වැඩසටහන්

dharmavijaya-foundation (4)

හොරොව්පතාන, මැකිච්ඡාව ශ්‍රී රාජ පුෂ්පාරාම විහාරස්ථානයෙහි පානීය ජලය පිරිසිදු කිරීමේ මධ්‍යස්ථානය ඉදිකිරීම ….

දිවයිනේ උග්‍ර ප්‍රශ්නයක්ව ඇතිව වකුගඩු රෝගයෙන් ජනතාව මුදවා ගැනීම සදහා ජලය පෙරා පිරිසිදු කර, පානීය ජලය සපයන මධ්‍යස්ථාන පිහිටුවීම ධර්මවිජය පදනමේ සමාජ සත්කාරක වැඩසටහනකි. දිවයිනේ විවිධ ප්‍රදේශවල මෙය සිදුවෙමින් පවතී.

තව දුරටත් »
dharmavijaya-foundation

සදමල්එළිය ගොවි පවුල් 20 ක් සදහා වගා ළිදක් ….

සදමල්එළිය ගොවි පවුල් 20 ක්  සදහා වර්ෂය පුරා වගා කටයුතු කරගෙන යෑම සදහා ජලය සපයා ගැනීමට වගා ළිදක් රු.294,500/-  කින් ඉදිකර ගොවීන්ට භාරදීම සිදුවිය. වගි ළිදෙන් ජලය සපයා වාර්ෂිකව ඔවුන්ගේ වගා කටයුතු කර ගැනීමෙන්, ආර්ථික ශක්තිය වර්ධනය සිදු කෙරේ.

තව දුරටත් »
dharmavijaya-foundation

අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ ස්වාමීන්ද්‍ර අනුස්මරණ පුස්තකාලයක් ….

යා/පුත්තූර් නැගෙනහිර ග්‍රාමයේ මඩිහේ පඤ්ඤාසීහ විද්‍යාලයේ ‍‍අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ ස්වාමීන්ද්‍ර අනුස්මරණ පුස්තකාලය සිසු අයිතියට පත් කළ වගයි. අපවත් වී වදාළ අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමියන් විසින් අරඹන ලද යාපනය/පුත්තූර් හි මඩිහේ පඤ්ඤාසීහ විද්‍යාලයට ‍2017.11.17 දිනට වසර පනහක් සම්පූර්ණ විය.

තව දුරටත් »

ව්‍යාපෘති