Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

පුවත් ලිපි
සෑම මසකම අවසාන සතියේ සිකුරාදා ධර්ම දේශනාවක් පැවැත්වීම ධර්මවිජය පදනම සිදුකරන කටයුතු වලින් එකකි. පසුගිය ධර්ම දේශනය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය තලල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ විසින් "සම්මා දිට්ඨීය යනු කවරේද" යන මැයෙන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදුකරනු ලැබුනි. රෝහිණි විරසිංහ මහත්මිය‍ගේ පූර්ණ අනුග්‍රහයෙන් ධර්ම දේශනය සංවිධානය කරන ලදී. ජුනි මස පැවැත්වෙන ඊළග ධර්ම දේශනය ත්‍රිපිටකචාර්ය ශාස්ත්‍රපති රාජකීයපණ්ඩිත පූජ්‍ය හක්මන සුමනසිරි ස්වාමීන් වහන්සේ විසින් භාරකාර සභික එන්.ජි.බි නානයක්කාර මහතාගේ පූර්ණ අනුග්‍රහයයෙන් පැවත්වීමට නියමිතය. ධර්ම ශ්‍රවනය සඳහා කැමති පිංවතුන්ට ධර්මවිජය පදනමට විස්තර සපයා ඊට සහභාගි විය හැකිය


පුවත් ලිපි
ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ 150 ජන්ම සැමරුම.
සිංහළ ජාතියට හා බුද්ධ ධර්මයට විශාල සේවයක් කල කාලීන යුග පුරුෂයෙකු වු ශ්‍රීමත් අනගාරික ධර්මපාල මැතිතුමාගේ 150 ජන්ම වර්ෂය දිවයින පුරා උත්කර්ෂවත් මට්ටමින් පැවැත්විමට විවිධ සංවිධාන හා බුද්ධ ශාසන අමාත්‍යංශය කටයුතු කරමින් සිටි. අනගාරික ධර්මපාලතුමා විසින් කළ සේවය ශ්‍රී ලංකාවට පමණක් නොව ඉන්දියාව ඇතුළු රටවල් කිහිපයක්ම ඉතා ඉහළින් අගය කරයි .

අනගාරික ධර්මපාල මැතිතුමාගේ චින්තනය හා ප්‍රතිපත්ති අගය කිරිමේ වැඩසටහන්, එවැනි චින්තනයන් ඇති තරුණ නායකයින් පුහුණු කිරීමේ වැඩසටහන්, බාල පරපුර දැනුවත් කීරිම, ඇතුළු දීප ව්‍යාප්ත කාර්ය්‍ය භාරයක් දැනට විවිධ සංවිධාන හා රජයේ අනුග්‍රහයෙන් සැලසුම්කරමින් සිටී. සැලසුම් හා වැඩපිළිවෙල සකස් කිරීමේ කාර්ය්‍ය සියළු දෙනාගේ සහභාගීත්වයෙන් ධර්මවිජය පදනම් මූලස්ථානයේදි සිදුවිය.

ඊට අමතරව තරුණ නායකත්ව පුහුණු වැඩසටහන ධර්මවිජය පදනම විසින් දැනටමත් ආරම්භ කර ඇත.


පුවත් ලිපි
පාවඩයක් පූජා කිරීම
ධර්මවිජය පදනම් ශ්‍රවණාගාරය විවිධ ආගමික කටයුතු සඳහා නිතර පාවිච්චි කරනු ලබන හෙයින්, එහි වැඩම කරන ස්වාමීන් වහන්සේ සඳහා සුදුසු පාවඩයක් යොදා ගැනීමේ අවශ්‍යතාව හදුනාගත් ඩෝන් සිරිවර්ධන මහත්මිය ස්වකැමත්තෙන්ම අලංකාරවත් පාවඩයක් නිර්මාණය කර ධර්මවිජය පදනමට පූජා කරන ලදී. ඊට උර දුන් ඩෝන් සිරිවර්ධන මහත්මියගේ පවුලේ සැමට පුණ්‍යානුමෝදනාත්මක ස්තූතිය පුද කරමු.