සෞඛ්‍ය හා පෝෂණය පිළිබද සිසු ආකල්ප හා මානසික සංවර්ධනය උදෙසා චිත්‍ර තරගයක්….

posted in: Programs | 0

ශ්‍රී ලංකාවේ බහුලව වැළදෙන රෝග අතරින් 60% කට අධික ප්‍රමාණයක් බො‍් නොවන රෝග වන අතර ඊට හේතු වන ප්‍රධාන සාධක වන්නේ, අපිරිසිදුකම, සනීපාරක්ෂක ක්‍රම භාවිත නොකිරීම, මත්ද්‍රව්‍ය මත්කුඩු භාවිතය වැනි මිනිසා විසින් ම වළක්වාගත හැකි කරුණුවලින් වැළකී නොසිටීම යි. මෙවැනි රෝග වැළදුණු විට ඉන් ශාරීරික හා ආර්ථික වශයෙන් පීඩා විදින්නේ රෝගියා පමණක් නොව පවුලේ සියලු දෙනා ඇතුඵ නෑදෑ හිතමිතුරන් ය. රජය සෞඛ්‍යය සදහා වැය කරන අධික මුදල් සම්භාරයෙන් මෙවැනි රෝගීන් සදහා වැය කිරීමට සිදුවීමෙන් රෝගීයා, රෝගියාගේ නෑදෑ හිතමිතුරන් පමණක් නොව සමස්ත රටවැසියාට ම පීඩාකාරී වැය බරකි. සෞඛ්‍යය සදහා වාර්ෂිකව වැය කරන මුදල් ප්‍රමාණයෙන් බෝ නොවන රෝග අංශයට වැය කරන මුදල සමස්ත වැයෙන් අඩකටත් වඩා වැඩි ය.

නිවසේ මුඵතැන්ගෙය, ගෙවත්ත සෞඛ්‍ය හිතකාමී ලෙස පවත්වාගෙන යෑමෙන් පූර්ණ ආහාර වේලක් අනුභව කිරීමෙන් බෝ නොවන රෝග කීපයකින් වැළකී සිටිය හැකි නිසා ඒ පිළිබදව දැනුවත් කිරීමේ වැඩසටහනක් ධර්මවිජය පදනම මගින් ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කරගෙන යමින් සිටී.

ශ්‍රී පියරතන හි දහම් පාසල් දරුවන්ට පුහුණු කිරීමේ හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගින් හුරු කර, ඔවුන්ගේ මාර්ගයෙන් තම දෙමාපියන් උනන්දු කරවා සෑම නිවසක ම විධිමත් පිරිසිදු මුඵතැන්ගෙයක් පවත්වාගෙන යෑමත්, පිරිසිදු ගෙවත්තම නිවසේ පාවිච්චිය සදහා වස විසෙන් තොර එළවඵ වගා කිරීමත්, කාබනික පොහොර නිර්මාණය කිරීම පුහුණු කිරීමත් සමබර ආහාර වේලක් ආහාරවල පෝෂණ ගුණාංග නොනැසෙන සේ සකස් කර ගැනීමත්, මේ වැඩසටහන තුළට අයත් වේ. දිවයිනේ දහම් පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන් මගින් මෙම පණිවිඩය ගෙදරට ගෙන යෑම වැඩසටහනේ විශේෂත්වයකි.

විශේෂඥ වෛද්‍ය යසා සිරිවර්ධන මැතිනියගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන ක්‍රියාත්මක වේ.

2018.02.22 දින පැවති පුහුණුවෙන් පසු, එම තේමාවන් අලලා චිත්‍ර තරගයක් පවත්වා, එම ඇගයීමට භාජනය කිරීමෙන් පසු ත්‍යාග හා සහතික පත් ප්‍රදානය කිරීම 2018 දෙසැම්බර් 02 දා ශ්‍රී පියරතන දහම් පාසලේදී සිදු කරන ලදී.