Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

නැවුම් පුවත්
ඔබේ අවධානය සදහා
ධර්මවිජය පදනමින් ශිෂ්‍යත්ව ආධාර ලබන වෛද්‍ය ශිෂ්‍යාවන් දෙදෙනෙකුට වෛද්‍ය නලා (Stethoscope) දෙකක් වහාම අවශ්‍යව ඇත. විමසිම් : 011-2698870
 ධර්මවිජය පදනම - ඔබ සාදරයෙන් පිළිගනී.
අමරපුර නිකායෙහි, අතිපුජ්‍ය අග්ගමහාපණ්ඩිත විද්‍යා විශාරද මහා මහෝපාඨ්‍යාය මඩිහේ පඤ්ඤාසීහ මහනායක ස්ථවිරපාදයාණෝ ධර්මවිජය පදනමේ නිර්මාතෘවරයාණෝ වුහ.කෙටියෙන් කියතොත් ධර්මවිජය පදනම වෙනසක් සහිත සංවිධානයකි. එය හුදෙක් බෞද්ධ සංවිධානයක් නොවන අතර හුදු සමාජ සංවිධානයක් ද නොවේ.එය සිය අරමුණ කරගෙන සිටින්නේ කායික හා මානසික වශයෙන් මිනිසාගේ...
 අප වැඩ කරන අයුරු
සියඵ තීරණ ගනු ලබන්නේ 30 දෙනෙකුගෙන් සමන්විත භාරකාර මණ්ඩලය විසිනි. ඵ් සියඵ දෙනා විවිධ වෘත්තීන් හි හසළ බුද්ධිමතුන් වෙති. පරිපාලන, ඉංජිනේරු, වෛද්‍ය, අධ්‍යාපන, සමාගම් අධ්‍යක්ෂ, ගණකාධිකාරි, නීති යන ක්ෂේත‍්‍රයන් හි සේවයේ නියුක්තව සිට, භාරකාර මණ්ඩලයට බැඳී සේවය කරති. එම සේවය ස්වේච්ඡාවෙනි.සතියේ හැම බ‍්‍රහස්පතින්දාවක ම සවස 5.00 සිට ( භාරකාර මණ්ඩලය ) පදනම් මූලස්ථානයේ දී රැස් වෙයි. සියඵ තීරණයනට එළඹෙන්නේ පොදු එකඟතාවයෙනි...
 අප සමාජ සත්කාරක ක‍්‍රියා වෙත එළඹෙන්නේ කෙසේ ද?
ධර්මවිජය පදනම සමාජ සත්කාරක කාර්යයන් වෙත එළඹෙන්නේ ධර්මවිජය සමාජ මගිනි. ගණනින් 450 ක් වන මෙම සමාජ දිවයිනේ දිස්ත‍්‍රික්ක 19 ක් පුරා විසිර පවතී....
 ධර්මවිජය පදනම මඟින් කි‍්‍රයාත්මක වැඩසටහන්
මෙම සත්කාරයන්ට දායක වු ත්‍යාගශීලීන් මහත් වු කුශලයක් සිදු කර ගන්නා ලදී. එම කුශලයෙන් භවයෙන් භවය ඔවුන්ගේ ජිවිත ආලෝකමත් වේවායි පතමු.ඔබත් මෙවැනි සත්කාරයකට දායකවීමට කැමති නම් ධර්මවිජය පදනම හා එක්වන්න.
 අපගේ වැඩසටහන් සමඟ සම්බන්ධ වීම සඳහා
ඔබත් මෙවැනි නිම්හිම් නැති උතුම් පුණ්‍යකර්මයන්ට දායක කර ගැනීමට ධර්මවිජය පදනම සැදී පැහැදී සිටී.
ධර්මවිජය පදනමේ නිශ්චිත ක‍්‍රියාකාරිත්වයකට මුදලින් හෝ ද්‍රව්‍යමය වශයෙන් හෝ ආධාර කිරිමටද ඔබට පුඵවන.ඒ සදහා ධර්මවිජය පදනම සමග ඔබේ නමින් හෝ ඔබ අනුස්මරණය කරන්නට කැමති කෙනෙකුගේ නමින්, දායක විය හැකි ය.
අන්තර්ජාතික චෙක්පත් / බැංකු අණකර සහ මුදල් ඇණවුම් මගින් ධර්මවිජය පදනමට කෙළින්ම මුදල් ආධාර එවිය හැකි ය.