ධර්මවිජය පදනම ඔබ සාදරයෙන් පිළිගනී.

Madihe pannasiha nayaka tera copy-Dharmavijaya-Foundation-min
අමරපුර නිකායෙහි, අග්ගමහාපණ්ඩිත විද්‍යා විශාරද මහා මහෝපාධ්‍යාය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්ථවිරපාදයාණෝ ධර්මවිජය පදනමේ නිර්මාතෘවරයාණෝ වූහ. කෙටියෙන් කියතොත් ධර්මවිජය පදනම වෙනසක් සහිත සංවිධානයකි. එය හුදෙක් බෞද්ධ සංවිධානයක් නොවන අතර හුදු සමාජ සංවිධානයක් ද නොවේ.
“මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු” යන උදාර සංකල්පයෙන් අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නා හිමියන් 1977 නොවැම්බර් 15 දින ආරම්භ කරන ලද ධර්මවිජය පදනම 1979 අංක 62 දරණ පාර්ලිමේන්තු පනතින් සංස්ථාගත කරන ලදී. “සමවායො එව සාධු”, “සමගිය ම යහපති” යන්න අප පදනමේ තේමා පාඨය යි.
පුර්වෝක්ත අරමුණින් ආර්ථික, අධ්‍යාපන, සෞඛ්‍ය, සදාචාර යන සතරාකාර දියුණුව ඇති කර පන්සිල් හා සහජීවනය අගයන පූර්ණ සංවර්ධිත සමාජයක් බිහි කිරීමේ මෙහෙවර ප්‍රකාශය ගරු කරමින්, අප පදනම පසුගිය වසර 30 තුළ දීප ව්‍යාප්ත ස්වේච්ජාවෙන්, විශ්වාසනීයත්වය හා විනිවිදභාවය සුරැකෙන පරිදි ශ්‍රි ලාංකික සමාජයට සේවය කර ඇත.

දැක්ම

ධර්මවිජය පද‍නමේ දැක්ම නිවැරදි ඇගයීම් සහිත පන්සිල් සුරකින දැහැමි ශ්‍රී ලංකා සමාජයකි. සදාචාරාත්මක, යුක්තිගරුක, අවංක සමාජයකි. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණයෙන් සමන්විත සමාජයකි.

මෙහෙවර

ධර්මවිජය පදනමේ මෙහෙවර වන්නේ, එහි දර්ශනය සාක්ෂාත් කර ගැන්මට ධර්මවිජය සමාජ මගින් ජනතාවට උදව් කිරීම හා ජනතාව දිරි ගැන්වීම ය.

අරමුණ

ධර්මවිජය පදනමේ අරමුණ යුක්ති ගරුක සමාජයක් ඇති කිරිම යි. අවට ඇති පුදබිම් සමග යළිත් සම්බන්ධ වෙමින්, එම පුදබිම් නව සමාජයක පහන් කණු කර ගැන්ම යි. වඩා පැහැදිලිව කියතොත් අපේ අරමුණ, බෞද්ධ ප්‍රජාව බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් අනුව තම ජීවිත හැඩ ගස්වා ගන්නා තත්ත්වයකට ගෙනඒම යි.

අප වැඩ කරන අයුරු

dharmavijaya-board-meeting
සියලු තීරණ ගනු ලබන්නේ 30 දෙනෙකුගෙන් සමන්විත භාරකාර මණ්ඩලය විසිනි. ඒ සියලුදෙනා විවිධ වෘත්තීන් හි හසළ බුද්ධිමතුන් වෙති. පරිපාලන, ඉංජිනේරු, වෛද්‍ය, අධ්‍යාපන, සමාගම් අධ්‍යක්ෂ, ගණකාධිකාරි, නීති යන ක්ෂේත්‍රයන්හි සේවයේ නියුක්තව සිට, භාරකාර මණ්ඩලයට බැදී සේවය කරති. එම සේවය ස්වේච්ඡාවෙනි. භාරකාර මණ්ඩලය හැම බ්‍රහස්පතින්දාවක ම සවස 5.00 ට පදනම් මූලස්ථානයේ දී රැස් වෙයි. සියලු තීරණයනට එළඹෙන්නේ පොදු එකගතාවයෙනි. යි.

ධර්මවිජය පදනම : භාරකාර මණ්ඩලය - 2562 (2018)

dharmavijaya-foundation-member

ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත පූජ්‍ය හක්මන සුමනසිරි ස්වාමීන් වහන්සේ

ගරු අනුශාසක

dharmavijaya-foundation-member

ශාස්ත්‍රපති පූජ්‍ය සිරි වජිරාරාමයේ ඤාණසීහ ස්වාමීන් වහන්සේ

ගරු අනුශාසක

Mr.Sumedha Amerasinghe
  1. සුමේධ අමරසිංහ මහතා

සභාපති-ධවිප, වරලත් ගණකාධිකාරි, සභාපති-කොළඹ තරුණ බෞද්ධ සංගමය, නාවල තරුණ බෞද්ධ සමිතිය, භාණ්ඩාගාරික-මහවැලි සංස්කෘතික පදනම, සාම විනිසුරු

dharmavijaya-foundation-member-8

2. ජේ.පී.කන්නන්ගර මහතා 

උපසභාපති-ධවිප, ඉංජිනේරු (යාන්ත්‍රික) සෞඛ්‍ය හා වෛද්‍ය දෙපාර්තමේන්තුව ඩුබායි(වි), යාන්ත්‍රික ඉංජිනේරු – ජාතික කිරි මණ්ඩලය (වි)

3. එන්.බී.ජී.නානායක්කාර මහතා 

උපසභාපති-ධවිප, වරලත් ගණකාධිකාරි

Dr.Nalin Gunasinghe

4. වෛද්‍ය නලින් ගුණසිංහ මහතා 

උපසභාපති-ධවිප, විශේෂඥ අක්ෂි වෛද්‍ය

dharmavijaya-foundation-member-2

5. එච්.බි.ප්‍රේමරත්න මහතා 

ලේකම්-ධවිප, විගණන අධිකාරි-රාජ්‍ය විගණකාධිපති දෙපාර්තමේන්තුව (වි)

Pushpa Karunaratne

6. පුෂ්පා කරුණාරත්න මහත්මිය 

නියෝජ්‍ය ලේකම්-ධවිප, ගණකාධිකාරිනි-මියුසියස් විද්‍යාලය, කොළඹ 07 (වි)

dharmavijaya-foundation-member-6

7. සරත් ධර්මවර්ධන මහතා 

භාණ්ඩාගාරික-ධවිප, සහකාර සාමාන්‍යාධිකාරි-ලංකා බැංකුව (වි)

dharmavijaya-foundation-member-7

8. කරු හීනටිගල මහතා 

නියෝජ්‍ය භාණ්ඩාගාරික-ධවිප, විධායක බැංකු නිලධාරි (වි)

dharmavijaya-foundation-member-10

9. ඩි.ජි.දයාරත්න මහතා 

අභ්‍යන්තර විගණක-ධවිප, උපසභාපති-වෘත්තීය පුහුණු අධිකාරිය (වි), අතිරේක සාමාන්‍යාධිකාරි-සතොස, පාලක සභික-වෘත්තිය තාක්ෂණ විශ්ව විද්‍යාලය, රත්මලාන (වි)

Dr.Yasa

10. වෛද්‍ය යසා සිරිවර්ධන මහත්මිය 

භාරකාර සභිකා-ධවිප, සෞඛ්‍ය අධ්‍යාපන හා ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ, වෛද්‍ය අධ්‍යක්ෂිකා-මෙඩිකෝල්ස් පුද්ගලික සමාගම

Badha Gunatilake

11. භද්‍රා ගුණතිලක මහත්මිය 

භාරකාර සභිකා-ධවිප, මාධ්‍යවේදිනි, විශ්‍රාමික ගුරු

dharmavijaya-foundation-member-1

12. එස්.ඩි.ලියනගේ මහතා

භාරකාර සභික-ධවිප, කළමනාකාර අධ්‍යක්ෂක-සීමාසහිත යුනයිටඩ් මෝටර්ස් සමාගම (වි), කළමනාකාර අධ්‍යක්ෂක – ලංකා ට්‍රැක්ටර්ස් සමාගම (වි)

dharmavijaya-foundation-member-3

13. කාන්ති පෙරේරා මහත්මිය

භාරකාර සභිකා-ධවිප, පෙර පාසල් ගුරු

14. සවන්ති බක්මීවැව මහත්මිය

භාරකාර සභිකා-ධවිප, නීතිඥ, සමාගම් අධ්‍යක්ෂිකා

dharmavijaya-foundation-member-5

15. ජී.ඩී.සිරිල් ගුණපාල මහතා

භාරකාර සභික-ධවිප, අමාත්‍යංශ ලේකම් (වි), සංස්ථා සභාපති (වි), ජනාධිපති උපදේශක (වි) තානාපති සේවය(වි) (ශ්‍රී ලං. ක්‍ර. සේ.)

16. ප්‍රේමරත්න ඉලංපෙරුම මහතා

භාරකාර සභික-ධවිප, උපදේශක ඉංජිනේරු (වි), ජාතික රෝහල් කමිටු සාමාජික, ත්‍රෛභාෂා සාමවිනිසුරු 

dharmavijaya-foundation-member-4

17. එම්.ඩී.ඩබ්.ආරියවංශ මහතා

භාරකාර සභික-ධවිප, ජනාධිපති අතිරේක ලේකම් (වි), හිටපු රාජ්‍ය සේවා කොමිසම් සාමාජික ශ්‍රී ලංකා ක්‍ර සේ  1

dharmavijaya-foundation-member-9

18. යසපාල නානායක්කාර මහතා

භාරකාර සභික-ධවිප, කළමනාකරණ උපදේශක

dharmavijaya-board-member-19

19. සරත් අමරකෝන් මහතා

භාරකාර සභික-ධවිප, උපදේශක-පිරිස් හා කළමනාකරණය

20. නීඩ්‍රා අමරසිංහ මහත්මිය

භාරකාර සභික-ධවිප, පිහිනුම් උපදේශිකා

dharmavijaya-board-member-

21. බර්නාඩ් කුලතිලක මහතා

භාරකාර සභික-ධවිප, ඉංජිනේරු (වි)

22. තිලකරත්න ඒකනායක මහතා

භාරකාර සභික-ධවිප, ව්‍යාපෘති හා ශුද්‍ර මූල්‍ය උපදේශක

Mutu Banda Ratnayake

23. ආර්.එම්.මුතු බණ්ඩා රත්නායක මහතා

භාරකාර සභික-ධවිප, නීතිඥ

dharmavijaya-board-member

24. බී.ඩබ්.ඊ.වික්‍රමනායක මහතා

භාරකාර සභික-ධවිප, මහාචාර්ය – ආසියානු තාක්ෂණික ආයතනය, තායිලන්තය (වි)

25. ලක්ෂ්මන් මහානාම මහතා

භාරකාර සභික-ධවිප, සභාපති, සාමය හා දයාව සංවිධානය

dharmavijaya-board-member

26. එදිරිසිංහ කරුණාරත්න මහතා

භාරකාර සභික-ධවිප, වරලත් කළමනාකරණ ගණකාධිකාරි, බැංකු විධායක නිලධාරි (වි)

යාවජීව සාමාජික

1. දේශමාන්‍ය නිශ්ශංක විජේවර්ධන මහතා

ලං.ප.පා.සේ. (වි), හිටපු සභාපති – ජනශක්ති රක්ෂණ සමාගම

2. කරුණා ද සිල්වා මහත්මිය

සමාගම් අධ්‍යක්ෂිකා (වි)

3. වෛද්‍ය සිරිමා ගුණසිංහ මහත්මිය

අක්ෂි වෛද්‍ය

4. එන්.ටී.විජිතානන්ද මහතා

සාමාන්‍යාධිකාරි-මහජන බැංකුව (වි)

5. අයි.පී.ගුණවර්ධන මහතා

සමාගම් අධ්‍යක්ෂක

6. මේජර් ජනරාල් ජාලිය නම්මුනි මහතා

මේජර් ජනරාල්, ශ්‍රී ලංකා යුද හමුදාව (වි)

7. රංජිත් සොයිසා මහතා

සමාගම් අධ්‍යක්ෂක (වි), සාමාජික – ස්පර් සංවිධානය, ඕස්ට්‍රේලියාව

8. සේනක සමරසිංහ මහතා

ක්‍රියාකාරි අධ්‍යක්ෂක-ශ්‍රී ලංකා පරිසරවේදී වෘත්තිකයන්ගේ සංගමය

9. දිනිල් ප්‍රේමරත්න මහතා

හිටපු ප්‍රධාන ලේකම්-ධවිප, සමාගම් අධ්‍යක්ෂක