Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

පුවත් ලිපි 2011
අන්දරවැව ධර්මදුත ආශ‍්‍රමයට පුස්තකාලයක්
හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ සුරියවැව ප‍්‍රදේශයේ ධර්මදුත ධර්මවිජය සමාජයට රු.112,000/- වියදමින් පුස්තකාලයක් ලබාදීම නොබෝදා සිදුවිය. කොළඹ ධර්මවිජය පදනම මෙම කටයුත්ත සිදුකළේ පීපල්ස් ලීසිං සමාගමේ නොමසුරු මූල්‍ය පරිත්‍යාගයෙනි. ඔවුන් උපයන ලාභයෙන් කොටසක් ප‍්‍රජාවගේ යහපත සඳහා යෙදවේ. එහි ප‍්‍රතිඵලයකි මේ. පොත් අල්මාරි 2 ක්, මේස, පුටු, පුස්තකාල උපකරණ, ලිපිද්‍රව්‍ය හා පුස්තකාල පොත් 200 ලබාදීම මෙම වැඩසටහනට අයත් විය. ඊට අමතරව දහම් පාසලේ දරුවන්, ගුරුවරුන් හා පිරිවෙනෙහි පාවිච්චිය සඳහා පරිගණකයක් ද පරිත්‍යාග කෙරිණි. ළමුන් 20 පමණ පරිගණක අධ්‍යාපනය ලබයි. මීට පෙර ද ධර්මවිජය පදනම විසින් මෙම විහාරස්ථානයේ ගිහි පැවිදි ශිෂ්‍යයන්ගේ අධ්‍යාපනය නැංවීමට පරිගණක දෙකක් පරිත්‍යාග කෙරිණි.

පුස්තකාලය විවෘත කිරිමේ උත්සවයේ දී පිළිගැනීමේ කථාව හා අනුශාසනය කළ පුජ්‍ය ශාස්ත‍්‍රපති ගලගම ඤාණානන්ද ස්වාමින් වහන්සේ සඳහන් කළේ ධර්මවිජය පදනම 2007 සිට වාර්ෂිකව අභ්‍යාස පොත් සැපයීමෙන්, කොළකැඳ කට්ටල ලබාදීමෙන් හා දාන ශාලාවක් තනාදීමෙන් වරින්වර විහාරස්ථානයේ දියුණුවට විශාල මෙහෙවරක් සිදුකර ඇති බවය. පීපල්ස් ලීසිං සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර තුමා හා ධර්මවිජය පදනමේ භාරකාර සභික ඩග්ලස් ගුණවර්ධන මහතා හා නියෝජ්‍ය ලේකම් නීතිඥ සවන්ති බක්මීවැව මහත්මිය මෙම උතුම් සත්කාර්ය මුදුන් ඵල ගැන්වීමට උරෙන් උර ලා කටයුතු කරන ලදී.

අනිත් හැම කටයුත්තකටම වඩා ධර්ම ඥාණය වර්ධනය කර ගැනීමට උපකාර කිරීම උතුම් පුණ්‍ය ක‍්‍රියාවකි.


පුවත් ලිපි
ශ‍්‍රී සම්බුද්ධත්ව ජයන්ති මෙහෙයුම් කමිටුවට, ධර්මවිජය සභාපතිතුමන් පත් කරනු ලබයි
2011 වෙසක් පුර පසළොස්වක පෝය දිනය ලෝවැසි සියඵ බෞද්ධයන්ට සුවිශේෂි වූ දිනයකි. ඒ දිනය බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට සපැමිණ වසර 2600 සැපිරිනු දිනය යි. ත්‍රෛ නිකායික සිව් මහ නාහිමිවරුන් විසින් ඒකාබද්ධ ප‍්‍රකාශයක් කරමින් මෙම ශ්‍රේෂ්ඨ ඓතිහාසික දිනය, ශ‍්‍රී ලංකාවේ හා එතෙර සියලූ බෞද්ධයන්ගේ අවධානයට යොමු කරන්නැයි කියා සිටියහ. මෙම අනුස්මරණ උත්සවයේ තේමාව, "පිළිවෙතින් පෙළ ගැසෙමු", යන්නය.

බෞද්ධයන් මුහුණ දී ඇති අනේක විධ අභියෝග හා මෙම ඓතිහාසික සිද්ධියේ ඇති ඉමහත් වැදගත්කම සැලකිල්ලට ගනිමින් කරුණු 20 කින් සැදි ක‍්‍රියාකාරී සැලැස්මක්, සිව් මහානාහිමිවරුන්ගේ අත්සන් ඇතිව, ශ‍්‍රී ලංකා ජනාධිපති තුමා වෙත ඉදිරිපත් කරන ලද අතර සැලැස්ම ක‍්‍රියාත්මක කිරීමෙන් බෞද්ධ පිබිදීමක් ඇති කරන්නැ යි ඉල්ලා සිටියහ. ඉනික්බිති, ජනාධිපතිතුමාගේ අනුදැනුම යටතේ, මහානාහිමිවරුන්ගේ ඉල්ලීම් පදනම් කොටගත්, සම්බුද්ධත්ව ජයන්ති ලේකම් කාර්යාලයක් පිහිටුවනු ලැබිණ. එපමණක් නොව, මහා නාහිමි ඉල්ලීම් පරිදි භික්ෂුන් වහන්සේලා 18 නමක්, ගිහි ප‍්‍රභූන් පස් දෙනෙකුගෙන් හා නිලබලයෙන් රාජ්‍ය නිලධාරීන් පස් දෙනෙකුගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් ද පත් කරනු ලැබිණ.

ධර්මවිජය පදනමේ ගරු සභාපති දේශබන්දු ඕල්කට් ගුණසේකර මහතා මෙම කමිටුවේ සාමාජිකත්වය ලැබිම, ධර්මවිජය පදනම තිස් වසරක ජනතා සේවයක් සපුරා ලූ මෙම මොහොතේ ලත් මහඟු ගෞරවයකි.

පුවත් ලිපි
අපදාන සෝභිනි පඤ්ඤා - ප‍්‍රඥාව සුචරිතය සමග බැබළේ
2007 සිට ධර්මවිජය පදනම විසින් අධ්‍යාපන පොදු සහතික පත් විභාගයෙන් ඉහළම සමත්කම් ලබමින් දහම් පාසලේ ද අවසාන විභාගයෙන් සමත්වන ශිෂ්‍යයන් තුන් දෙනෙකුට දිස්ත‍්‍රික් මට්ටමින් ත්‍යාග පිරිනැමීමක් කරනු ලැබිණ. දිස්ත‍්‍රික්කයක පළමුවන තැනට එන ශිෂ්‍යයන් දෙසිය දෙනාගෙන් මෙම තේරීම සිදු කැරේ. මෙම විභාග දෙකම පවත්වනු ලබන්නේ විභාග දෙපාර්තමේන්තුව විසින් වන අතර ශිෂ්‍යත්වලාභින්ගේ නම් ඉදිරිපත් කැරෙන්නේ විභාග කොමසාරිස් ජනරාල් විසිනි.

මෙහි දී පළමුවන දෙවන හා තෙවන තැන් ලබන්නන්ට පිළිවෙලින් රු.2000/-, 1500/- හා 1000/- බැගින් ලැබෙන අතර අති පූජ්‍ය අග්ගමහා පණ්ඩිත මඩිහේ මහානාහිමි වෙනුවෙන් ධර්මවිජය පදනමේ අනුශාසක ස්වාමින් වහන්සේ සහ ධර්මවිජය පදනමේ සභාපතිගේ අත්සනින් සහ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් හා විභාග කොමසාරිස් ජනරාල්ගේ අත්සනින් සහිතක පතක් ද ඔවුන්ට ප‍්‍රදානය කැරේ.

අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයෙන් දිස්ත‍්‍රික් මටිටමින් පළමුවන තැන ගන්නා වූ ද ඒ සමග දහම් පාසල් අවසාන විභාගය සමත්වන ශිෂ්‍යයකු ලබන ත්‍යාගය රු.2500/- ක් වන අතර ඒ ශිෂ්‍යයා හෝ ශිෂ්‍යාව විශ්ව විද්‍යාලයට ඇතුල්වීමට පොහොසත් වෙතොත් ධර්මවිජය පදනමෙන් ශිෂ්‍යත්වයක් ලැබිමට ද ඉඩකඩ ඇත.

මෙම වැදගත් උත්සවය අවසන් වරට ධර්මවිජය පදනම අනුශාසක අතිපූජනීය ශාස්ත‍්‍රපති රාජකීය පණ්ඩිත හක්මන සුමනසිරි ස්වාමින් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් ධර්මවිජය පදනම ශ‍්‍රවණාගාරයේ දී 2011 ජුනි 25 දින පවත්වන ලදී.

ප‍්‍රධාන ආරාධිත දේශනය අධ්‍යාපන අමාත්‍යංශ අතිරේක ලේකම් එස්.යු.විජේරත්න මහතා විසින් පවත්වන ලද අතර, ධර්මවිජය පදනම ගරු අනුශාසකයාණන් වහන්සේ හා ධර්මවිජය පදනම ගරු සභාපති තුමා සභාව ඇමතූහ. විභාග කොමසාරිස් ජනරාල් අනුර එදිරිසිංහ මහතා ද දේශනයක් කළේය.

ශිෂ්‍යත්වලාභිහු, අනුරාධපුරය, කෑගල්ල, ගාල්ල, හම්බන්තොට, මහනුවර, මාතර, රත්නපුරය, කුරුණෑගල, නුවරඑළිය, මාතලේ, මොණරාගල, වවුනියාව, පොළොන්නරුව, පුත්තලම, බදුල්ල සහ කඵතර යන දිස්ත‍්‍රික්කවලින් තේරී පත්වුහ. කොළඹ, ගම්පහ, ත‍්‍රිකුණාමලය යන දිස්ත‍්‍රික්කවල දහම් පාසල් අවසාන විභාගයෙන් සමත් කිසිම ශිෂ්‍යයෙක් අ.පො.ස සා/පෙළ විභාගයෙන් සමත් පළමු 200 දෙනා අතර නොවීම කැපී පෙනුන කරුණකි.


පුවත් ලිපි
රුවන් මඵව සේනාසනය - අම්පාර දිස්ත‍්‍රික්කයෙහි පිහිටි රුවන්මඵව සේනාසනය විදුලි ජෙනරේටරයක් ලබයි.
අම්පාර දිස්ත‍්‍රික්කයේ පිහිටි රුවන් මඵව ආරණ්‍ය සේනාසනය විදුලිය නැතිකමින් පීඩාවට පත්ව තිබුණේය. හරි එළියක් නැතිව සෙනසුන නිවැසි භික්ෂුන් වහන්සේලා ගත කළේ දුෂ්කර ජීවිතයකි.

මේ සම්බන්ධයෙන් ධර්මවිජය පදනමට කථා කළ පූජ්‍ය පිංදෙණියේ ධර්මසිරි ස්වාමින් වහන්සේ පෙට‍්‍රල් මගින් ක‍්‍රියා කරන විදුලි ජනක යන්ත‍්‍රයක් ඉල්ලා සිටියේය.

මේ පුණ්‍ය කර්මය සදහා ධර්මවිජය පදනම රු.20,000/- වෙන් කළේය. අප භාරකරුවන් දෙදෙනෙකු වන වෛද්‍ය කේ.ඩි.එස්.රණසිංහ සහ වෛද්‍ය නලින් ගුණසිංහ අවශ්‍ය ඉතුරු මුදල් ලබාගෙන රු.38,000/- ක් වටිනා පෙට‍්‍රල් මගින් ක‍්‍රියා කරන ජෙනරේටරයක් සේනාසනයට පුජා කරන්නට සමත් වුහ. වෛද්‍ය රණසිංහ සිය පවුලේ සාමාජිකයින් සමග 2010 ජුනි 27 දා ආරණ්‍යයට ගොස් පෙට‍්‍රල්, බ්ල්බ් සහ වයර් සමග ජෙනරේටරය පරිත්‍යාග කළ්ය.

මෙම පරිත්‍යාගය ආරණ්‍ය සේනාසනයේ ආගමික කටයුතු ගිහි භවතුන්ගේ සහභාගිත්වය ඇතිව කරගෙන යාමට මහත් පිටිවහලක් වි ඇත.


පුවත් ලිපි
භික්ෂු ගිලන්හල - පොල්ගහවෙල ශ‍්‍රී බෝධිරුක්ඛාරාමයට වෛද්‍ය පරීක්ෂණාගාරයක්
පොල්ගහවෙල බෝධිරුක්ඛාරාමයේ නායක පුජ්‍ය අමිලසිරි ස්වාමින් වහන්සේ එහි වැඩ වසන වෘද්ධ රෝගි භික්ෂුන් වෙනුවෙන් කැප වී වැඩ කරති.

එහි අඩුවක්ව තිබුණේ රෝගි භික්ෂුන් වෛද්‍ය පරික්ෂණයට භාජන කිරිම සදහා අවශ්‍ය විශේෂ කාමරයකි. මෙය තැනීමට ධර්මවිජය පදනම මගින් දැනට බංගලාදේශයේ රැකියාවෙහි නියුක්ත විජිත පරණමාන මහතා රුපියල්.150,000/- පරිත්‍යාග කළේය. පැවිදි වී, සිය අවසන් කාලය මීතිරිගල නිස්සරණ වන සේනාසනයෙහි වැඩ විසු තම පියා අනුස්මරණ කිරීම සඳහා බෝධිරුක්ඛාරාමස්ථ ගිලන්හල තැනීම පරණවිතාන මහතාගේ පුණ්‍යමය චේතනාව විය.

2010 දෙසැම්බර 24 දින බෝධිරුක්ඛාරාමයට ගිය ධර්මවිජය පදනම සභාපති දේශබන්ධු ඕල්කට් ගුණසේකර, උප සභාපති ජේ.පි.කන්නන්ගර සහ නියෝජ්‍ය ලේකම් එච්.බි.පේ‍්‍රමරත්න යන මහත්වරු ඉදිවෙමින් පවතින පරීක්ෂණාගාරය නැරඹූහ. වහලය දක්වා බිත්ති බැඳ තිබෙන මෙම ගොඩනැගිල්ල 2011 පෙබරවාරි මාසයේ දී අවසන් කර සඟසතු කර පූජා කරනු ලැබිණ.

ඒ අතර බෝධිරුක්ඛාරාම පන්සල, ගරු අමිලසිරි ස්වාමීන් වහන්සේගේ උත්සාහයෙන් අඵත් මුහුණුවරක් ලබමින් පවති. අබලන්ව තිබුණු පරණ දානශාලාව සහ ප‍්‍රධාන ගොඩනැගිල්ල සම්පුර්ණයෙන් අඵත්වැඩියා කර ඇති අතර ආගන්තුක භික්ෂුන් වහන්සේලා විසි නමකට වැඩි සංඛ්‍යාවකට අසුන්ගත හැකි පරිදි දානශාලාව සකස් වී තිබේ.


පුවත් ලිපි
පොල්ගහවෙල බෝධිරුක්ඛාරාමයේ වැඩවසන සාමණේර භික්ෂු අධ්‍යාපනය සදහා විශේෂ අරමුදලක්
රුපියල් දෙලක්ෂයක අරමුදලක් ධර්මවිජය පදනමට පරිත්‍යාග කරමින් සමිතා සමරතුංග මහත්මිය පොල්ගහවෙල බෝධිරුක්ඛාරාමයේ වැඩවසන සාමණේර භික්ෂුන්ගේ අධ්‍යාපනය සදහා විශේෂ අරමුදලක් ආරම්භ කළා ය.

මෙම විහාරයේ සාමණේර භික්ෂුන් 23 නමක් වෙති. උන් වහන්සේලා සිය අධ්‍යාපනය සදහා අවට පිහිටි පිරිවෙන්වලට යති. මෙම සාමණේර භික්ෂුන් සදහා අරමුදලක් පටන් ගන්නට තමා කැමති බව සමිතා සමරතුංග මහත්මිය අප උපසභාපතිනි කරුණා ද සිල්වා මහත්මිය මගින් අපට දන්වා සිටියාය.

තමා පරිත්‍යාග කළ රුපියල්.දෙලක්ෂය ආරම්භය බවත් මෙයට වරින්වර මුදල් එකතු කරන බවත් එතුමිය පවසා ඇත. සමරතුංග මහත්මියගේ උදාර ත්‍යාගශීලිත්වය අගයන ධර්මවිජය පදනම මෙම පින් බලෙන් එතුමියට දිගාසිරි පතයි.


පුවත් ලිපි
දම් නඵ රස
ධර්මවිජය වැඩට අරමුදල් රැුස් කරනු පිණිස දම් නඵ රස යන නමින් මෙයින් අපේක්ෂා කරනු ලැබුයේ ධර්මවිජය වැඩසටහන්වලට මුදල් රැුස් කිරිම හා ධර්මවිජය පදනමේ අරමුණු කවරේ දැයි ජනතාව දැනුවත් කිරීමේ ද අපේක්ෂාවෙනි. මෙම නෘත්‍ය සංදර්ශනය මෙහෙයවනු ලැබුයේ උපසභාපතිනි කරුණා ද සිල්වා ප‍්‍රමුඛ වෛද්‍ය නලින් ගුණසිංහ, සවන්ති බක්මීවැව, සිරිල් ගුණපාල සහ සරත් ධර්මවර්ධන යන භාරකාර මණ්ඩල සභික සභිකාවන් විසිනි.

දම් නඵ රස ආගමික හා සංස්කෘතික අංගයන්ගෙන් හෙබියේය. මෙම වර්ණවත් වැඩ සටහන මෙහෙයවනු ලැබුයේ සම්ප‍්‍රදායික බෙර වාදනයේ ප‍්‍රවීණ, රංගන ප‍්‍රතිභා සම්පන්න, රවිබන්ධු විද්‍යාපති විසිනි.

ත‍්‍රිවිධ රත්නයේ ආනුභාව ප‍්‍රාර්ථනා කර නමස්කාර ගාථාවකින් ආරම්භ වන වැඩ සටහන උඩරට නැටුම් සම්ප‍්‍රදායේ එන වන්නම් දහ අටෙන් එකකි.

දෙවන අංකය සම්ප‍්‍රදායික පන්තේරු නර්තනයක් සමග සූවිසි විවරණ ගායනයකි.

නන්දා මාලිනිගේ ගායනයක් මත පදනම් වු නර්තනාංගයක් ,පේමති ජායති සෝකෝ, යන ධම්මපද ගාථාවේ මුල් පදයෙන් බුද්ධ වචනය සංකේතවත් කැරුණු තෙවන අංකය ලෙස ඉදිරිපත් කෙරුණි.

හේවිසි නර්තන යනුවෙන් ඉදිරිපත් කැරෙන සිව්වන අංකය බෙරවාදනය සමග නර්තනයකි. මේ සදහා පන්සල් බෙර වන දවුල හා තම්මැට්ටම භාවිතා කැරේ.

මහාමායා දේවියගේ සිහිනය - මහමායා දේවියගේ සිහිනය ගෙන හැර දක්වන මෙය මුද්‍රා නාට්‍යයකි. මින් සංකේතවත් වන්නේ සිද්ධාර්ථ කුමරුගේ පිළිසිඳ ගැන්ම ය.

6 වන අංකය දළදා සමිදුන් ගෙන යන ඇත් රජාගේ තේජස විදහාපාන සම්ප‍්‍රදායික නැටුමකි. බුදුරජාණන් වහන්සේගේ උප්පත්තියේ සිට මාර යුද්ධය දක්වා විශේෂ අවස්ථා මතු කැරෙන මෙය, මුද්‍රා නාට්‍යයකි.

මෙම අංකයෙන් බෞද්ධ සංස්කෘතිය සමග පංචතූර්ය නාදයේ ඇති සම්බන්ධතාව දැක්වෙන අතර අවසාන වශයෙන් සම්බුද්ධත්ව ජයන්තිය උත්කර්ෂයට නංවනු පිණිස පංචතූර්ය වාදනය සමග නර්තනය සහ සංගීතය එකට සංයෝජනය වන ආකාරය පිළිබිඹු කෙරුණි