අරමුදල් වර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ….

posted in: Projects | 0

dharmavijaya-foundation
ධර්මවිජය පදනමේ පහත සදහන් කටයුතු සදහා ඔබටත් ආධාර කළ හැකිය.

අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහානාහිමියන් දැනට වසර 40 කට පෙර ආරම්භ කළ ධර්මවිජය පදනම ‍ මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු යන සංකල්පය මුල් කරගෙන බෞද්ධ සදාචාර සම්පන්න සමාජයක් ගොඩනැගිමේ කාර්යයේ යෙදී සිටි.

අපගේ කාර්යයන්ගෙන් බිදක්

ඒ සදහා මෙම පදනම ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය හා සදාචාර වර්ධනය යන අංශ හතර ය‍ටතේ මේ වනවිට විශාල සමාජ මෙහෙවරක් සිදුකර ඇත. දිවයින පුරා විසිරුණු විහාරස්ථාන 458 ක පිහිටුවා ඇති ධර්මවිජය සමාජ මුල්කරගෙන ප්‍රාදේශීය වශයෙන් කෙරෙන කටයුතුවලට අමතරව, බුද්ධාගම ආරක්ෂා කිරීම හා බෞද්ධ කටයුතුවලට අදාළ රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කිරීමේ කටයුතුවලට සහභාගි වීම, මත්වතුර භාවිතය අවම කිරීම, දුම්කොළ දුම්වැටි භාවිතය අවම කිරීම, බෝ නොවන රෝග වැළැක්වීම, නායකත්ව පුහුණුව, සියදිවි නසා ගැනීම් සදහා වූ සැනසිලිසුවය උ‍පදේශන සේවය, වකුගඩු රෝග නිවාරණය සදහා පිරිසිදු පානීය ජලය ලබාදීම, දීපව්‍යාප්ත අක්ෂි සායන, ග්‍රාමීය සංවර්ධනය යටතේ තෝරාගත් ගම්වල ජනතාව ආර්ථිකව සවිබල ගැන්වීම, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ශිෂ්‍යත්ව ආධාර ලබාදීම, දහම් පාසල් වර්ධනය, ගිලන් භික්ෂූන්ට උපකාර කිරීම, තරුණ තරුණියන්ට වෘත්තිය කුසලතාවන් ලබාදීම, බෞද්ධ සදාචාර වර්ධනය වැනි විශේෂ වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරයි.

අරමුදල් සපයා ගැනීම

විවිධ දානපතීන් පිහිටුවා ඇති භාරයන්ගෙන් ලැබෙන පොලී මුදල් දේශීයව හා විදේශීයව ලැබෙන පරිත්‍යාග ඉහත වැඩකටයුතු කරගෙන යෑම සදහා යෙදවේ. එහෙත් අප වෙත ගලා එන ඉල්ලීම් ප්‍රමාණය වැඩිවීමත් පොලී අනුපාත පහළ වැටීමත් නිසා ඉහත කටයුතු කාර්යක්ෂමව කරගෙන යෑමට අසීරු වී ඇත.

ඔබටත් දායක විය හැකි ක්‍රියාකාරකම්

ක්‍රියාකාරකම්

දළ වියදම (රු.)

ප්‍රතිලාභය

විශ්ව විද්‍යාල ශිෂ්‍යත්වයක් පිරිනැමීම සදහා

මසකට රු.2500/3000 බැගින් වසර 3, 4, 5 සදහා ත්‍රෛමාසිකව හෝ වාර්ෂිකව ගෙවිය හැකිය.

උසස් අධ්‍යාපනය ලැබීමට භාග්‍යමත් වුවත් ආර්ථික අගහිගකම් නිසා, අධ්‍යාපනය ගෙන යෑම අපහසු වී ඇති සිසුන්ට මූල්‍ය ආධාර දීම

වකුගඩු රෝගයෙන් ගලවා ගැනීම සදහා පවුල් දෙකකට ලීටර් 200 පානීය ජල ටැංකියක් හා අනිකුත් උපකරණ ලබාදීම

මෙයින් දහ දෙනෙකුගේ පමණ ජීවිත දරුණු වකුගඩු රෝගයෙන් ගලවා ගත හැකිය.

උසස් අධ්‍යාපනය ලැබීමට භාග්‍යමත් වුවත් ආර්ථික අගහිගකම් නිසා, අධ්‍යාපනය ගෙන යෑම අපහසු වී ඇති සිසුන්ට මූල්‍ය ආධාර දීම

දහම් පාසල් පුස්තකාලයක් සදහා පොත් හා කබඩ් එකක් ලබාදීම

රු.75,000/-
(කබඩ් එකක් රු.30.000/- හා ‍පොත් රු.45,000/-

වසරකට දහම් පාසලක දරු දැරියන් 100-200 ක ප්‍රමාණයක් යහමගට ගත හැකිය.

දහම් පාසලක් සදහා ඩෙස් බංකු කට්ටල 10 සදහා

රු.80,000/-

මෙයින් ළමුන් 50-60 ක පන්තියකට දහම් දැනුම දීමට පහසුකම් සැපයීමකි.

කොළකැද කට්ටලයක් ලබාදීම

රු.6,000/-

පාසලක ළමුන්300-400 ක් මන්දපෝෂණයෙන් ගලවා ගත හැකි ය.

දහම් පාසල් නි‍ර්දේශිත අතිරේක කියවීම් පොත් කට්ටලයක්

රු.5,000/-

දහම් පාසල් දරුවන්ගේ ධර්ම ඥානය වර්ධනයට උපකාර වන පුණ්‍ය කර්මයකි.

ප්‍රථමාධාර පෙට්ටියක් හා අත්‍යවශ්‍ය බෙහෙත් ලබාදීම

රු.5000/- සිට 7000/-

ක්ෂණික ප්‍රතිකාර ලබාදී (උදා. රෝගී තත්ත්වය මගහැර ගැනීම)

වෛද්‍ය සිසුන් සදහා වෛද්‍ය නලා

රු.15.000/-

බොහෝ වෛද්‍ය සිසුන් ආර්ථික අගහිගකම් නිසා මිලදී ගැනීමේ නොහැකියාවෙන් සිටී.

වෛද්‍ය සිසුන් සදහා පොත්

රු.6000/- සිට 10,000/- දක්වා (එක් පොතක්)

ඒ ඒ විෂයයන්ට අදාළ පොත්පත් නැතිව ආර්ථික පීඩනයෙන් සිටින වෛද්‍ය සිසුන්ට මහත් රුකුලකි. වසරකට සිසුවකුට මිලට ගත යුතු පොත්වල මුඵ වටිනාකම රු.50,000/- ක් පමණ වේ. ඥානය ලබාදීමට උපකාර කිරීම මහත්කුසලයකි.

පාසල් ශිෂ්‍යයින් සදහා පොත්

රු.1000/- සිට 3000/-

අගහිගතාව නිසා ද්විතීයික අධ්‍යාපනය ලබා ගැනීමට නොහැකි සිසුන් සදහා කරන පුණ්‍යකර්මයකි.

ඇස් කන්නාඩි යුවළක් සදහා

රු.2000/-

දෑස නොපෙනී ජීවත්වන අසරණයින්ගේ දෑස් පෑදීමකි. කැමති ප්‍රමාණයක් දිය හැකි ය.

තෝරා ගත් දිළිදු ගමක් ආර්ථික හා සමාජමය වශයෙන් සවිබල ගැන්වීම

වියදම රු. ලක්ෂ15-30 අතර වේ. (ඔබට කොටස්කරුවකු විය හැකිය.)

පවුල් 75-80 ආර්ථික වශයෙන් හා සාරධර්ම වැඩසටහන් මගින් සවිබල ගැන්වීමේ පූර්ණ වැඩසටහනකි.

දරුවන් බෞද්ධ සාරධර්මවලට අනුකූලව ජීවිතය ගොඩනගා ගැනීමට ආදර්ශය සපයන සිනමාරූපී CD තැටි නිර්මාණයකි.

එකකට වියදම රු.250.000/- කි.
ඔබට කොටස්කරුවකු විය හැකි ය.

නූතන සමාජ අභියෝග හමුවේ පරාජය වන දරු දැරියන් හා වැඩිහිටියනට බෞද්ධ ආචාර ධර්ම අනුව ජීවිතය හැඩගස්වා ගැනීමට උපදේශාත්මක නිර්මාණයකි.

(ඔබ ආධාර පිරිනමන අවස්ථාව වනවිට ඉහත වියදමේ සුඵ අඩු වැඩිවීම් සිදුවිය හැකි ය.)

මෙම ව්‍යාපෘති හා වැඩසටහන් පිළිබද විස්තර අප පදනමෙන් ලබාගත හැකි ය.

ඔබ පෞද්ගලිකව හෝ කණ්ඩායමක් ලෙස හො ඔබගේ ආයතනය වශයෙන් හෝ මෙම සද්කාර්යයන් සදහා අප හා එක්වීමෙන් එලොව මෙලොව දෙලොවට ම වැඩදායි සද්කාර්යයන්ට දායක විය හැකි ය.

සියලුම ගිණුම් වාර්ෂිකව විගණන සමාගමක් මගින් විගණනය කෙරේ. සියලු ගනුදෙනු පාරදෘෂ්‍යභාවයෙන් සිදුකෙරේ.

රජයේ හෝ පෞද්ගලික අංශයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගෙන් සමන්විත භාරකාර මණ්ඩලය ස්වේච්ඡාවෙන් තම කාලය හා ශ්‍රමය ලබාදෙමින් ධර්මවිජය පදනමේ පරිපාලනය හා අධීක්ෂණය සිදුවේ.

අප හා එක්වන ලෙස ඔබටත් කෙරෙන ආරාධනයයි මේ.