටයුතු කර ඇත.

දිළිඳුකම අවම කිරීම සඳහා විවිධ අංශවලින් ආර්ථික සවිය ගොඩනැගිය යුතුවේ. ආදායම් තත්ත්වය ඉහළ නංවන අතරේ, අනවශ්‍ය වියදම් කපා හැර පවුලේ මනා ආර්ථික කළමනාකරණයක් ද හඳුන්වා දිය යුතු ය. දැනටමත් ප‍්‍රදේශයේ තත්ත්වය හා අනිකුත් වැදගත් කරුණු සැලකිල්ලට භාජනය කර ක‍්‍රියාත්මක වැඩ සටහන් සහිත ව්‍යාපෘති වාර්තාවක් පිළියෙල කර ඇත. ඉදිරි කාලයේ දී මෙම වැඩ සටහන ප‍්‍රදේශයේ ධර්මවිජය සමාජ මූලික කර ක‍්‍රියාත්මක කරනු ලැබේ.

මෙම මහඟු පුණ්‍යකර්මයට මුදලින් ආධාර කළ පියදාස හත්තොටුව මහතාට නිරෝගි සුවය හා දීර්ඝායුෂ පතමු.

අඟහිඟතාවයෙන් පෙළෙන අපේම සහෝදර ජනතාවට අතහිතදීමට අප සමඟ එක්වන ලෙසට ඔබටත් කෙරෙන ආරාධනයයි මේ.


පුවත් ලිපි
යාපනය පුත්තූර් මඩිහේ පඤ්ඤාසීහ විද්‍යාලයට පරිගණකයක් ඇතුළු පාසල් උපකරණ පරිත්‍යාගයක්
"සමවායො එව සාධු - සමඟිය ම යහපති" අග්ගමහාපණ්ඩිත අතිපුජ්‍ය මඩිහේ පඤ්ඤාසිහ මහානාහිමි 1960 දශකය තරම් ඈත අවධියේ දී, රටේ අනාගතය බලා දේශනා කළ ඉහත උධෘත පාඨය, දේශනාවට පමණක් සීමා නොකර උන්වහන්සේ ක‍්‍රියාවට ද නැංවූහ. එහි ප‍්‍රතිඵලයක් වශයෙන් 1960 දශකයේ දී මහා සඟ පීතෘවරු කිහිපනමක් එක්වී යාපනයේ ඈත දුගී දුප්පත් ගම්මානවලට ගොස් විවිධ වැඩසටහන් ක‍්‍රියාත්මක කළේ ,මිනිහා නො හදා රට හදන්න බැහැ - මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු, යන උදාර චේතනාවෙනි.
යාපනයේ පුත්තූර් හි පඤ්ඤාසීහ විද්‍යාලය බිහි වන්නේ එහි එක් ප‍්‍රතිඵලයක් වශයෙනි.අවුරුදු තිහක කුරිරු යුද්ධයෙන් පසුව අදත් එම පාසල එම නමින්ම තිබේ. ගරා වැටීම්, දිරාපත්වීම්, විනාශවීම් මැද වහලක් යට බිම වාඩි වී දරුවෝ සිප් සතර හදාරති.
මහානාහිමියන්ගේ අනුශාසකත්වය ලැබූ, ධර්මවිජය පදනම යුද්ධය නිමා වු වහාම පුත්තූර් බලා ගොස් විද්‍යාලයේ අඩුපාඩු සොයා බැලීය. පසුගිය වසරේ එහි අඩුපාඩු විශාල ප‍්‍රමාණයක් සපුරාලීමට හැකි විය.
පසුගිය සැප්තැම්බර් 18 වැනිදා දෙවන වරටත් ධර්මවිජය පදනමේ භාරකරුවන් එහි ගියේ ඉතිරි අඩුපාඩු සකස් කරදීමට ය. පරිගණකයක්, පුස්තකාල පොත්පත්, පාසල් උපකරණ, පාසල් බෑග්, පාවහන්, ළමුන්ගේ බෝතල්, ලිපිද්‍රව්‍ය ආදියෙන් පාසල් සිසු සිසුවියෝ සංග‍්‍රහ ලැබූහ.
,මඩිහේ පඤ්ඤාසීහ විද්‍යාලය, නමින් විද්‍යාලයට ඇතුඵවන ගේට්ටුවේ විශාල ආරුක්කුවක් විවෘත කෙරිණ. පාසල් භූමිය පෙර තිබුණාට වඩා ඉතා විශාල වී ඇත. ඉදිරි වර්ෂයේ දී පරිගණක මධ්‍යස්ථානයක් සඳහා ගොඩනැගිල්ලක් තැනීමට පිඹුරුපත් සැකසීම ද මෙවර සිදුවිය.
අතිපුජ්‍ය හක්මන සුමනසිරි අනුනාහිමි, යාපනය නාග විහාරාධිකාරි පූජ්‍ය මීගහජඳුරේ සිරිවිමල හිමි, කලාප අධ්‍යාපන ලේකම්, කලාප අධ්‍යක්ෂ, විදුහල්පති, ධර්මවිජය පදනමේ සභාපති, උපසභාපතිවරු, ලේකම්තුමා ඇතුඵ භාරකාර සභිකයන්, දෙමාපියන් ඇතුඵ විශාල පිරිසක් විවෘත කිරිමේ උත්සවයට සහභාගි වුහ. පාසලේ විදුහල්පති, ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් හා දරු දැරියන් මහත් හරසරින් අමුත්තෝ පිළිගත්හ.
1960 දශකයේ දී කොළඹ වජිරාරාමවාසීව වැඩ සිටි අතිපුජ්‍ය අග්ගමහා පණ්ඩිත නාරද නාහිමියන් විසින් ඇති කළ නාරද විද්‍යාලයට යෑම තවත් විශේෂත්වයකි. දරු දැරියන් සඳහා අවශ්‍ය මුලික ද්‍රව්‍යවලින් ඔවුන් සංග‍්‍රහ ලැබුහ. එම පාසලේ අවශ්‍යතාවන් විදුහල්පති, ගුරු මහත්ම මහත්මීන් සහ සිසුන් සමඟ සාකච්ඡුා කර හඳුනා ගතිමු. එම අඩුපාඩු සැකසිමේ වැඩපිළිවෙලක් සකස් වෙමින් පවතී. ඔවුන් ධර්මවිජය පදනමේ භාරකාර සභිකයන්ගේ පැමිණිම බොහෝ ලෙන්ගතු ආකාරයෙන් අගය කළහ.