Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

ධර්මවිජය පදනම - ඔබ සාදරයෙන් පිළිගනී...
ධර්මවිජය පදනම ආරම්භ කරන ලද්දේ 1977 නොවැම්බර් මාසයේ දී ය. එය අංක 62 දරණ පාර්ලිමේන්තු පනත මගින් 1979 දී නීතිගත කරනු ලැබිණ. ධර්මවිජය පදනම වෙනසක් සහිත සංවිධානයකි. එය හුදෙක් බෞද්ධ සංවිධානයක් පමණක් නොවන අතර හුදු සමාජ සංවිධානයක් ද නොවේ.එය සිය අරමුණ කරගෙන සිටින්නේ කායික හා මානසික වශයෙන් මිනිසාගේ පූර්ණ සංවර්ධනයයි. බෞද්ධ ප‍්‍රතිපත්ති මත පමණක් පිහිටා ආර්ථික සංවර්ධනය වෙත එළඹ ධර්මවිජය සමාජයක් ගොඩනැගීම එහි අරමුණයි. වෙන වචනවලින් කියතොත් ධර්මය හා යුක්තිය රජයන සමාජයක් බිහි කිරීම යි. මිනිහාගේ පූර්ණ වර්ධනය අංශ හතරක් පදනම් කරගත්තක් වෙයි. එනම් ආර්ථික, අධ්‍යාපනික, සෞඛ්‍ය හා සදාචාර යන අංශ හතරයි. වර්තමාන සමාජ අර්බුදය තුලින් සංවර්ධනයේ දර්ශකයන්හි බරපතල අඩුවක් පෙන්නුම් කරන බව ධර්මවිජය පදනම ප‍්‍රබල සේ විශ්වාස කරයි. කුමක්ද ඒ අඩුව? සදාචාර වර්ධනය, හුදෙක්ම ඒ අඩුවයි. බෞද්ධ ධර්මය, සදාචාර වර්ධනයට ‚ ද්‍රව්‍යමය වර්ධනයට වඩා වැදගත්කමක් දෙයි.

ධර්මවිජය පදනම තම සියළු වැඩසටහන්වල දී හා ක‍්‍රියාකාරකම් වල දී ,සමවායො එව සාධු, යන තම උද්‍යෝග පාඨය පෙරටුකොට ගනී. එනම් සාමය හා සුසංයමය පෙරටුකොට සතුට කරා ගමන් කිරීමයි. ධර්මවිජය පදනමේ නිර්මාපක හා නිර්මාතෘ අපවත් වී වදාල අතිපුජ්‍ය අග්ගමහා පණ්ඩිත විද්‍යා විශාරද මහා මහෝපාධ්‍ය මඩිහේ පඤ්ඤසීහ මහානාහිමි (1913-2003) ශ‍්‍රී ලංකා අමරපුර ධර්මරක්ෂිත නිකායේ අනුශාසකාණෝ ය. 2003 වසරේ දී අපවත් වී වදාරන තුරු උන්වහන්සේ ධර්මවිජය පදනමේ අනුශාසකත්වය දැරූහ.

ධර්මවිජය පදනමෙහි දැක්ම
අපේ දැක්ම නිවැරදි ඇගයීම් සහිත පන්සිල් සුරකින දැහැමි ශ‍්‍රී ලංකා සමාජයක් ගොඩ නැගීමයි. සදාචාරාත්මක, යුක්තිගරුක, අවංක සමාජයක් දැකීමයි. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ‍්‍රහ්ම විහරණයෙන් සමන්විත සමාජයක් කරා ඉක්මනින් පිය නැගීමයි .

ධර්මවිජය පදනමෙහි මෙහෙවර
ධර්මවිජය පදනමේ මෙහෙවර වන්නේ, එහි දර්ශනය සාක්‍ෂාත් කර ගැනීමඅරමුණු කරගෙන ධර්මවිජය සමාජ මගින් ජනතාවට උදව් කිරිම හා ජනතාව දිරි ගැන්වීම ය.

ධර්මවිජය පදනමෙහි ආදර්ශ පාඨය
ධර්මවිජය පදනමේ ආදර්ශ පාඨය, "සමවායො එව සාධු - සමගිය ම යහපති", යනු ය.
සමගිය හා සහජීවනය අගයමු

ධර්මවිජය පදනමෙහි අරමුණ
යුක්ති ගරුක සමාජයක් ඇති කිරීම අපේ අරමුණයි. අවට ඇති පුද බිම් සමග යළිත් සම්බන්ධ වෙමින්, එම පුදබිම් නව සමාජයක පහන් කණු කර ගැන්ම අපේ බලාපොරොත්තුවයි. වඩා පැහැදිලිව කියතොත් අපේ අරමුණ, බෞද්ධ ප‍්‍රජාව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අනුව තම ජීවිත හැඩ ගස්සා ගන්නා තත්ත්වයකට ගෙන ඵ්මයි.

ධර්මවිජය පදනමෙහි නීත්‍යානුකූලත්වය
ධර්මවිජය පදනම 1979 අංක 62 දරණ පාර්ලිමේන්තු පනත මගින් නීත්‍යානුකූල පුණ්‍ය ආයතනයක්ව බවට පත්ව සිටී. එය ශ‍්‍රී ලංකා රජයේ සමාජ සේවා දෙපාර්තමේන්තුව විසින් ස්වේච්ඡා සමාජ සේවා සංවිධානයක් ලෙස පිළිගනු ලැබ ඇත.

පිළිගත් පුණ්‍යායතන තත්ත්වය
ලංකා ආණ්ඩුව, ධර්මවිජය පදනම, පිළිගත් පුණ්‍යායතනයක් ලෙස සලකා ආදායම් බද්දෙන් නිදහස් කර ඇත. (ගැසට් අංක 80-14.03.1980)
වගකීම සියලූ ගණුදෙනු සම්බන්ධයෙන් විවෘත භාවයක් උසුලන ධර්මවිජය පදනම තමන් වෙත පැවරූ අරමුදල් සහ මුදල් පිළිබදව පූර්ණ වගකීම දරයි.
සියලූ ගිණුම් - බි.ආර්.ද සිල්වා සහ සමාගම (වරලත් - ගණකාධිකාරි) සමාගම විසින් විගණනය කැරේ. වාර්ෂික විගණන වර්ෂ පුර්ණව සිදුකරනු ලබයි

අප වැඩ කරන අයුරු...
ධර්මවිජය පදනම සියඵ තීරණ ගනු ලබන්නේ 30 දෙනෙකුගෙන් සමන්විත භාරකාර මණ්ඩලයක් මගිනි. ඵ් සියළු දෙනා විවිධ වෘත්තීන් හි හසළ බුද්ධිමතුන් වෙති. සියලුම භාරකරුවන් පරිපාලන, සැලසුම් ඉංජිනේරු, වෛද්‍ය, අධ්‍යාපන, සමාගම් අධ්‍යක්ෂ, ගණකාධිකාරි, නීති වැනි ක්ෂේත‍්‍රයන් හි දීර්ඝ කලයක් සේවයේ නියුක්තව සිට විශ‍්‍රාම ලබා හෝ නොලබා භාරකාර මණ්ඩලයට බැඳී සේවය කරති. ඔවුන්ගේ සේවය ස්වේච්ඡාවෙනි.සතියේ හැම බ‍්‍රහස්පතින්දාවක ම සවස 5.00 සිට 7-00 දක්වා භාරකාර මණ්ඩලය පදනම් මූලස්ථානයේ දී රැස් වෙයි. සියඵ තීරණයනට එළඹෙන්නේ පොදු එකඟතාවයෙනි.
කළමනාකාරවරයෙකු යටතේ ක‍්‍රියාත්මක කාර්ය මණ්ඩලයක් කාර්යාල කටයුතු වල යෙදේ.

අප පදනම සමාජ සත්කාරක ක‍්‍රියා වෙත එළඹෙන්නේ කෙසේ ද යන වග...
ධර්මවිජය පදනම සමාජ සත්කාරක කාර්යයන් වෙත එළඹෙන්නේ ධර්මවිජය සමාජ මගිනි. ගණනින් 450 ක් වන මෙම ධර්මවිජය සමාජ දිවයිනේ දිස්ත‍්‍රික්ක 19 ක් පුරා විසිරී පැතිරී පවතී. මෙම ධර්මවිජය සමාජවල සභාපති තනතුර උසුලන්නේ ගමේ පන්සලේ විහාරාධිපති හිමියන් හෝ උන්වහන්සේ විසින් නම් කරනු ලබන ස්වාමින් වහන්සේ කෙනෙකු විසිනි.
සමාජ සංවර්ධන කාර්යයේ දී, පන්සල නායකත්වය ගැනීම මෙහි අභිමතාර්ථය වෙයි. අතීත ශ‍්‍රී විභූතිය පන්සලත් ගමත් පදනම් කොට ගත් එකක් විය. මෙම දිවයින ධර්මද්වීපය ලෙසත් පෙරදිග ධාන්‍යාගාරය ලෙසත් ප‍්‍රකට වූයේ එම අඩිතාලම මතය. පන්සල, පදනම් කොට ගත් ධර්මවිජය සමාජ, අදාළ තම ගොදුරු ගම් පෙදෙසේ, උදව් උපකාර අපේක්ෂා කරන කාහටත් ජාති, ආගම්, කුල, ස්ත‍්‍රී, පුරුෂ භේද නොතකා උපකාර කරත්.

ධර්මවිජය පදනම තම 33 වන සංවත්සරය සැමරූ වගයි...
1977 දී ආරම්භ කරන ලද ධර්මවිජය පදනම 1979 දී අංක 62 දරණ පාර්ලිමේන්තු පනත යටතේ නීතිගත වූ අතර 1980.03.14 දිනැති අංක 80 දරණ ගැසට් නිවේදනයකින් අනුමත පුණ්‍ය ආයතනයක් බවට පත් විය.
ඒ අනුව, මේ වසරේ ධර්මවිජය පදනම සමරනු ලබන්නේ එහි සංස්ථාගත කිරීමෙන් පසු එළඹෙන 33 වන සංවත්සරය යි.
අපවත් වී වදාළ, අතිපුජ්‍ය අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමියන්ගේ සංකල්පය යථාර්ථයක් වුයේ ඕල්කට් ගුණසේකර, ඇන්ඩෘ සිල්වා, එල්.එස්.අයි.වික‍්‍රමසිංහ, සහ නොඑල් විජේනායක වැනි සුවිශේෂී දායකයන්ගේ කෘතහස්ත දායකත්වයෙනි. අතිපුජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමියෝ 2003 දී අපවත් වී වදාරන තුරු ධර්මවිජය පදනමෙහි අනුශාසකයාණෝ වුහ. ධර්මවිජය පදනමේ නියමු පාඨය උන්වහන්සේගේ සදානුස්මරණීය වදන් ය. "මිනිහා නොහදා රට හදන්න බැහැ. මිනිහාත් හදා ගනිමින් රට හදා ගනිමු" යන්නයි.
"ධර්මවිජය", යන්නෙන් අදහස් කැරෙන්නේ, ධාර්මිකත්වයෙන් ජය ගැන්මයි. යහපත් පිළිවෙතින් සාර්ථකත්වයට යාම යි. එනම්, බෞද්ධ පිළිවෙත් මගින්, පන්සිල් රැක්ම මත පිහිටා දියුණු වීම යි. ධර්මවිජය ප‍්‍රථම වරට තම රාජ්‍ය ප‍්‍රතිපත්තිය කර ගත්තේ පැරණි ඉන්දියාවේ අශෝක අධිරාජයා ය.දික් විජය වෙනුවට ධර්මවිජය සිය රාජ්‍ය ප‍්‍රතිපත්තිය කරගත් රජතුමා අසල්වැසි රටවලට සාමයේ දූතයන් යැවූ අතර තම සුවිශාල අධිරාජ්‍යය තුළත් එය ක‍්‍රියාත්මක කළේය.
ධර්මවිජය පදනම පසුගිය කාලය තුල සමායෝජිත චතුර්විධ දියුණුවක් මත පිහිටා, එනම් අධ්‍යාපන. සෞඛ්‍ය, ආර්ථික හා සදාචාර සංවර්ධනය මත පිහිටා පූර්ණ සංවර්ධනය අරභයා කටයුතු කලේය. මෙකී ක්ෂේත‍්‍ර හතර තුල ධර්මවිජය පදනම විවිධ කාර්යයන් හි යෙදී ඇත.
ස්ත‍්‍රී පුරුෂ දෙපක්ෂයට අයත් භාරකාර මණ්ඩලය තුළ රාජ්‍ය හා රාජ්‍ය නොවන ක්ෂේත‍්‍රයන්හි නියුක්තව සිටි හා තවමත් නියුක්ත විශිෂ්ඨ පුරවැසියෝ තිස් දෙදෙනෙක් වෙති.
ආරම්භයේ සිට ම, සෑම බ‍්‍රහස්පතින්දාවක දීම ධර්මවිජය භාරකාර මණ්ඩලය පදනම් මූලස්ථානයෙහි, සාකච්ඡාවට, සමාලෝචනයට හා තීරණ ගැන්මට රැස්වෙති. මෙම රැස්වීම් ආරම්භ වන්නේ ආජීව අෂ්ඨමක ශීලය සමාදන්වීම, විනාඩි පහක මෛත‍්‍රී භාවනාව හා ශාස්ත‍්‍රපති පණ්ඩිත පුජ්‍ය හක්මන සුමනසිරි ස්වාමීන් වහන්සේ විසින් දහම් සිතිවිල්ලක් ඉදිරිපත් කිරීමෙන් පසුව ය.
මඩිහේ මහානාහිමියන්ගෙන් පසු ධර්මවිජය පදනම අනුශාසක ධූරය ශාස්ත‍්‍රපති රාජකීය පණ්ඩිත පුජ්‍ය හක්මන සුමනසිරි හිමි හොබවති. පදනමේ වැඩ කටයුතු භාරකාර මණ්ඩලය ස්වේච්ඡාවෙන් කරන අතර, එහි කාර්යාල කටයුතු දීමනා ලබන සීමිත ලිපිකරු පිරිසක් සහිතව කළමනාකාරවරයෙකු විසින් පාලනය කරනු ලබයි.
තම සතර වැදෑරුම් ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කිරීම සදහා ධර්මවිජය පදනම ජනතාව වෙත එළඹෙන්නේ රට පුරා විහිදී ධර්මවිජය සමාජ 450 ඔස්සේ ය.

ධර්මවිජය සමාජයක මූලධර්ම...

නිවැරදි සෞඛ්‍ය සම්පන්න ජීවන ශෛලියක් ප‍්‍රචලිත කිරිමේ අරමුණින් ධර්මවිජය පදනම මූලස්ථානය නිර්මාංශ දිවා භෝජනයක් සපයයි.
මෙම පදනම ස්වභාවික සිද්ධි මෙන්ම මිනිසුන් විසින් සිදු කරනු ලබන විපත්වල දී සහන සේවයේ පෙරමුණ ගන්නා එක් ආයතනයකි. ධර්මවිජය පදනම සහන සේවා වචාත් විධිමත් කිරීම සදහා රතු පියුම මානුෂික සේවා ආයතනය පිහිටුවීමට ධර්මවිජය පදනම පුරෝගාමී විය.
2004 දෙසැම්බර් සුනාමි ව්‍යසනයේ දී ජනතාව කරා එළඹුණු ප‍්‍රථම සහන සේවාදායින් අතර ධර්මවිජය පදනම විය. සුනාමි විපතට පත්වූවන්ට නිවාස, අධ්‍යාපන, සදාචාර, ජීවන වෘත්ති, රැකියා සහ ආර්ථික ක්ෂේත‍්‍රයන් හි ආධාරෝපකාර සදහා ඕස්ටේ‍්‍රලියාව, කැනඩාව, එක්සත් ජනපදය, නවසීලන්තය, එක්සත් එමිරේට් යන රටවල වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගෙන් සහනෝපකාර හා පරිත්‍යාග ලබා ගැන්මට පදනම පොහොසත් විය.එසේ ලබාගත් ආධාර මගින් රුපියල් මිලියන 52 ට අධික වියදමක් දරා සුනාමි විපතට පත්වූවන්ට ධර්මවිජය පදනම සාර්ථක සහන සේවයක් ඉටු කළේය. මෙරට සිදුවුණු ගංවතුර, සැඩ සුළං වැනි ස්වාභාවික විපත්වල දී සහන සේවයේ යෙදී කලින් ලබා තිබු අත්දැකිම්, ධර්මවිජය පදනමට සුනාමි විපතේ දී බෙහෙවින් ප‍්‍රයෝජනවත් විය.
තම මව් රටේ සේවය පිණිස දේශිය විදේශීය ත්‍යාගශීලින් විසින් කැරෙන පරිත්‍යාග, ධර්මවිජය පදනම භාරයේ තැන්පත් කර තිබේ. මේවායේ පරිහරණය සම්බන්ධයෙන් නිකැළැල් වාර්තාවක් ධර්මවිජය පදනම සතු ය.
ධර්මවිජය පදනම විසින් කළමනාකරණය කැරෙන භාරකාර අරමුදල් අතර විශේෂයෙන් අධ්‍යාපනයට වැය කැරෙන මුදල් ප‍්‍රමාණය වැඩි ය.
නොබෝ දා ධර්මවිජය පදනමෙහි තැන්පත් කරන ලද අධ්‍යාපන ආධාර අරමුදල් හතරක් වෙයි.

ඉන් එකක් එම්.ඩි.එච්.පණ්ඩිත ගුණවර්ධන මහතා අනුස්මරණය කිරීම පිණිස වැලිගම ප‍්‍රදේශයේ විදුහලකින් විශ්ව විද්‍යාලයට ඇතුල් වන හොදම ශිෂ්‍යයා සඳහා ය. අනිත් ශිෂ්‍යත්ව අරමුදල ගයා කුමාරණතුංග මහතා අනුස්මරණය කරනු පිණිස දික්වැල්ල ප‍්‍රදේශයේ විද්‍යාලයකින් විශ්ව විද්‍යාලයට ඇතුල්වන හොඳම ශිෂ්‍යයා සඳහා ය. ඊළග ශිෂ්‍යත්වය රංජිත් ද සිල්වා ශිෂ්‍යත්ව අරමුදලයි. මේ මගින් දිවයිනේ ඕනෑම ඉංජිනේරු සරසව ශිෂ්‍යයෙකුට ආධාර කළ හැකි ය. අනෙක අශෝක සමරසිංහ භාර අරමුදලයි.


පසුගිය තිස් වසර තුල අධ්‍යාපන ශිෂ්‍යත්ව 800 පමණ ලබදී ඇත. මෙයට වෛද්‍ය , නීති , ඉංජිනේරු , කලා වැනි ක්‍ෂ්ත‍්‍ර වලට අයත් ශිෂ්‍ය / ශිෂ්‍යාවන් ඇතුලත්ය